Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පසුගියදා තායිලන්තයේ පැවැති ‘Mister Globle -2017’ තරගාවලියේ Best National Costumes ශූරතාව හිමි වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගයට ඉදිරිපත් වූ මෙනුක අල්විස්ටයි. කඩවසම් රුවක් ඇතිව නිරූපණ ක්‍ෂේත්‍රයේ දිගු ගමනක් යාමට සැරසෙන මෙනුක මේ වන විට ගීත රූප රචනා දෙකකටද රංගනයෙන් දායක වී තිබෙනවා. නමුත් ඒ  ගීත රචනා දෙකම මෙරට ආන්දෝලනයට ලක්වූ ඒවා. 
 
‘Mister Globle -2017’ තරගයෙන් ලැබූ ජයග්‍රහණය ගැන මොකද හිතන්නේ?
ගොඩක් සතුටුයි. රටවල් 34ක් මේ තරගයට සහභාගි වුණා. “මුරගල” සංකේතවත් කරමින් අමිල උදය පෙරේරා නිර්මාණය කළ ඇඳුම තමයි මම එහිදී ඉදිරිපත් කළේ. එයට ජයග්‍රහණය හිමිවුණා.
 
මෙනුක මින් පෙර මෙවැනි තරගාවලින් ජය ලබලා තිබෙනවාද?
මීට කලින් මම Mister Sri Lanka 2016 තරගයට ඉදිරිපත් වෙලා අවසන් 5 දෙනා අතරට ආවා. ඒ වගේම “Colombo Fashion”ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ ශ්‍රී ලාංකීය ශිල්පීන් 8 දෙනාගෙන් කෙනෙකු වූයේ මම. අනෙක් සියලුදෙනාම ඉන්දියානු ශිල්පීන්.
 
මෙනුකගේ පෞද්ගලික ජීවිතයේ විස්තර ටිකක් කතා කළොත්?
දැනට මම “ඉන්ස්ටියුට් ඔෆ් චාටඩ් එකවුන්ටන් ශ්‍රී ලංකා” ආයතනයේ සේවය කරනවා. මගේ ගම ගාල්ල. ඉගෙන ගත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයෙන්. නිරූපණ ක්‍ෂේත්‍රයේ මගේ ගුරුවරිය රොසෑන් ඩයස්. ‘Mister Globle -2017’ තරගයට මාව යොමු කළේ සමීර වීරසිංහ. බ්‍රයන් කකෝවන් සහ මයිකල් විජේසූරියත් මම මේ මොහොතේ සිහිපත් කරනවා.
 
නිරූපණ ශිල්පියකුට අමතරව මෙනුක දැන් නළුවෙක්. එහෙම නේද?
ඔව්. මේ වෙද්දී මම ගීත රූප රචනා දෙකක රඟපාලා තියෙනවා. ඉදිරියේදී චිත්‍රපටයක රඟපෑමටත් සූදානමින් ඉන්නවා. 
 
ඕෂධි හිමාෂා සමග “ආශාවරි” ගීත රූප රචනයෙත් ටීනා සමග “වෙන්න තියෙන” ගීත රූප රචනයෙත් ඔබ කළ ශෘංගාරාත්මක රංගනයන් ආන්දෝලනයට ලක්වුණා.
ඒ ගැන විවිධ අය විවිධ මත පළ කළා. මුලදී මගේ තාත්තත් ඇහුවා මේ වගේ දේකට ඉදිරිපත් වුණේ ඇයි කියලා. යාළුවොත් විවිධ අදහස් පළ කළා. ඒ හැමෝටම මම තේරුම් කළා මේක රංගනයක් බව. රංගනයේදී අපිට අනවශ්‍ය සීමා පනවාගන්න බැහැනේ.
 
ඒ කියන්නේ චිත්‍රපටයක නිරුවත් හෝ ලිංගික දර්ශනයකට වුවත් මෙනුක ඉදිරිපත් වෙනවා.
නිර්මාණය ගැන හිතලා මගේ චරිතය ගැන බලලා, අධ්‍යක්ෂවරයා එක්ක කතාබහ කරලා ශ්‍රී ලංකාවේ සංස්කෘතික සීමාවන් තුළ ඉඳගෙන තමයි කරන දෙයක් කරන්නේ.
 
චන්ද්‍රලතා තන්ත්‍රීගේ

පසුගියදා ස්පාඤ්ඤයේ පැවැති “ඉන්ටර් නැෂනල් බෙස්ට් ෆීමේල් මොඩල් වර්ල්ඩ් - 2017” තරගයේ කිරුළ ශ්‍රී ලංකාවට හිමිකර දුන්නේ රටවල් 20ක නිරූපිකාවන් පරදවමින්. මේ වන විටත් නිරූපණයෙන් රංගනයට පිවිස සිටින චුලක්ෂි මේ අන්ත දෙකේම දස්කම් පාන සුරූපිනියක්. 
 
චුලක්ෂි ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරග දෙකකට ඉදිරිපත් වෙලා ඒ දෙකෙහිම කිරුළු දැරුවා. එහෙම නේද?
ඔව්. මම 2014දී මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වෙලා කිරුළ හිමිකර ගත්තා. 2017දී ඉන්ටර් නැෂනල් බෙස්ට් ෆීමේල් මොඩ්ල් වර්ල්ඩ් 2017 තරගයට ඉදිරිපත් වෙලා ජාත්‍යන්තර ජයකුත් හිමිකර ගත්තා.
 
නිරූපණයට අවස්ථාව හිමිවුණෙත් රූපයෙන් ලැබූ ජයග්‍රහණයක් නිසා නේද?
ඔව්. 2012දී ලක් රුවැත්ති තරගයෙන් දිනලා තමයි මට නිරූපණයට අවස්ථාව ලැබුණේ.
 
නිරූපණයෙන් රංගනයට පිවිසුණේ කොහොමද?
ඒ පසුගිය අවුරුද්දේ. මගේ ප්‍රථම චිත්‍රපටය තමයි දේදුනු ආකාසේ. මට එහිදී රඟපාන්න තිබුණේ හේමාල් රණසිංහ එක්ක. ළඟදීම එය තිරගත වේවී. 
 
රඟපෑම එතැනින් නතර කළාද?
නැහැ. නැහැ. දිගටම රඟපානවා. ඒත් මම ටෙලිනාට්‍ය ගැන ලොකු උනන්දුවක් නැහැ. මට අවශ්‍ය සිනමා තාරකාවක් වෙන්නයි. හොඳ චිත්‍රපට ලැබුණොත් රඟපානවා.
 
නිරූපණයටයි රඟපෑමටයි යොමු වීම පුංචි කා‍ලේ ඉඳන් මැවූ හීනයක්ද?
මම පාසල් යන කා‍ලේ යොමුවෙලා හිටියේ පැසිපන්දු ක්‍රීඩාවට. පාසල් යන කා‍ලේ මම ජාතික පැසි පන්දු පාසල් ක්‍රීඩා කණ්ඩායමට පවා තේරිලා හිටියා. ඒ කා‍ලේ මම හීන මැව්වේ ඒ තුළින් ඉදිරියට යන්න.
 
ඒ හීනය බිඳිලා ගිහින් ඔබ වෙනස් මගකට යොමුවුණේ කොහොමද?
මගේ අයියා රුසිරු රණතුංග, ජනප්‍රිය පැසිපන්දු ක්‍රීඩකයෙක්. ඔහු නිසා තමයි මමත් පැසිපන්දු ක්‍රීඩාවට යොමුවුණේ. ටික  කාලෙකට අයියා විදෙස් ගත වුණා. මම නිරූපණයට යොමු වුණා. නිරූපණයයි ක්‍රීඩාවයි දෙකක් එකට පවත්වාගෙන යාම අසීරුයි. ඉතින් ක්‍රීඩාවෙන් බැහැරවෙලා නිරූපණයයි, රංගනයයි සඳහාම යොමුවුණා. දැන් බලා‍පොරොත්තුව ඒ තුළින් ඉදිරියට යන එක. මගේ ඒ ගමනට උදව් කළ රොසෑන් ඩයස්, බ්‍රයන් කකෝවක්, සේනක ද සිල්වා වගේම, මෙම තරගයේදී උදව් කළ කමිල්වත් මම ආදරයෙන් සිහිපත් කරන්න කැමැතියි.
 
චුලක්ෂිගේ සාමාන්‍ය තොරතුරු දැනගන්නත් රසික පිරිස කැමැති වේවි?
මගේ ගම නිට්ටඹුව. ඉගෙනගත්තේ කුරුණෑගල මලියදේව විදුහ‍ලේ. දැනට වෘත්තිය වශයෙන් නිරූපණ ක්‍ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා.
 
චුලක්ෂිගේ ආදරවන්තයා ගැන කියන්නේ නැද්ද?
ආදරය ගැන විතරක් කතා නොකර ඉමු.
 
චන්ද්‍රලතා තන්ත්‍රීගේ

පහුගිය කාලය පුරාම රට පුරා විසිරී සිටින බොහෝ අයට ඩෙංගු රෝගයේ අනර්ථකාරී ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදුවුණා. ඒ අතර අපේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය නළු නිළි දෙදෙනකුටත් ඩෙංගු මදුරුවාගෙන් ගැළවෙන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ තමයි හර්ෂණ බෙත්මගේ සහ වොල්ගා කල්පනී 
 
හර්ෂණටයි වොල්ගටයි ඩෙංගු රෝගය වැළඳුණා කියල අපිට දැන ගන්න ලැබුණා. 
ඔව්. අපි දෙන්නටම එක සැරේ ඩෙංගු හැදුණා. මේ දවස්වල විවේකී සුවයෙන් ඉන්නවා. 
 
කවදාද මූලික රෝග ලක්ෂණ මතු වුණේ? 
මුලින්ම රෝගය වැළඳුනේ වොල්ගට. ඊට පස්සේ තමයි මට හැදුණේ. පහුගිය 17 වැනිදා තමයි මුලින් රෝග ලක්ෂණ වැඩි වෙලා වොල්ගාව රෝහල් ගත කළේ. 
 
ඒ වෙද්දී හර්ෂණයි වොල්ගයි හිටියේ කොළඹින් බැහැරව නේද? 
ඔව්. ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ අධ්‍යක්ෂණය කරන නවතම ටෙලිනාට්‍ය රූගත කිරීම්වලට අපි මහව ගිහින් හිටියේ. අපි දෙන්නා එකට ටෙලි නාට්‍ය කිහිපයකම රඟපෑවට පෙම්වතුන් විදියට රඟපෑ අවස්ථා අඩුයි. සුජාතා ටෙලි නාට්‍යයෙන් පස්සේ අපි පෙම්වතුන් විදියට රඟපාන්නේ මේ ටෙලි නාට්‍යයේ. 
 
රූගත කිරීම් අතරතුරද රෝගීිි තත්ත්වය ඇති වුණේ? 
ඔව්. රෝගීි තත්ත්වය ඇතිවෙලා 17 වැනිදා ‍පොල්පිතිගම රෝහලට අරගෙන ගියා. ඉන්පසුව එදාම කොළඹට ගෙනැත් රාගම පෞද්ගලික රෝහලක නතර කළා. ඊට පස්සේ කරපු ‍ලේ පරීක්ෂණවලින් තමයි දැන ගත්තේ ඩෙංගු හැදිලා තියෙන බව. ඔල්ගාව රාගම පෞද්ගලික රෝහලක නතර කළා. 
 
හර්ෂණ අසනීප වුණේ ඉන් පසුවද?
ඔව්, වොල්ගාව රෝහල් ගත කරලා එයාගෙ තනියට ළඟින්ම හිටියේ මම. ඔය අතරේ මටත් උණ හැදුණා. ‍ලේ පරීක්ෂණයක් කළාට පස්සේ තමයි දැන ගත්තේ මටත් හැදිලා තියෙන්නේ ඩෙංගු බව. 19 වැනිදා මමත් ඒ රෝහ‍ලේම රෝහල් ගත වුණා. 
 
දැන් දෙන්නටම සනීපද?
බොහෝ දුරට සුවයි. වෛද්‍ය උපදෙස් අනුව අපිට නියම කළ ආහාර වට්ටෝරු අරගෙන විවේකී සුවයෙන් ගෙදරට වෙලා ඉන්නවා. 
 
ආරියවංශ කුලතිලක

කටේ කිරි සුවඳ යද්දිම ගායනයට පිවිසිලා රටේම ජනප්‍රිය තරුවක් වූ චම්පා කල්හාරි ජයසේකර ජනප්‍රියත්වය වගේම සිය සංගීත ඥානයත් මුවහත් කරගන්නට නිබඳව කැපවූ ගායිකාවක්. ඒ නිසාම තමයි අද වනවිට ඇය සංගීත් නිපුන් චම්පා කල්හාරි නමින් හඳුන්වන්නේ. කලකට පසුව ඇය මාධ්‍යයක් ඉදිරියට එන්නේ ‘රිද්ම’ හරහායි.
 
කිසි සද්දයක් නැති හින්දා ආදරණීය ‘රිද්ම’ පාඨකයන් වෙනුවෙන් අපි ඔබව සොයාගෙන ආවේ. චම්පා කල්හාරි නිහඬ වෙලාද? මොකක්ද මේ නිහඬතාවයට හේතුව?
ඔය ප්‍රශ්නය මගෙන් ගොඩක් අය අහනවා. මම කාලයක් මගේ අධ්‍යාපන කටයුතු හින්දා මාධ්‍යයෙන් දුරස්වී සිටියා. ඒවගේම වසර කිහිපයක් ගුවන් තොටු‍පොළ හා ගුවන් සේවා සමාගමේ මාධ්‍ය හා ප්‍රචාරණ නිලධාරිනිය ලෙසටත් කටයුතු කළා. ඔය කරුණු හින්දා තමයි මගේ නිහඬ බවක් පෙනෙන්නේ.
 
ඔබේ අලුත් නිර්මාණ අහන්නට නොලැබිමත් නිහඬ බව දැනෙන්නට එක් හේතුවක්.
අවුරුදු තුනකට විතර පස්සේ ‘යමුනා නදී’ කියලා ගීතයක් කළා. ඊට කලින් කරන ලද ගීත නිර්මාණ කිහිපයක් තිබුණත් අද මේ පවතින රටාව තුළ ඒවා ජනගත කරන්න මම උත්සාහ කළේ නැහැ. 
 
චම්පා කියන්නේ අද පවතින රටාව තුළ ගීතයක් වුණත් ජනප්‍රිය කරවන්න වෙහෙසක් දැරිය යුතු බවද?
ඇත්තටම ඔව්. අද ගීතයක් කළොත් මියුසික් වීඩියෝ එකක් කරන්නම වෙනවා. ඊට අමතරව නාලිකාවල ගීත ප්‍රචාරය කරවන්න විවිධ ක්‍රමවේද තියෙනවා. මම හිතන්නේ ලංකාවේ ඉන්න කම්මැලිම ගායිකාව මම වෙන්න ඇති. මම ගීතයක් කළාට පස්සේ එය ජනප්‍රිය කරවන්න අනවශ්‍ය වෙහෙසක් දරන්න කැමැති නැහැ. ප්‍රසංග වේදිකාවට ගියත් ජනප්‍රිය හින්දි ගීතයක් ගායනා කරනවා. එතැනදීත් මගේ ගීතයක් ගයන්නේ නැහැ. ඔන්න ඔය හේතු නිසා ප්‍රේක්ෂකයින්ට දැනෙනවා ඇති මම අවුරුදු ගණනාවකින් ගීතයක් කළේ නැහැ කියලා.
 
ඔබ පුංචිම වයසෙදි රටේම ජනප්‍රිය තරුවක් වුණා. අද ඒ ජනප්‍රියත්වය ඒ විදියටම නැතිවීම ගැන දුකක් නැද්ද?
මම ඉපදුණේ 1974. හා හා පුරා ගුවන්විදුලියේ ගී ගයන්න ආවේ 1980දි. 1986 වෙද්දි මම ගොඩක් ජනප්‍රියයි. මම වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් විදෙස් ගතවුණේ ජනප්‍රියත්වයේ ඉහළම තැනක ඉන්නකොට. ආයෙම ලංකාවට එද්දි හැමෝටම මාව අමතක වෙලා ඇති කියලා මම හිතුවා. ඒත් මම ආයෙම ලංකාවට ආපුහැටියේ ප්‍රසංගවලට ආරාධනා ලැබුණා. අදත් මිනිස්සු මාව දන්නවා. ප්‍රසංග වේදිකාව තුළ මම ඉන්නවා. එදා තිබූ ජනප්‍රියත්වය ආයෙම ඒ විදියටම ලබන්න ඕන කියන අදහසක් මා තුළ නැහැ. මට අවශ්‍ය මගේ සංගීත පංති කරගෙන, අධ්‍යාපන කටයුතු කරගෙන පුතත් එක්ක මේ ගෙවන නිහඬ ජීවිතය ගෙන යන්නයි. එහෙම නැතුව ජනප්‍රිය වෙන්න නොවෙයි. 
 
චම්පා කල්හාරිගේ පුතා ගැන දැනගන්නත් ඔබේ රසික පිරිස කැමැති ඇති.
මගේ පුතා නිශ්චල් නිශ්භාෂී ජයසේකර. මේ වෙනකොට ලයිසියම් ජාත්‍යන්තර පාස‍ලේ 8වන ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. මේ වෙද්දිත් එයා සංගීත විශාරද විභාගය අවසන් කරලයි තියෙන්නේ. ඒත් පුතා සංගීතයට යොමුවෙන එකක් නැහැ. පුතා කලාවට යොමුවන්න වැඩි කැමැත්තක් නැහැ. කවදහරි එයා කැමැති ක්‍ෂේත්‍රයකින් ඉදිරියට යන්න මම සහය දෙනවා. මගේ ජීවිතයම පුතා තමයි. එයාගේ මුළු ජීවිතේත් මම. පුතා යාළු මිත්‍රයෝ වටකරගෙන ඉන්න දඟකාර චරිතයක් ‍නෙවෙයි. නිතර මගේ වටේ දැවටිලා ඉන්න කැමැති දරුවෙක්.
 
ආරියවංශ කුලතිලක
 
ඡායා - මංජුල පෙරේරා

කඩවසම් රුවක් සුමධුර හඬක් රංගන කුසලතාවක් සේම මනා වූ නර්තන කුසලතාවක් උපතින්  උරුම කරගත්  ඔහු අද වනවිට සිය ප්‍රථම රංගනය තුළින්   මෙරට සිටින ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවන් අතරට එක්ව සිටියි. රවීන් කණිෂ්ක නම් වූ ඔහු දෙරණ නාලිකාව තුළින් විකාශය වූ ‘දෙරණ ස්ටාර්  සිටි දෙවැනි අදියරේ අවසන් මහ තරගයේ කිරුළ දිනූ ගීතා කුමාරසිංහ ප්‍රමුඛ’ ‘කණ්ඩායම නියෝජනය කරමින් තරගයට එක්විය. එම තරගාවලියේ ප්‍රථම  අදියරේ ජයග්‍රාහී කණ්ඩායම වූ දුලීකා මාරපන ප්‍රමුඛ ‘සුපර් ගැංග්සටන්’ කණ්ඩායමේද සාමාජිකත්වය දැරූ රවීන් අදියර දෙකේම කිරුළ දිනූ කණ්ඩායම් දෙකෙහිම සාමාජිකත්වය දැරූ එකම තරගකරුවා වීමද විශේෂය.
 
දෙවැනි වතාවටත් දෙරණ ස්ටාර් සිටි ජයග්‍රහණය හිමිකර ගත්තේ ඔබ සාමාජිකත්වය දැරූ කණ්ඩායම. රෝයල් ෆයිටර් ඒ ගැන මොකද හිතන්නේ?
ගොඩක් සතුටුයි. ඒ වගේම අපි මේ තරගය වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කළා. ඒ කැපවීම්වල ප්‍රතිඵලය තමයි මේ හිමි වුණේ.
 
ඔබේ කණ්ඩායම් නායිකා ගීතා කුමාරසිංහ සමග කටයුතු කිරීම කෙබඳු අත්දැකීමක්ද..?
ප්‍රවීණ කලාකාරියක් සමග කටයුතු කිරීමට ලැබිම ගැන සතුටුයි.
 
මෙවර තරගය ගැන රවීන්ට මොකද හිතෙන්නේ..?
ගිය වතාවේ තරම් තෘප්තියක් නම් නැහැ.
 
ඇයි ඒ..?
ගිය වතාවේ අපිට අපේ දක්ෂතා ගොඩක් එළියට දාන්න පුළුවන් වුණා. ඒත් මේ අවස්ථාවේ  එහෙම වුණේ නෑ. මීට වඩා දේ අපට කරන්න තිබුණා.
 
ගියවර කණ්ඩායම් නායිකාව වූයේ දුලීකා මාරපන
අපි රූපවාහිනියේ දකින දුලීකා අක්කාම තමයි සැබෑ ජීවිතයේත් ඉන්නේ. නිතරම හිනාවෙලා විහිළු කරලා ඉන්නේ. එදා තරගය සමග අපි අතර ඇති වූ මිත්‍රත්වය තවමත් තියෙනවා.
 
මෙවර තරග වදින විට සිදු වූ අමතක නොවන අත්දැකීම් මොනවාද..?
එකවතාවක අපි කාලි නර්තනයක් ඉදිරිපත්  කළා. නර්තන පුහුණුව අතර මම වැටිලා කකුල ආබාධයට ලක් වුණා. ඒත් මම නොන්ඩි ගසමින් හරි නැටුවා. තවමත් අඩිය කියනකොට ඒ කකුල රිදෙනවා.
 
ගියවර තරගය අතරතුර රවීන් හඬා වැටුණු අවස්ථාව ගැන තවමත් ප්‍රේක්ෂකයෝ කතා කරනවා.
එදා අපිට තිබුණේ පිය ගුණ ගී ගයන්න මම ගායනා කළේ ‘හිමාලෙට වඩා උසයි. සෙනෙස පපු කඳේ..’ කියන ගීතය. තාත්තා 
ප්‍රේක්ෂකාගාරයේ ඉඳගෙන ඉන්නවා. මම තාත්තට වැඳලා ගීය ගැයුවා. ඒ වෙලාවේ පුංචි කා‍ලේ ඉඳන් තාත්තා සම්බන්ධ හැම මතකයක්ම මට මැවිල පෙනුණා. ඒ මොහොතේ මට ඇඬුණා. තීක්ෂණ අයිය තමයි ගීතයේ ඉතුරු ටික කිව්වේ.
‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍ය තුළින් නොහිතපු ජනප්‍රියත්වයක් හිමි වුණාම දැන් තව ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙනව ඇති
ආරාධනා ලැබෙනවා. ඒත් තවම ‘දෙවැනි ඉනිම’ ඉවර නැහැනේ. එකපිට දෙකතුනක් වැඩ බදාගෙන කාර්යබහුල වෙන්න මම කැමති නැහැ. මම තවම ඉන්නේ මගේ ගමේ. කලා කටයුතු හින්ද විතරයි කොළඹ එන්නේ. මම කැමැති කුලියාපිටියේ මගේ ගමට වෙලා නිදහසේ ඉන්න.
 
රවීන් දැන් නටන්නයි රඟන්නයි වැඩි කාලයක් දක්වන බව පෙනෙනවා. මෙහෙම ගියොත් ඉදිරියේදී රවීන් කණිෂ්ක කියන ගායකයා යටපත් වෙයිද..?
කවදාවත් එහෙම වෙන්නේ නැහැ. මොන දේවල් කළත් මම වැඩි කැමැත්තක් දක්වන්නේ ගායනයට. ඉදිරියේදී ‘දෙවැනි ඉනිම’  ටෙලි නාට්‍යයේත් මගේ ගීතයක් දැකගන්න ලැබෙයි. ඒ වගේම මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්ම අලුත්ම ගීතයක්  රූප රචනාවක්  සමගින් රසිකයන්ට තිළිණ කරන්න අදහස් කරගෙන ඉන්නවා.
 
දැන් ගම් පළාතේ රවීන් ගොඩක් ජනප්‍රිය ඇති..
මගේ ගම තුළ මම ඉන්නේ එදා හිටපු විදියටමයි. ගමේදී මම සාමාන්‍ය කෙනෙක්. කවදත් මම ගොඩක් සමාජශීලී චරිතයක් ‍නෙවෙයි. ගෙදරට වෙලා සින්දුවක් අහගෙන චිත්‍රපටයක් බලලා නිදහසේ ඉන්න කැමැතියි. එදයි අදයි කියලා වෙනසක් නැහැ. මම සුපුරුදු විදියට ඉන්නවා.
 
ජනප්‍රියත්වය වැඩිවීමත් එක්ක දැන් රසික ප්‍රතිචාර වැඩිවෙලා ඇති
ඔව්. මට ආදරය කරන රසික පිරිස තමයි මාව මෙතැන තියල තියෙන්නේ... ඒ අයට මම ස්තුතිවන්ත වනවා.
 
ගෑනු ළමයින්ගේ ප්‍රේමණීය ප්‍රතිචාරත් ඒ අතර ඇති.
එහෙම අයත් ඉන්නවා. එත් ඉතින් මට ඒ හැමෝටම පෙම් කරන්න බෑනේ. මාව ටීවී එකෙන් දැකලා මට පෙම් කරන අයට කියන්න තියෙන්නේ ඒක තාවකාලික හැඟීමක් විතරයි කියන එක. රසිකාවියන්ටත් රසිකයන්ට දෙන ලෙන්ගතුකම විතරයි දෙන්න වෙන්නේ. කවදාහරි ජීවිත කාලෙම ළඟ ඉන්න කෙනාට විතරයි මගේ ප්‍රේමය පුද කරන්න වෙන්නේ.
 
එයා  කවුද කියල දැන ගන්න රවීන්ගේ  රසික පිරිස කැමැති ඇති.
එහෙම කෙනෙක් ලැබුණදාට මාධ්‍යයට කියන්නම්.
 
මොනවද රවීන්ගේ ජීවිතේ ඉදිරි බලා‍පොරොත්තු...?
මගේම ව්‍යාපාරයක් පටන් ගන්න අදහසකුත් තියෙනවා. ගොඩක් කර්යබහුල වෙන්නත් මම කැමැති නැහැ. විවේකීව නිහඬව ඉන්න තමයි කැමැති. 
 
සටහන ආරියවංශ කුලතිලක
 
ඡායාරූප - මංජුල පෙරේරා

අමීශා කාවින්දි කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. නමුත් මෑත කාලයේ ඇය කලා නිර්මාණවලින් නම් වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. හැබැයි ඉන්දියවේ නිල් චිත්‍රපට නිළියක විදිහට ප්‍රකට සනී ලියෝන් ගේ ඡායාරූපයක්් සමග අමීශාගේ ඡායාරූප පෙළකුත් සමාජ ජාල වබේ අඩවි කිහිපයකම පළවෙලා තිබුණා. මේ නිසාම අමීශා ගැන වෙනදාටත් වඩා කතාබහ කරන්න පටන් අරගෙන. මෙහි ඇත්තම කතාව මොකක්ද කියලා දැනගන්නත් එක්ක ‘රිද්ම’ අපි අමිශා කාවින්දිට කතා කළා. 
 
ඔබ ඉන්දියාවේ නිල් චිත්‍රපට නිළියක් වන සනී ලියෝන් වගේ කියන කතාව මොකක්ද?
මම සනී ලියෝන් වගේ කිව්වා කියලා  හුඟක් වබේ අඩවි මගේ ඡායාරූපත් ඇගේ ඡායාරූපත් එකට පළකරලා තියෙනවා මමත් දැක්කා. හැබැයි මම කවදාවත් කියලා නැහැ මම සනී ලියෝන් වගෙයි කියලා. ඒ විදිහේ කතාවක් මම කවදාවත් කියන්නෙත් නැහැ. 
 
අමීශා සනී ලියෝන් වගෙයි කියලා කවුරුහරි මීට කලින් කියලා තියෙනවද?
මම ඡායාරූප කිහිපයකට පෙනී සිටියා. දවසක් ඡායාරූප ශිල්පියෙක් මට කිව්වා අමීශා ඔයා සනී ලියෝන් වගේ කියලා. මම එතකොට දන්නෙත් නැහැ කවුද මේ සනී ලියෝන් කියලා. පසුව මම අන්තර්ජාලයෙන් තමයි දැනගත්තේ සනී ලියෝන් ගැන. මම කවදාවත් කිව්වේ නැති කතාවක් කියලා මේ විදිහට වැරදි දෙයක් සමාජ ගතකරන එක මම ප්‍රතික්‍ෂේප කරනවා. මොකද මගේ රූපයවත්, චරිතයවත් සනී ලියෝන් වගේ නමෛයි.
 
කලාවට අවතීර්ණ වීමෙන් පසු කරපු කියපු දේවල් ගැන අමීශා සෑහීමකට පත්වෙනවාද?
ඇත්තටම ඔව්. මගේ මුළු ජීවිතේම අපේක්ෂා කළ විශාල අරමුණක් මං ඉටුකරගත්තා කිව්වොත් නිවැරදියි. හැම රංගන ශිල්පියෙක්ම ශිල්පිනියක්ම ආසයි දක්ෂ, පිළිගත් අධ්‍යක්ෂවරු සමග එකට වැඩකරන්න. මට ඒ භාග්‍යයත් ලැබුණා. ඒ කියන්නේ ලංකාවම පිළිගත් අධ්‍යක්ෂවරයෙකුගෙන් මට චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණා. ඒ හැමදෙයක්ම ලැබුණේ මම මීට පෙර කරපු කියපු දේවල් නිසා නේද?
 
ඔය විදියට ඔබට ආරාධනා කළ ඒ අධ්‍යක්ෂවරයා කවුද?
ඒ තමයි ජයන්ත චන්ද්‍රසිරි මහතා. ‘ඝර සර්ප’ කියන චිත්‍රපටයටයි කතා කළේ. මම ඔහුට ගොඩක් ප්‍රියකරනවා. ඒ වගේම ගරු කරනවා. මම හිතන්නේ මේ වගේ අධ්‍යක්ෂවරයෙකුගේ ආරාධනාවක් ලැබිම මගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වොත් නිවැරදියි. මම මගේ උපරිමයෙන් ඒ චරිතයට පණ ‍පොවනවා.
 
අමීශා දැන් නිෂ්පාදිකාවක් වෙලා කියන්නේ ඇත්තද?
‘කිඩ්නැප්’ නමින් සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටය නිෂ්පාදන කරන්නේ මමයි. ‘කිඩ්නැප්’ මාව නිෂ්පාදිකාවක් කළා. ඉදිරියේදීත් අවස්ථාවක් ලැබුණොත් චිත්‍රපට නිෂ්පාදනයට සම්බන්ධ වෙනවා. 
 
සමන්මලී නැලිගම

Page 7 of 8

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1831

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2161

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4968

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2961

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1720

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2598

Please publish modules in offcanvas position.

Web Analytics