Coss Ear2
lakbima.lk
COSS Ear 1

ගංගු රොෂානා නිතර කලා නිර්මාණවලින් දකින්නට නොලැබුණත් කතා බහට ලක්වෙන චරිතයක්. මේ දිනවල සියත රූපවාහිනී නාලිකාවේ විකාශය වන ලෝකාන්තරයෝ ටෙලි නාට්‍යය නිසාම ගංගු ගැන ආයෙමත් කතා බහක් ඇතිවෙන්න පටන් අරන්. ගංගු නම් කියන්නේ කාලෙන් කාලෙට තමන් ගැන අලුත් විදිහට කතා කරන්න කැමති බවයි. ගංගු එහෙම කියන්නේ කුමන හේතුවක් නිසාද යන්න ඔබට මේ කතා බහේදී දැන කියාගන්නට පුළුවන්. 
 
කාලෙකට පස්සේ ගංගුව ආයෙමත් පුංචි තිරයෙන් දකින්න ලැබෙනවා නේද? 
ඔව්. මේ දවස්වල සියත රූපවාහිනී නාලිකාවේ සති අන්තයේ රාත්‍රී 9.00ට විකාශය වන ලෝකාන්තරයෝ කියන ටෙලි නාට්‍යයේ මම චරිත දෙකක්ම නිරූපණය කරනවා. 
 
ලැබිලා තියෙන ඒ චරිත දෙක ගැනත් මතක් කරමු නේද? 
ලෝකාන්තරයෝ කියන්නේ කාලාන්තර සම්බන්ධ සංකල්පයකට සම්බන්ධ වුණ කතාවක්. එය තුෂාර තෙන්නකෝන්ගේ අධ්‍යක්ෂණයක්. ඒ කතාවේ එක එක ලෝක තියෙනවා. මම එහි ගෝත්‍ර ලෝකයේදී බලය ලබාගන්න හදන චමී කියන චරිතයත්, අනිත් ලෝකයේදී ආත්මාර්ථකාමී පෙම්වතියක් විදිහට සිටින චාමලී කියන චරිතයත් නිරූපණය කරනවා. 
 
ලෝකාන්තරයෝ ටෙලි නාට්‍යය නිසා ඔබට මොන විදිහේ ප්‍රතිචාරද ලැබෙන්නේ? 
ලෝකාන්තරයෝහි මම රඟපාන චරිත දෙක මටම ගැළපෙන විදිහට ගොඩනගපු චරිත දෙකක්. එතකොට ඉතින් ලැබෙන ප්‍රතිචාර කොහොමත් හොඳ වෙන්න ඕනනේ. 
 
රඟපෑමට අමතරව ගංගු වෙනත් වෘත්තියක නියැළෙනවාද? 
නෑ. මොකද සාමාන්‍යයෙන් මම හරිම හරි බෝරිං කෙල්ලක්. ඒ නිසා මම වැඩිපුරම කැමති ගෙදරට වෙලා ඉන්න තමයි. ගෙදර හිටියාම ඕනෑම වැඩක් කරගන්න පුළුවන්. ඒ නිසා ගංගු රොෂානා කියන්නේ ගෙදරටම ඇබ්බැහි වුණ චරිතයක් කිව්වට වරදක් නෑ. 
 
ඔබේ පෞද්ගලික ජීවිතය ගැන තොරතුරු ටිකක් කියමුද? 
මගේ ජීවිතය ගැන කතා කරනවා නම්, මං ගැන ලියනවානම් මම කැමති ගංගු රොෂානා කියන නිළිය ගැන විතරක් කතා කරන්නයි. මම හම්බ කරන්නේ මටනේ. ඉතින් මගේ පෞද්ගලික ජීවිතය විදිහට මගේ නිළිකම විතරක් දැන ගත්තම ඇති නේ... 
 
ගංගුගේ කලා ජීවිතේ විශේෂිතම අවස්ථා මතක් කරන්න කියලා කීවොත් මොනවාද මුලින්ම  සිහියට එන්නේ? 
මම “සමන්තා” “යාළුවෝ”  “හොරා ‍පොලිස්” කියලා චිත්‍රපට තුනකට සම්බන්ධ වුණා. ඒ අතරින් සමන්තා චිත්‍රපටය වෙනුවෙන් මට හොඳම නැගී එන නිළිය කියන සම්මානය ලැබුණා. ඒ වගේම ‘‘යාළුවෝ’’ චිත්‍රපටයටත් මට විශේෂ සම්මානයක් ලැබුණා. මේ සම්මාන ද්විත්වයම මගේ කලා ජීවිතයට අති විශේෂයි.
 
ගංගුව කලා නිර්මාණවලින් නිතර දකින්න නොලැබෙන්නේ වැඩිපුර ආරාධනා නොලැබෙන නිසාද? 
එහෙම දෙයක් නිසා නමෛයි, ගංගු රොෂානා කියන්නේ කවදත් වේගය පාලනය කරමින් ඉදිරියට යන කෙනෙක්. ඒ නිසා මේ විදිහට මගේ වෘත්තිය ජීවිතය ගලාගෙන යනවාට මම හරිම කැමතියි. 
 
ආරාධනා ලැබුණත් ඒ හැම ආරාධනාවක්ම බාරගන්නේ නෑ කියලාද ඔබ ඔය කියන්නේ? 
ආරාධනා බාරගන්නේ නෑ කියන එකම නමෛයි, මම අදහස් කළේ. දැන් බොහෝ නිර්මාණ හැදෙන්නේ තෝරා ගත් පිරිසකටනේ. ලංකාවේ හොඳ නළු නිළියන් ඉලක්ක කරගෙන නිර්මාණය වෙන නිර්මාණ තිබෙන්නේ 
අතළොස්සයි. ඒ නිසා මම වගේ අයට ගැළපෙන විදිහට කෙරෙන නිර්මාණත් අඩුයි කියලා කියන්න පුළුවන්. 
 
එතකොට අලුතින් ක්ෂේත්‍රයට එන නළු නිළියන්ව ගංගුට දැනෙන්නේ මොන විදිහටද? 
අලුත් පිරිසට අපට වඩා අවස්ථා වැඩියි. ඒත් ඔවුන් ඒ අවස්ථාවලින් හරියට ප්‍රයෝජන ගන්නේ නැහැ. 
 
ඉදිරියේදී ඔබට සුවිශේෂී චරිතයකට දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා කියන්නේ ඇත්තද? 
ඔව්. දිවාග්නි කියන ටෙලි නාට්‍යයේ මම සුවිශේෂී චරිතයක් නිරූපණය කරනවා. එය සේනක විජේසිංහගේ අධ්‍යක්ෂණයක්. මේ කතාව ගොඩනැගෙන්නේ මාෂල් ආට්ස් සම්බන්ධව. මම එහි නිරූපණය කරන්නේ මාධ්‍යවේදිනියකගේ චරිතයක්. ඒ නිසා ඉදිරියේදී මම මාධ්‍යවේදිනියක් විදිහට  ප්‍රේක්ෂකයන් අතරට එන්න සූදානමිනුයි දැන් ඉන්නේ. 
 
සමන්මලී නැලිගම

අඛිලයි - සජිතයි දෙන්නම මේ වන විට පෙම්වතුන් බව කාටවත් රහසක් ‍නෙවෙයි. සජිත පසුගිය දවසක අලුත්ම ගීතයක් ගයලා, පෙම්වතියත් එක්ක ඒ ගීතයේ රූප රචනාවත් කරලා පෙම්වතිය රටටම හඳුන්වා දුන්නා. ඒත් අඛිල තවමත් තමන්ගේ පෙම්වතිය මාධ්‍යයට හඳුන්වා දෙන්න මැලිකමක් දක්වනවා. ඒ ඇයි කියලා අපි අඛිලගෙන්ම ඇහුවා. 

අඛිලගේ නෑනව නම් දැන් රටම හඳුනනවා? 
ඔව්. මල්ලි එයාගේ පෙම්වතිය එක්ක ගීත රූප රචනාවක් කළානේ. මේ දවස්වල හැමෝම කතා කරන්නේ ඒ ගැන තමා. 
 
ඒත් අඛිල තවමත් තමන්ගේ පෙම්වතිය වසන් කරනවා. ඇයි ඒ? 
කවුද එහෙම කියන්නේ. මම පෙම්වතෙක් බව හැමෝම දන්නවා. මම යන එන තැන ඇයව එකතු කරගෙන යනවා. 
 
ඒත් තමන්ගේ පෙම්වතිය මාධ්‍ය ඉදිරියට ගෙනත් හඳුන්වා දෙන්නේ නැහැනේ? 
මල්ලි ඒ දේ කළේ එයාගේ පෙම්වතිය එයත් එක්ක ඒ ගීත රූප රචනාවේ රඟපෑ හින්දා. ඒත් ඉතින් මගේ පෙම්වතිය රඟපාන්න එන්නේ නැහැනේ. ඉතින් මම කොයි විදියටද එයාව මාධ්‍ය ඉදිරියට අරගෙන එන්නේ. 
 
ජනප්‍රිය චරිතවල පෞද්ගලිකත්වය දැන ගන්න රසිකයන් කැමතියි. අඛිලගේ පෙම්වතියගේ විස්තර දැනගන්න ඔබේ රසිකයනුත් කැමති ඇති? 
පෞද්ගලිකත්වය අනවශ්‍ය විදියට හෙළි කරන්න ගිහින් මම බැට කාලා තියෙනවා. ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි කියනවනේ. 
 
ඔය කියන්නේ පෙම්වතිය මාධ්‍ය ඉදිරියට රැගෙන ඒම ගැනද? 
ඔව්. එක් වතාවක් මම එය කළා. පෙම්වතිය ගැන, ආදරය ගැන විවාහ වෙලා ගෙවන ජීවිතය ගැන පවා එළිපිට කතා කළා. ඒත් අන්තිමට ඒ දේවල් ඔක්කොම නැති වුණා. 
 
තවමත් ඒ අතීතය වෙනුවෙන් හඬා වැටෙනවාද? 
මට ගොඩක් ආදරේ කරන මාව හරියට තේරුම් ගත්තු පෙම්වතියක්් මගේ ජීවිතේ ළඟ ඉන්නවා. ඉතින් ඇයි මම අතීතය වෙනුවෙන් හඬා වැටෙන්නේ. 
 
කලා ලෝකයේ ඉන්න දෙන්නෙක් ළංවෙලා ඉඳලා වෙන් වුණත් කලා ලෝකය තුළ ඒ දෙන්නා හමුවන අවස්ථා තියෙනවා. ඔබේ අතීතයත් ඒ විදියට ඔබට හමුවනවා ඇති? 
එහෙම අවස්ථා තියෙනවා. ඒ වෙලාවට නාඳුනන දෙන්නෙක් වගේ ඉන්නවා. එච්චරයි. 
 
ටෙලි නාට්‍යයක හරි චිත්‍රපටයක හරි ඇය සමග රඟපාන්න වුණොත්? 
පෞද්ගලිකත්වයයි වෘත්තියයි මම කවදාවත් පටලවාගන්නේ නැහැ. 
 
අපි අතීතය අතීතයටම දීලා වර්තමානයට එමු. ආදරය හා විවාහය ගැන දැන් තියෙන සැලසුම් මොනවාද? 
කවදා හරි හොඳ සල්ලිකාරයෙක් වෙනවා කියන අදහස මට තිබුණේ කාලෙක ඉඳන්. මගේ පෙම්වතිය මගේ බිරිඳ වූ පසු ඇයට සතුටින් ජීවත් වෙන්න පසුබිම ගොඩනගන හැටි, දරුවන් ලබලා හොඳ පවුල් දිවියක් ගෙවන හැටි, ඔන්න ඔය වගේ බලා‍පොරොත්තු සැලසුම් ගොඩක් අද මට තියෙනවා. ඒ ගොඩක් සැලසුම් රැඳිලා තියෙන්නේ ආදරය හා පෙම්වතිය ගැන සිතුවිලි අතරෙයි.
 
ඔය විදියට සිතුවිලි අතරේම ඉන්නේ ළඟදීම විවාහ වෙන්න අදහසක් නැද්ද? 
(හිනැහී) තියෙනවා...... තියෙනවා.... මං හිතන විදියට තව වැඩි කාලයක් බලා ඉන්න වෙන එකක් නැහැ ඒකට. 
 
ආරියවංශ කුලතිලක{jcomments on}
 
එක්වන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/lakbima.lk

ඇත්තද උපමාලි නිසා තරින්ද්‍රිටත් බොහෝ දෙනා ආදරේ කරනවා කියන්නේ ?
ඔව්, උපමාලි කියන චරිතේ නිසාම තරින්ද්‍රිට අම්මලා, දූවරු වගේම පිරිමි ළමයින්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒත් උපමාලි තරම්ම තරින්ද්‍රි නම් අහිංසක නැහැ. තරින්ද්‍රි හරි දඟකාරයි. ඒ වුණත් උපමාලි වගේම තරින්ද්‍රිත් හරිම අවංකයි. 
 
උපමාලි දිල්මිණට මෙතරම් අකමැති ඇයි ? 
දිල්මිණ කියන්නේ හැමදේටම මිලක් නියම කරන කෙනෙක්. ඒ වගේම එයා හරිම ලෝභ කෙනෙක්. එහෙත් දිල්මිණ ඇත්තටම උපමාලිට ආදරෙයි කියලා දැනෙන අවස්ථාත් තියෙනවා. සමහරවිට දිල්මිණගේ ලෝභකම නැතිකරලා උපමාලි දිල්මිණට කැමති වෙන්නත් පුළුවන්. 
 
උපමාලිගේ අහිංසකකම් නිසාම තරින්ද්‍රිටත් ක්‍ෂේත්‍රයෙන්ම ආදර යෝජනා එනවා ඇති ?
ආදර යෝජනා නම් ගොඩක් ඇවිත් තියෙනවා. ඒත් මම තාම කාටවත් වචනයක් දීලා නැහැ. ඒ වගේම ඒ වගේ වචනයක් දෙන්න හිතලත් නැහැ. මම ප්‍රාර්ථනා කරන්නේ කලාව අතහරින්න කියන්නේ නැති මාව තේරුම් ගත් හොඳ කෙනෙක්. මට වත්‍පොහොසත්කම් අදාළ නැහැ.
 
තරින්ද්‍රිගේ පෞද්ගලික විස්තර ගැනත් කතා කළොත් ?
මමයි, තාත්තයි, අක්කයි මගේ පවු‍ලේ ඉන්නේ. මගේ අම්මා ජීවතුන් අතර නැහැ. ඒත් අම්මගේ ආශිර්වාදේ තමයි මගේ ලොකුම ශක්තිය. මගේ අක්කා විවාහ වෙලා ඉන්නේ මාධ්‍ය ක්‍ෂේත්‍රයට හා දේශපාලනයට සම්බන්ධ නිරෝෂන් ප්‍රේමරත්න සමගයි. 
 
සමන්මලී නැලිගම 
 
ඡායාරූප - මංජුල පෙරේරා

අපි ඔබට සකුන්තලා මැණිකේ කියන්නද..? එහෙමත් නැත්නම් ඉමායා ලියනගේ කියන්නද...?
සකුන්තලා මැණිකේ කිව්වත්, ඉමායා ලියනගේ කිව්වොත් ඒ නම් දෙකටම මම කැමතියි. මොකද ඒ දෙන්නම එක්කෙනෙක්නේ.
 
එතකොට සකුන්තලා මැණිකේ කියන්නේ සැබෑ ජීවිතේ ඉමායා ලියනගේමද?
මම සකුන්තලා මැණිකේ වෙන්නේ ‘මුතුකුඩ’ ටෙලි නාට්‍යයට විතරක් වුණාට. ඉමායා සැබෑ ජීවිතෙත් සකුන්තලාම තමයි. මොකද මම සකුන්තලා වගේ කෙළින් තීරණ ගන්නා කෙනෙක්. ඒ වගේම අවංකවම ආදරය කරන කෙනෙක්.
 
ඔබට ‘මුතුකුඩ’ සඳහා අවස්ථාව ලැබුණේ කොහොමද?
2014, මම මිස් ශ්‍රී ලංකා වුණාට පස්සේ මට ලැබුණු දෙවන අවස්ථාව තමයි ‘මුතුකුඩ’ කියන්නේ. කලාවට මම මුලින්ම පය තිබ්බේ ‘අංකල් සෑම්’ ටෙලි නාට්‍ය හරහා. ඒත් එක්කම තමයි මට ‘මුතුකුඩ’ සඳහාත් ආරාධනා ලැබුණේ. හැබැයි මේ වගේ සම්භාව්‍ය ගණයේ ගැඹුරු චරිතයකදී වචන භාවිත කළ යුතු පිළිවෙළක් තියෙනවානේ. මගේ භාෂා භාවිතය ගැන හිතුවම මට මුලදී බයත් හිතුණා. ඒත් දැන් ලැබෙන ප්‍රතිචාර දිහා බැලුවාම මම ඒ අභියෝගය ජය අරගෙන කියලා හිතෙනවා.
 
ඔබේ ඔය සාර්ථකත්වය නිසාද රිදී තිරයට පිවිසීමටත් ඔබට අවසථාව ලැබුණේ...
(සිනා) සාර්ථකත්වය විතරක් නමෛයි වාසනාවත් තිබුණා. ‘කුණාටුවේ මාරයා’ හි ‘නදී’ කියන සෙල්ලක්කාර චරිතයෙන් වගේම ‘‍පෝරිසාදයා’හි සශ්මිකා කියන අහිංසක යුවතියගේ චරිතයෙන් මා ළඟදීම ප්‍රේක්ෂකයන්    හමුවට එනවා. බොහෝ දුරට මේ චිත්‍රපට දෙකම මේ අවුරුද්දේ තිරගත වේවි. ආරාධනා ලැබුණු තවත් චිත්‍රපටයක වැඩ මේ අවුරුද්දේ පටන් ගන්නවා.
 
රංගන ක්ෂේත්‍රය තුළ ඔබට මොන වගේ ඉලක්කයක්ද තියෙන්නේ....
මට තිබෙන ලොකුම හීනය තමයි හොඳම නිළිය වීම. ජනප්‍රිය නිළිය වෙනවා කියන එක ධනය, බලය තියෙනවා නම් කරගන්න පුළුවන්, සාමාන්‍ය දෙයක් කියලයි මට හිතෙන්නේ. ඒත් හොඳම නිළිය කියන්නේ දක්ෂතාව මතම තීරණය වෙන දෙයක්. ඒ නිසා මගේ බලා‍පොරොත්තුව හොඳම නිළිය වීමම තමයි.
 
ඔබ හිතනවද ඒ අරමුණ ඉතා පහසුවෙන් ළඟා කරගන්න පුළුවන් වේවි කියලා. 
මම තවමත් කලාවට ආධුනික රංගන ශිල්පිනියක්. ඒ වගේම මම දැනට දායක වෙලා තිබෙන්නේ නිර්මාණ කිහිපයකට විතරයි. ඒත් මම රංගනය යෙදුනු හැම චරිතයක්ම එකිනෙකට වෙනස් වගේම යමක් කළ හැකි චරිත. ඒ හැම චරිතයකදීම මම ප්‍රවීණ ශිල්පීන් හා එක්ව කළ චරිත. මම ඔවුන් සමග කරට කර වැඩ කළා.  ඔවුන්ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. මම තවත් යන්න දිගු ගමනක් තියෙනවා. කලබලයක් නැතිව ඒ ගමන මම හෙමින් හෙමින් යනවා. 
 
ඔබ 2014 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාත්තා. ඒ වගේම මේ වන විට පැවැත්වෙන 2017 දෙරණ මිස් ශ්‍රී ලංකා තරගාවලියේ විනිසුරු මඩුල්ලත් නියෝජනය කරනවා. මෙවැනි තරගාවලි සඳහා ඉදිරිපත් වීමේ අඩුවක් ඇති බවට ඇතැමුන් කරන ප්‍රකාශයන්හි ඇත්තක් තිබෙනවාද?
ඔය කතාවේ ඇත්තක් තියෙනවා. 
තරගාවලියේදී බිකිනි අඳින්න තියෙනවා කියලා සමහර දක්ෂ තරුණියන් පවා මෙබඳු තරගවාලි සඳහා ඉදිරිපත් වෙන්න මැලිකමක් දක්වනවා. වැඩිහිටියන් පවා මේ වගේ තරග දිහා බලන්නේ වපර ඇසින්. නමුත් මේ හැම දේම තීරණය වෙන්නේ අපි ජීවත්වෙන විදිහත් එක්කයි.
අපිට කාටත් බිකිනිය අදින්න ඕනේ කියලා බලපෑම් කරන්න බැහැ. අනිත් එක බියුට් පැජන්ට් එකකදී ඒ වගේ ඇඳුමක් ඇන්දා කියලා ඒවා අනවශ්‍ය විදිහට ප්‍රචාරණය නොකරන්නත් සංවිධායකයන් වගබලා ගන්න ඕනේ. සමහරු ජනප්‍රිය වෙන්න කියලා හිතාගෙනත් මේ වගේ ඇඳුම් අඳිනවා. ඒත් අපි මතක තියාගන්න ඕනේ ජනප්‍රියත්වය කෙටි කාලීනයි කියලා. ඒ වගේම ගැහැනු ළමයෙකුගේ ආත්ම ගෞරවය දීර්ඝ කාලීනයි කියලා. 
 
ඉමායාගේ පෞද්ගලික තොරතුරු දැනගත්තත් පාඨකයෝ කැමති වෙයි.
මගේ අම්මා ඉන්නේ ඉතාලියේ, තාත්තා පුවත්පත් මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධයි. මට මල්ලී කෙනෙක් ඉන්නවා. ඒ වගේම ආදරණීය පෙම්වතෙකුත් ඉන්නවා. අපේ ආදරයට අවුරුදු 10ක් වෙනවා. 
 
සමන්මලී නැලිගම{jcomments on}

ශ්‍රී ලාංකේය වේදිකාවේ එදා මෙදා තුර බිහි වූ නාට්‍ය  කරුවන් හා ඔවුන්ගෙන් සිදු වූ මෙහෙවර පිළිබඳ බොහෝ  කතිකා ගොඩනැගුණි. කෙසේ වෙතත් අප මේ කතා කරන නාට්‍යකරුවාට  නිසි ඇගයීිම ලැබි ඇතිදැයි සැක සහිතය. දශක තුනකට ආසන්න කාලයක් පුරා නාට්‍ය කලාව තුළ විවිධ  අත්හදා බැලීම් කරමින් නව  ඉසව් කරා යන්නටත් අපේ කලාව ජාත්‍යන්තරය හා  එක් කරන්නටත් ඇප කැප වී කටයුතු  කරන ඔහු හුදකලා අරගලයක  යෙදෙන්නෙකැයි කීවද වැරදි නැත. එම්. සෆීර් නම් ඔහු මේ දවස්වල තවත් සුවිශේෂ කටයුත්තකට දායක වී සිටියි. ඒ නවමු කටයුත්ත ගැන  මෙන්ම ඔහුගේ නාට්‍ය ජීවිතය  ගැනත් කතා කරන්නට අප එම්. සෆීර් කතාබහට එකතු කර ගත්තෙමු. 
 
නාට්‍ය කලාව තුළ බොහෝ අලුත් අත්හදාබැලීම් කළ  ඔබ නවතම කටයුත්තකට සූදානම් වෙනවා?
 මේ දිනවල මම මගේ දෙවැනි ජාත්‍යන්තර නාට්‍යයට සම්බන්ධවෙලා ඉන්නවා. ඒ තමයි ‘Swing of Love’  (ආදරණීය ඔංචිල්ලාව). එම නාට්‍යයේ ප්‍රධාන භූමිකාව රඟපාන්නේ ඉතාලි  ජාතික නාට්‍ය ශිල්පිනී ජුලියා ඉලිප්‍පො. මංජුල වෙඩිවර්ධන සිංහලෙන් රචනා කළ මෙම නාට්‍යය දිලීපන ඊරියවල විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කළා. මෙහි මංගල දර්ශනය නොවැම්බර් 01 වැනිදා ඉන්දියාවේ ‘පූනි අයියා’ හි වේදිකා ගතවනවා. දෙවැනි දර්ශනය කොරියාවේ ඩීයෝ ජාත්‍යන්තර රංගශාලාවේදී වේදිකා ගත වනවා. ඉන්පසු රටවල් 50ක මෙය වේදිකා ගතවීමට නියමිතයි.
 
දශක තුනකට ආසන්න නාට්‍ය ජීවිතය තුළ ඔබ අලුත් අත්හදා බැලීම් බොහෝමයක් කළා?
මම ක්‍ෂේත්‍රයට  පැමිණි මුල් කාලයේදීමයි ‘පශ්චාත්තාපය’ නාට්‍යය කළේ. එය එකම නළුවෙකු පමණක් රඟපෑ නාට්‍යයක්. ‘Black Box’ තියටර්  නාට්‍ය කලාව ලංකාවට හඳුන්වා දුන්නේ මම. ඒ වගේම වසර 6ක් පුරා මම ‘කොළඹ ජාත්‍යන්තර  නාට්‍ය උළෙල’ පවත්වාගෙන යනවා. මා දවිත්ව භාෂා නාට්‍යද කර තියනවා.
 
එම්. සෆීර් ජාත්‍යන්තරය තුළ තමන්ට ඉඩක් හදාගත් නාට්‍යකරුවෙක් නේද?
මම දැනට ඉන්දියාවේ ‘ පූනේ ප්ලෙමිං’හි කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනවා. මා දන්නා   තරමින් විදේශ රටකින් ජාත්‍යන්තර නාට්‍යයක් හදන්න ආරාධනා ලැබූ එකම නාට්‍යකරුවා  මමයි. කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙලට මේ වනවිට ජාත්‍යන්තර නාට්‍යකරුවන් 200ක් 250ක් විතර එකතුවෙලා තියෙනවා. වාර්ෂිකව ඊට ඇයැදුම්පත් 70 ක් ගන්න ලැබෙනවා. අද වනවිට මට පුළුවන් වෙලා තියෙනවා ලෝකයේ  ඕනෑම රටකට ගිහින් එහි නාට්‍ය කටයුත්තකට  දායක වෙන්න. ඒ හැමෝම එම්. සෆීර්ව දන්නවා.
 
ඒ පිළිගැනීම අපේ රට තුළ ඔබට ලැබි තියෙනවාද?
විදෙස් විශ්වවිද්‍යාලවල උගන්වන්නට සුදුසු මා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට සුදුසු නැතුව ඇති. මා පෞද්ගලිකව  කිසිදු ඇගයීමක් බලා‍පොරොත්තු වන්නේ නැහැ. ඒත් නාට්‍ය කලාව වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් කරන දේට අනුග්‍රහයන් ලැබෙනවා නම් ඒ ඇති. ‘කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල අරඹන විට ප්‍රේක්ෂකාගාරයේ සිටියේ 25 ක් විතර. ඒ 2012 දී. ඒත් අද වනවිට ප්‍රේක්ෂකාගාරයේ අතුරු සිදුරු නැතුව පිරී ගිහින්. මේ වනවිට ලූෂන් බුලත්සිංහල, පරාක්‍රම නිරිඇල්ල, කේ.බි. හේරත්, ධර්මසිරි බණ්ඩාරනායක  වැනි අය මේ කටයුත්තට එකතු වී සිටිනවා.  ඒත් එකතු නොවූ අයත් ඉන්නවා. ඇතැම් අය  පවසනවා මෙහි  ගුණාත්මක බව අඩුයි කියා. එහෙම වෙන්නේ කවර රටක කුමන ජාත්‍යන්තර නාට්‍ය උළෙලකට සාපේක්ෂවද කියලා මං අහද්දි ඒ අය නිහඬයි. ඊට හේතුව ඔවුන් කිසි කෙනෙක්  කිසිම දාක ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් බලලා නැතිවීම. අපේ රටේ කිසිම දෙයකට හොඳක් අහන්න නොලැබෙන බව මම දන්නවා. හොඳක් නොකියුවාට කුහක විවේචන  එල්ල කරන්න පෙළ ගැසුණු අය ඉන්නවා.
 
වේදිකාවේ ගැටලු ගැන හඬනැගීම්  අපට නුහුරු නැහැ. ජාත්‍යන්තරය හා ගනුදෙනු කරන ඔබට ඒ ගැටලු  වඩා හොඳින් පෙනෙනවා ඇති?
රටේ නගර දහයක රංග ශාලා 10ක් හදන්න කියලා අප ඉල්ලන්නේ  කාලෙක ඉඳන්. ඒත් ඒ දේ වෙන්නෙ නැහැ.  සිදු වුණත් රංගශාලා ඉදි කරන්නේ දේශපාලනඥයෝ. නාට්‍යකරුවන්ගෙන් අදහස් විමසන්නේ නැහැ. දේශපාලනඥයෝ හදන්නේ රංගශාලා ‍නෙවෙයි උත්සව ශාලා. ඒ අය නාට්‍ය ගැන  දන්නේ නැති නිසයි එහෙම වෙන්නේ. ඒ උත්සව ශාලා නාට්‍ය කලාවට වැදගත් නැහැ.  Black Box තියටර් මා හඳුන්වා දෙන විට එය පිළිගන්න බොහෝ අය මැලි වුණා. ඒත් ලෝකයේ ඊට බොහෝ පිළිගැනීමක් තියෙනවා. අපේ නව පරපුර වෙනුවෙන් Black Box නාට්‍ය සඳහාත් ඉඩක් සැකසිය යුතුයි. වේදිකා නාට්‍යකරුවන්ට වෘත්තීය මට්ටමකට එන්නට අපි ජාත්‍යන්තරය හා එකතු විය යුතුයි. හැබැයි ඉතින් ඔය  හැම දේටම කලින් නාට්‍යකරුවන් එකමුතුවිය යුතුයි.
 
ආරියවංශ කුලතිලක

අතුලයි අමායයි දෙන්නගේ මංගල ඡායාරූප පෙළක් මේ දවස්වල අන්තර්ජාලය පුරා සැරිසරනවා. විවාහ වෙලා දරුමල්ලෝ ලබපු මේ දෙන්නා ආයෙම විවාහ වුණාද? දෙදෙනා අතර යම් අර්බුද තිබුණත් මේ දෙන්නා නීතියෙන් දික්කසාද වෙලාද හිටියේ? දීග දෙන වයසේ දුවෙක් ඉන්න අතුල මේ මොකද කරලා තියෙන්නේ? මේ වගේ ප්‍රශ්න හැමෝටම ඇතිවුණේ මේ ඡායාරූප දැක්කට පස්සේ. ඉතින් අද අපි මේ කතාවේ ඇත්ත නැත්ත හොයන්නයි මේ හදන්නේ. 
 
අතුලයි අමායයි ආයෙම කසාද බැන්දද?
අපි බැඳල ගොඩක් කල්.... ඒ කසාදේ එහෙමම තියෙනවා. ආයෙම බඳින්න අපි දෙන්නා දික්කසාද වෙලා හිටියේ නැහැනේ.
 
එතකොට පසුගියදා අන්තර්ජාලය කැළඹූ ඔය දෙන්නාගේ මංගල ඡායාරූප මොනවාද?
ඒක Wedding Shoot එකක්. අපි බැන්දට Wedding Shoot එකක් කළේ නැහැනේ. 
 
බැඳලා දරුවොත් ලැබුණටත් පස්සේ මේ වගේ දෙයක් කරන්න හිතුණේ ඇයි?
අපිට එහෙම දෙයක් කරන්න හිතුණා. අපි ඒක කළා.
අතුලයි අමායයි වෙන්වෙලා කියලා රාවයක් පසුගිය කා‍ලේ පැතිරිලා ගියා. ඒ කටකතාවෙන් මිදෙන්න හිතාගෙනද මේ වගේ දෙයක් කළේ?
අපි වෙන් වුණේ නැහැ. වෙන් වෙන්නෙත් නැහැ. හැබැයි අපි වෙන් කරන්න ඕන වෙලා හිටපු අය හිටියා. ඔය කටකතා පතුරවන්න මුල් වන්න ඒ අයත් බලපෑවා. ඒත් ඒ කටකතා අපිට අදාළ නැහැ. අපිව කවුරු වෙන්කරන්න හැදුවත් ඒක ගොඩක් අමාරු වෙයි.
 
නුවර ‘අමායා හිල්’ හෝටලයේ පැවැතුණේ Wedding Shoot එකක් පමණද? සාදයක් පැවැත්වුණේ නැද්ද? 
නැහැ. කිසිම සාදයක් පැවැත්වුණේ නැහැ. Photo Graper අපිව අන්දවපු කෙනා සහ අපි දෙන්නා විතරයි එදා එතැන හිටියේ.
ඔබගේත්, අතුලගේත් විවාහ ජීවිතය තුළ අර්බුධ නොතිබුණ බවද ඔය කියන්නේ?
ප්‍රශ්න නැති විවාහ ලෝකේ කොහේ හරි තියෙනවා නම් මට කියන්නකෝ. කසාද බැන්දට පස්සේ සුළු සුළු ප්‍රශ්න ඇති වෙනවා. අපේ ප්‍රශ්න තව කෙනෙකුට මහ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ අපි ජනප්‍රිය චරිත හින්දා.
 
කාලයක් සමිතයි අමායයි අතර තදබල මිතුරු ඇසුරක් පැවැතුණා නේද?
එයා ගැන කතා කරන්න මම කැමති නැහැ.
 
ආරියවංශ කුලතිලක
 
ඡායාරූප:- කිංස්ලි පෙරේරා
 

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 2188

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 1574

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3118

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1823

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 6585

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3976

Please publish modules in offcanvas position.