Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ස්වර්ණවාහිනියේ “කාසි වත්ත”, ස්වාධීන රූපවාහිනියේ ‘නිසල අරණ”, සිරස “සිහින සොයා”, සියත “ආදරවන්තයෝ” වගේම “ලව් යූ බොස්” ආදී ටෙලි නාට්‍ය කිහිපයකින්ම වෙනස් විදිහේ චරිත හරහා මේ දිනවල ධනංජි තාරුකා ප්‍රේක්ෂකයන් හමුවට එනවා. රංගනය නිසාම කාර්යබහුලවී සිටින ඇයට මේ දිනවල ලැබෙන ප්‍රතිචාර මොනවාද කියා දැනගන්නත් එක්ක ‘රිද්ම’ අපි මේ විදියට ඇයව කතාබහට එකතු කරගත්තා.
 
අපි ඔබට “පූසී” කියලා කියන්නද, නැත්නම ධනංජි කියලා කියන්නද?
මොන නම කිව්වත් ප්‍රශ්නයක් නැහැ. “බෝධි” ටෙලි නාට්‍යය ඉවර වෙලත් තාම හුඟක් අය මට ‘පූසි‘ කියන්නේ ඒ චරිතයට තවමත් හැමෝම ආදරේ කරන නිසා නේ. ‘බෝධි’ ටෙලි නාට්‍යයේ මම රඟපාපු ඔය කියන පූසිගේ චරිතෙට මමත් ගොඩක් ආසයි.
 
මේ දවස්වල මොන නාලිකාවේ ටෙලි නාට්‍ය බැලුවත් ධනංජී ඉන්නවා. ඉතින් ඒවාට සෑහෙන්න ප්‍රතිචාරත් ලැබෙනවා ඇති නේද?
ඔව්. ඉන්දියානු ටෙලි නාට්‍යවලට අපේ ප්‍රේක්ෂකයෝ කොයිතරම් ඇලුම් කළත්, අපේ නාට්‍ය බලන පිරිසකුත් ඉන්නවා කියලා මට ලැබෙන ප්‍රතිචාරවලින් පැහැදිලි වෙනවා..
 
ඔබ මේ වන විටත් නිර්මාණ බොහොමයකට සම්බන්ධ වෙන රංගන ශිල්පිනියක්. ඒත් ඔබේ නම ජනප්‍රිය නිළිය කියන නිර්දේශ නාමයන් අතරට තවමත් එක්වෙලා නැහැ නේද?
සම්මාන උළෙලවල්වල මගේ නම ජනප්‍රිය නිළියන්ගේ ලැයිස්තු අතර නැත්තේ ඇයි කියලා නම් මම දන්නේ නැහැ. ඒත් ජනතාව අතර ධනංජි ඉන්නවා කියන එක නම් මම දන්නවා. ජනප්‍රිය නිළියන් අතරට නිර්දේශ නොවුණා කියලා මම ජනප්‍රිය නැහැ කියලා කියන්න බැහැ නේ.
 
මොනවද ඉදිරියේදී එන්න තියෙන ඔබ රඟපෑ ටෙලි නාට්‍ය ?
නිර්මාණ ‍පෝලිමක්ම එන්න තියෙනවා. ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ “රන්බැඳි මිනිස්සු” හා සමන් කුමාරගේ “සුනේත්‍රා” කියන ටෙලි නාට්‍ය දෙක විකාශනය වෙන්න තියෙනවා. ඒ වගේම නිහාල් බණ්ඩාර අධ්‍යක්ෂණය කළ “සීමා නෑ ආකාසේ” චිත්‍රපටය වගේම බ්ලැක්මේල් කියන චිත්‍රපටයත් තිරගත වෙන්න තියෙනවා. ඒ වගේම වෙළෙඳ දැන්වීම් කිහිපයකත් වැඩ කළා. ඒවාත් ළඟදීම එළියට එයි.
 
ධනංජි දැන් ක්ෂේත්‍රයට ඇවිත් වසර අටකට ආසන්නයි. ඉතින් හැම රංගන ශිල්පිනියකට වගේම ඔබටත් කලාව ගැන විශාල බලා‍පොරොත්තුවක් ඇති නේද?
මේ අවුරුදු හත දිහා හැරිලා බැලුවාම, මාත් එක්කම ආපු පිරිසට වඩා මම අද යම් තැනක ඉන්නවා කියලා කියන්න පුළුවන්. දැන් මට තියෙන ලොකුම බලා‍පොරොත්තුව තමයි හොඳම නිළිය වීම. මට දැන් ක්ෂේත්‍රය ගැන බොහෝ අත්දැකීම් තියෙනවා. හැබැයි තව ඉගෙනගන්නත් බොහෝ දේවල් තියෙනවා. හොඳම නිළිය කියන සිහිනය කවදාහරි හැබෑ කරගන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා.
නිරූපණය, නිවේදනය, රංගනය ඒ වගේම නර්තනය අතරින් ධනංජි වැඩිපුරම ආශා කරන්නේ කුමන ක්ෂේත්‍රයටද?
ඔය කිව්ව දේවල්වලට විතරක් ‍නෙවෙයි මම ක්‍රීඩාවටත් දක්ෂ කෙනෙක්. මම එකකට විතරක් කියලා නැහැ. හැම දේටම දක්ෂ ඕල් රවුන්ඩර් කෙනෙක්.
 
මෙවර සුමති සම්මාන උළෙ‍ලේ හොඳම ළමා තාරකාව වූ සහේලි සඳිත්මා සමග ඔබේ නෑකමක් තියෙනවා නේද?
සහේලි මගේ අක්කගේ දුව. දුවව රඟපෑමට යොමු කළේ මමයි. පුංචි කා‍ලේ ඉඳලා මම දක්වපු කුසලතා සහේලි දැක්කා. ඒත් සහේලි අද මටත් වඩා ඉදිරියෙන් ඉන්නවා. සහේලි තව ගොඩක් දුර යන්න පුළුවන් දක්ෂ රංගන ශිල්පිනියක් කියන එක නම් කියන්නම ඕනේ.
 
පෞද්ගලික ජීවිතයේදී ඔබ මොනවගේ චරිතයක්ද?
මම බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්. ඒ වගේම ලැජ්ජාව ගෑවිලාවත් නැති කෙනෙක්. හැබැයි මම මගේ සීමාව දන්නවා. ඕනෑම කෙනෙක් එක්ක කතාබහ කරලා හිනාවෙලා ඉන්න මට පුළුවන්. මේ නිසාම තමයි මම දඟකාර කෙනෙක් කියලා සමහරු හඳුන්වන්නේ. 
ප්‍රේක්ෂකයෝ  මට කියන්නේ ධනංජි ඔයා ගාව කිසිම ආඩම්බරකමක් නැහැ කියලා. අන්න ඒ නිසයි මිනිස්සු මට මේ තරම් ආදරේ.
 
ධනංජිට ආදරේ කරන්න විශේෂ කෙනෙකුත් ඇති නේද?
මට ආදරේ කරන්න විශේෂ කෙනෙක් කලින් හිටියා. ඒත් දැන් නම් එහෙම කෙනෙක් නැහැ. ඔය කියන විශේෂ ආදරේ දැනෙන්න විරහව කියන දේ විඳලා තියෙන්නේම ඕනේ. අද දවස තුළ මට දෙන්න තියෙන්නේ ඒ වගේ උත්තරයක්.
 
සමන්මලී නැලිගම

ඉස්කෝලෙ යන කා‍ලේ අපේ වීරයෝ වුණේ, පරමාදර්ශී චරිත වුණේ ගුරුවරු. පාස‍ලේ සිටින ගුරුමඩුල්ල අතරින් ළමයින්ගේ විශේෂ අවධානය දිනා ගත්තු ගුරුවරුත් හිටිය. ඒ අයගේ ඉගැන්වීමේ දක්ෂතාවය වගේම පෞද්ගලික ප්‍රතිරූප හා ඔවුන් සමග පවතින ගුරු සිසු සම්න්බන්ධයත් ඊට බලපෑවා. 
මේ දවස්වල විකාශය වන “දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ” “සොනාලි ටීචරුත්” රටේම ආදරය දිනාගත්තු චරිතයක්. මේ සතියේ “රිද්ම” කවරය සරසන්නේ “සොනාලි ටීචර්” විදියට පුංචි තිරයෙන් අපට හමුවන හිමායා බණඩාරයි.
 
ඉස්කෝලෙ ක්‍රිකට් පුහුණුකරු ලයනල් සඳුන් සහ සොනාලි ටීචර්ගේ සමහර ජවනිකා නාට්‍යයේ ජනප්‍රියත්වයට බලපානවා. ඒත් ඒවා පාසලකට සුදුසුද කියලා ඇතැමුන් ප්‍රශ්න කරනවා. ඔබ ඒ ගැන මොකද කියන්නේ? 
මේක නිර්මාණය කරපු චරිතයක් විතරයි. ඉන්දීය සිනමාව ගන්න මේ වගේ අභව්‍ය සිදුවීම් කොයි තරම් තිබෙනවාද? දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ මගේ චරිතය නමෛයි වැරදි කරන්නේ. ඒ චරිතය පරමාදර්ශීි චරිතයක්. ඒ හින්දා මට කවුරුත් දොස් කියන්නේ නැහැ. 
 
ඔබ ඔය කියන විදියට සොනාලි ටීචර් පරමාදර්ශී චරිතයක් හින්දා පෞද්ගලික ජීවිතයත් දැන් ඔබට වෙනස් කරගන්න සිදුවෙලාලු නේද?
ඒක නම් ඇත්ත. මට දැන් ඇඳුම් පැළඳුම් ගැන පවා සැලකිලිමත් වෙන්න වෙලා තියෙනවා. 
 
ඒ කියන්නේ පාරේ තොටේ යද්දී ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර ඉහළින්ම ලැබෙනවා කියන එක නේද?
ප්‍රතිචාර නම් ඉහළයි. ටෙලි නාට්‍යයක චරිතයක් තමන්ගේ බවට පත් කර ගන්න මිනිස්සු ඒ චරිතය රඟපාන නළු නිළියන්ගෙනුත් ඒ චරිතය බලා‍පොරොත්තු වෙනවා. ඒ වගේම ප්‍රතිචාර ඉවසාගන්න සිදුවනවා. 
 
ඔබ සාමාන්‍ය ජීවිතයේදී මොන වගේ චරිතයක්ද? 
මම සාමානය ජීවිතයේදී දඟකාර සැහැල්ලු චරිතයක්. සොනාලි ටීචර්ට වඩා ගොඩක් වෙනස්. 
 
ඔබ ගැන ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයෝ නොදන්නා වෙන යමක් තිබෙනවාද? 
මගේ අම්මා අංශභාග රෝගියෙක්. පියා ජීවතුන් අතර නැහැ. 
ඒ ප්‍රශ්න මැද තමයි මම රඟපෑම කරගෙන ඉන්නේ. 
 
ආදරවන්තියක් බව ආරංචියි? 
ඔව්. මම ආදරය විඳිනවා. වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්. 
 
ආරියවංශ කුලතිලක 
 
ඡායාරූපය - මංජුල පෙරේරා

මෙවර සුමති සම්මාන උළෙ‍ලේදී වසරේ හොඳම නැගී එන නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ගයාත්‍රි රාජපක්ෂයි. 
මේ සම්මානය නිසා තමන්ට සතුටට පත්වෙන්න හේතු කාරණා ගොඩක් තිබෙනවා කියලයි ගයාත්‍රි පවසන්නේ. ඒ මොනවාද කියලා ඇගෙන්ම දැනගෙන පාඨක  ඔබට කියන්නත් එක්කයි අපි මෙලෙස ගයාත්‍රිව සංවාදයකට එක්කාසු කරගත්තේ. 
 
ගයාත්‍රිට මේ සම්මානය සුවිශේෂීි වෙන්න හේතු ගොඩක් තියෙනවාලු නේද? 
අ‍පොයි ඔව්. මේක මම රංගන ශිල්පිනියක් විදිහට ලබපු මුල්ම සම්මානයනේ. ඒ නිසා මට මේ සම්මානයේ වටිනාකම වැඩියි. 
 
විශ්වාසයක් තිබුණාද මෙදා පාර සුමති සම්මාන උළෙ‍ලේදී කුළුඳුල් සම්මානය දෝතට  ගන්න වරම් ලැබේවි කියලා? 
එහෙම විශ්වාසයක් නොතිබුණාම කියන්න බැහැ. ‘මාද ඔබම විය’ ටෙලි නාට්‍යය වෙනුවෙන් මම කරපු කැපවීමට සුමති සම්මාන උළෙ‍ලේදී නිසි ඇගයීමක් ලැබේවි කියන විශ්වාසය මගේ හිතේ තිබුණා. 
 
ඒ කියන්නේ ඔබට සම්මානය ලැබුණේ නිකම් ආවාට ගියාට රඟපාපු චරිතයක් වෙනුවෙන් නමෛයි කියන එකද? 
අන්න හරි. ඒක මම බොහොම අමාරුවෙන් රඟපාපු චරිතයක්. ඒ චරිතේ රඟාපාන්න ගිහින් මම තව ඩිංගෙන් මුහුදෙත් ගිලෙනවා. 
 
ඒ කොහොමද? 
ඒ එහි එක්තරා දර්ශනයක් තිබුණා මම මුහුදට පනින. ඒ දර්ශනය රූගත කරද්දී මම ඇත්තටම මුහුදේ ගිලෙන්න ගියා. මට මුහුදු වතුර පෙවිලා තියෙද්දී තමයි කව්රුත් කලබලවෙලා මාව ගොඩට ගත්තේ. 
 
ඒ වගේම මේ ටෙලි නාට්‍යය ගැන ගයාත්‍රිට තවත් මිහිරි මතකයකුත් තියෙනවා කියන්නේ ඇත්තද? 
ඔව්. ඒ මතකය තියෙන්නෙ මගේ පුතා ගැන. ටෙලි නාට්‍යය රූගත කරන කා‍ලේ මට මගේ පුතා ලැබෙන්නයි හිටියේ. බඩට මාස හතක් සම්පූර්ණ වෙලා තියෙද්දිත් මම රූගත කිරීම් වලට සහභාගි වුණා. 
 
දැන් රංගනයෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ පුතාගේ වැඩ කටයුතු හින්දද? 
ඔව්. පුතාගේ වයස තවම අවුරුද්දයි මාස පහයි. තව අවුරුද්දක් ගතවෙන තුරුවත් පුතාව බලාගෙන ගෙදරට වෙලා ඉන්නයි මගේ කල්පනාව. 
 
විවාහයෙන් පස්සේ රඟපෑම ගැන සැමියාගෙන් පුංචි තහංචියක්වත් වැටුණේ නැද්ද? 
අ‍පොයි නැහැ. දැනටත් මම රඟපාන්න යනවාට සැමියා සහ ගෙදර අය කැමතියි. මගේ තීරණයකට අනුව තමයි මම මේ දිනවල රංගනයෙන් ඈත් වෙලා ඉන්නේ. 
 
ඔබේ රසික රසිකාවියන්ට යළිත් ඔබේ රඟපෑම් පුංචි තිරයෙන් දැකගන්න බැරිවෙන එකක් නැහැ නේද? 
ඒ ගැන සැකයක් තියාගන්න එපා.  
දැනටමත් මම ටෙලිනාට්‍ය 30ක විතර රඟපාලා තියෙනවා. මේ ලැබුණු සම්මානයත් මගේ ඉදිරි ගමනට විශාල ශක්තියක්. ඒ නිසා ඉදිරියටත් මම රංගනය පැත්තෙන් තවත් ඉදිරියට යන්න තමයි හිතාගෙන ඉන්නේ. 
 
කිෂාන් කනංකෙ{jcomments on}
 

2015 වර්ෂයේදී “මිස් ඒෂියා” කිරුළ හිමි කරගත්තේ දුෂේනි මියුරංගියි. ඒ ලැබූ ජයග්‍රහණයත් සමගම දුෂේනිට රංගන 
ක්ෂේත්‍රයේත් දොර කවුළු විවර වුණා. මේ වන විට ටෙලිනාට්‍ය 5කත් එක් චිත්‍රපටයකත් ඇය රඟපා තිබෙනවා. පසුගිය 18 වැනිදා දුෂේනිට තවත් ජයක් අත් වුණා. එදින සන්ධ්‍යාවේ කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති “මිස් ශ්‍රී ලංකා” තරගයේ කිරුළ හිමි වුණෙත් ඇයටයි. ඔක්තෝබර් මස අවසානයේ චීනයේ පැවැත්වෙන ලෝක රූ රැජින තරගයට යාමට සූදානම් වන අතරතුර ඇය ආදරණීය “රිද්ම පාඨකයන්” වෙනුවෙන් මෙසේ සංවාදයකට එකතු වුණා. “කවදා හෝ දවසක මිස් ශ්‍රී ලංකා වෙනවා කියන හීනය කාලෙක ඉඳන් මගේ හිතේ තිබුණා. ඒ හීනය සැබෑ වීම පිළිබඳ විශාල සතුටක් මගේ හිතේ තියෙනවා. දැන් මගේ ඊළඟ ඉලක්කය “ලෝක රෑ රැජින” කිරුළ හිමි කරගැනීමයි.” දුෂේනි කතාව පටන් ගත්තේ එහෙම කියාගෙන. ඉන්පසුව අපි ඇයගෙන් මේ විදියේ ප්‍රශ්න කීපයකුත් ඇහුවා. 
 
උපතින්ම උරුම වූ සොඳුරු රුව ඔබට මේ ජයග්‍රහණය වගේම නිළිකමට එන්නටත් දොරටුවක් වුණා කියලා හිතනවාද? 
රූ රැජිනක් වගේම නිළියක් වීමටත් රූපය සුදුසුකමක් තමයි. හැබැයි ඒ එක සුදුසුකමක් විතරයි. නිළියකට රූපය වගේම රංගන හැකියාවත් වැදගත්. රූ රැජිනක් කියූ සැනින් නම් ගොඩක් දෙනා හිතන්නේ රූපය පමණක් ඊට සෑහෙනවා කියලයි. ඒකට හේතුව දැන් ජාත්‍යන්තර මට්ටමේ කියමින් රූ රැජින තරග රාශියක් පැවැතීමයි. ඒත් පිළිගත් තරග දෙකයි තියෙන්නේ. ඒ තමයි “ලෝක රූ රැජින” තරගය හා “විශ්ව රූ රැජින” තරගය. මා ඔක්තෝබරයේ යන්නේ “ලෝක රූ රැජින” තරගයටයි. එතැනදී රූපය වගේම උස, සිරුරේ හැඩය, ගමන බිමන කතා විලාසය වැනි දේවල් වගේම බුද්ධි මට්ටමත් සලකා බලනවා. 
 
තරගයේදී ඔබ ඔබේ බුද්ධි මට්ටම පෙන්වා ලකුණු හිමි කරගත්තේ කොහොමද? 
මගෙන් ඇසූ ප්‍රශ්නය තමයි ලෝකයේ “යමක් වෙනස් කරන්නට අවස්ථාව ලැබුණොත් වෙනස් කරන්නේ මොකක්ද කියන එක” මම පිළිතුරු දුන්නේ “මින්සුන්ගේ සිත්වල දයාව, කරුණාව ඇති කරනවා. එයින් ලෝකය පුරා විහිදුනු ගැටුම්කාරී තත්ත්වය වෙනස් කළ හැකියි කියන එක. ඒකට මට විශාල ප්‍රමාණයක් ලකුණු ලැබුණා. ඒ වගේම මෙහිදී අපි සමාජ සත්කාරක ව්‍යාපෘතියක් කරලා පෙන්වන්නත් ඕනෑ. මම කළේ ඩෙංගු මර්දනය ගැන ජනතාව දැනුවත් කිරීම පිළිබඳ ව්‍යාපෘතියක්. ලෝක රූ රැජින තරගයට මම ඉදිරිපත් කරන්න බලා‍පොරොත්තු වෙන්නේත් ඒ ව්‍යාපෘතියම තමයි. 
 
ලැබූ කිරුළ සමග කලා ලොවේ හිතවතුන් ඔබට සුබ පැතුවාද? 
විනිසුරු මඩුල්‍ලේ සිටි මාලනී ෆොන්සේකා මහත්මිය වගේම තරගය නරඹන්න පැමිණි උදාරි පෙරේරා, දිනක්ෂි, සාරංග, නදීකා ගුණසේකර, අනුජ් රණසිංහ සුබ පැතුවා. දුරකථනයෙන් කතා කරලා සුබ පැතූ අයත් හිටියා. 
 
ඒත් අද අන්තර්ජාලයේ මුහුණු ‍පොතේ සැරිසරන්නේ අනුජ් ඔබට සුබ පැතූ ඡායාරූප. ඒ වෙලාවේ ඔබේ ජයග්‍රහණයෙන් අනුජ් බොහෝ සතුටට පත්වූ බවයි පෙනෙන්නේ.?
අනුජ් මගේ හොඳම යාළුවෙක්. මිස්ටර් ශ්‍රී ලංකා තරගයෙන් දිනලා ජාත්‍යන්තරයත් නියෝජනය කරලා ලැබූ අත්දැකීම් අනුව එයා මට මේ තරගයේදී ගොඩක් උදව් උපකාර කළා. 
 
අනුජ් හොඳම යාළුවෙක් විතරමද? ඊට එහා ගිය ඇසුරක් ඔය යාළුකමේ නැද්ද? 
(හිනැහී) ඒ ප්‍රශ්නෙට පස්සේ දවසක හරි උත්තරයක් දෙන්නම්. 
 
ආරියවංශ කුලතිලක 
 
ඡායාරූප - අශේන් රවිඳු

ඉස්සෙල්ලාම අපිට කියන්න ධනුක දිල්ෂාන් කියන ඔබ මොන වගේ දේවල්වලටද වැඩියෙන්ම සතුටු වෙන්නේ කියලා? 
මගේ අය සමග එකට ගත කරන එක තමයි මට තියෙන ලොකුම සතුට. “මගේ අය කියලා කිව්වේ. “මගේ පවු‍ලේ අය... මගේ යාළුවෝ... ඒ හැමෝම. 

මගේ කිව්වම “මගේ ආදරය” කියන දේත් අයිතිනේ. ධනුක ආදරය කළ කෙනා ධනුක ළඟ ඉඳීම සතුටක් නම් එයා ඈතක ගියොත් මොන වගේ හැඟීමක් ඇති වෙයිද? 
ඒ දුක වින්දේ 2010 දී. ඒ මගේ පාසල් ප්‍රේමය අහිමි වූ දවසේදී. ඊට පස්සේ නම් ඒ දුක විඳලාම නැහැ. 
 
දැන් ලැබිලා ඉන්න කෙනා ළඟම ඉන්න නිසා ඒ සතුට විඳිනවා. ඒ නිසා දුකක් නැහැ. එහෙම නේද? 
ප්‍රථම ප්‍රේමය බිඳී ගියාට පස්සේ මම කාටවත් ස්ථිරව ප්‍රේම කරලා නැහැ. 
 
ප්‍රේමයක් නැතිව කෙනෙක්ව ජීවිතය ළඟින්ම තියාගෙන ඉන්න එක ඔබට සතුටක්ද? 
මගේ ළඟ ඉන්න හැමෝම මගෙ මිතුරෝ හා මිතුරියෝ විතරයි. මිතුරු මිතුරියන් ළඟ ඉන්න එක සතුටක් තමයි. හැබැයි මම කී දේවල් වැරදියට වටහා ගන්න එපා. ඒ හැම සම්බන්ධතාවක්ම මිතුරු සබඳතා විතරමයි. 
 
පහුගිය කා‍ලේ ධනුකගේ ඔය මිතුරු සබඳතා ගැන කටකතා පැතිරුනා නේද? 
ඒ කටකතාවලට පිළිතුරු දැන් ලැබෙමින් පවතිනවා නේද? මගේ නිදොස් බව කාලයා විසින් විසඳාවි. 
 
ධනුක හිතන්නේ වැඩි සතුටක් රැඳිලා තියෙන්නේ තනිකඩ ජීවිතය තුළද විවාහ ජීවිතය තුළද? 
මම නිදහස තුළින් ලොකු සතුටක් විඳින කෙනෙක්. අද මම තනිකඩ ජීවිතයේ උපරිම සතුට විඳිනවා. දැනට නම් මම හිතන්නේ වැඩිම සතුටක් තියෙන්නේ තනිකඩ ජීවිතය තුළ කියලා. හැබැයි ඉතින් මම කවදා හරි විවාහ වෙයි. එදාට මම ජීවිතය සතුටින් බාර ගනීවි.
 
සතුට තියෙන්නේ තනිකඩ ජීවිතය තුළ නම් ඇයි ඔබ විවාහ වෙන්නේ? 
විවාහ ජීවිතය කියන්නෙත් කෙනෙකුගේ ජීවිතයට අවශ්‍ය දෙයක්නේ. 
 
විවාහය අවශ්‍ය ලෝක සම්මතයට නිසා සතුටින් හෝ දුකින් හෝ අනිවාර්යයෙන්ම ඊට මුහුණ දිය යුතුයි කියන තැනද ධනුක ඉන්නේ? 
කොහෙත්ම නැහැ. කඩදාසියක අත්සන් කළ පමණින් දෙදෙනකු අතර බැඳීමක් ඇතිවෙන්නේ නැහැ. අනික ඒ විදියේ සහතිකයක් නැතුව  වුණත් දෙදෙනකු අතර ආධ්‍යාත්මික බැඳීමක් තියෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ අන්න ඒ ආධ්‍යාත්මික බැඳීමයි. 
 
ඒ ආධ්‍යාත්මික බැඳීම තියෙනවා නම් විවාහ නොවී වුණත් කෙනෙකු සමග එක වහලක් යට දිවි ගෙවීම “ධනුකට සතුටක්?” එහෙමද? 
ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න ඕන ටිකක් පුළුල් විදියට. විවාහ නොවී දෙදෙනකු එක වහලක් යට ජීවත් වීම බටහිර රටවලට සාමාන්‍ය දෙයක්. සුද්දගේ ඇඳුම අඳින සුද්දගේ භාෂාව භාවිත කරන, ඒ හැමදේම ගන්න අපි ඔතැනදී විතරක් සංස්කෘතිය ඉස්සරහට දානවා. ඒත් ඔය කියන සංස්කෘතියට මුවාවෙලා අපි බොහෝ දේ කරනවා. මම ඒ බොරුවට විරුද්ධයි. ඒ මගේ මතය. හැබැයි මම මගේ පැත්තෙන් ගත්තොත් ජීවිතේ බෙදා හදා ගන්න ගැළපෙන කෙනෙක් මට මුණගැහුණොත් මම එයා එක්ක එකතු වෙන්නේ සමාජ සම්මතයට අනුවයි. විවාහ වෙලා, ඊට පස්සේ සතුටින් යුග ජීවිතේ ගෙනියනවා.
 
ධනුකට අනාගතය ගැන හිතන විට ඇතිවන්නේ සතුටක්ද? දුකක්ද? එහෙම නැත්නම් මොන විදියේ හැඟීමක්ද? 
කිසිම හැඟීමක් නැහැ. මම නිතරම ජීවත් වෙන්නේ මේ මොහොතේ. මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි බෞද්ධ දර්ශනය, බැඳීම්වලින් හිත නිදහස් වෙද්දී දැනෙන සතුට ඔය හැම තාවකාලික සතුටකටම වඩා වැඩියි. 
 
ධර්ම ‍පොත පත පරිශීලනය කරමින්, බණ භාවනා කරමින් ධනුක ඒ සතුට විඳිනවාද? 
මම දහම් පාස‍ලේ ධර්මාචාර්ය දක්වා බෞද්ධ දර්ශනය හදාරලා තියෙනවා. දැනට විවේකයක් ලැබුණාම ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා හමුවෙලා ධර්මය ගැන සාකච්ඡා කරනවා. තවම භාවනානුයෝගී ජීවිතයක් ගැන අවශ්‍යතාවය හිතට දැනිලා නෑ. ඉදිරියේදී එහෙම දැනුණොත් ඊට යොමුවෙන්නත් බැරි කමක් නැහැ. 
 
ආරියවංශ කුලතිලක{jcomments on}

මේනකා, ජීවිතේ සතුට ලබන්නේ මොන විදියේ දේවල් තුළින්ද? 
මගේ ජයග්‍රහණයන් වගේම මම ආදරය කරන කෙනා සමග ගත කරන කාලයත් මට ලොකු සතුටක්.
 
ජයග්‍රහණය සතුටක් නම් පරාජය දුකක් විය යුතුයි. ඒ කියන්නේ ලබාගත යුතුයි කියල හිතුණ දෙයක් සටන් කරලා හරි ලබාගන්න පුරුද්දක්ද ඔබට තියෙන්නේ ?
මා ගැන රටේ ගොඩ නැගිලා තියෙන ප්‍රතිරූපය අනුව නම් ඕනෑම කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. මම චණ්ඩිකම් කරන ගැටුම් ඇති කරගන්න තවත් කෙනෙකුට ගහලා හෝ මට ඕනෑ දේ ලබා ගන්න කෙනෙක් කියලා තමයි හුඟක් අය හිතාගෙන ඉන්නේ. ඒත් ඇත්ත මේනකා ඊට සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක්. මට ජයග්‍රහණය සතුටක් බව ඇත්ත. හැබැයි පරාජය දුකක් නමෛයි. මොකද මම ජය පරාජය දකින්නේ මගේ ලැබිම, නොලැබිම සහ වාසනාව, අවාසනාව අනුව සිදුවන විදියටයි. එහෙම හිතල පරාජයන්වලදී හිත හදාගන්නවා. 
 
පරාජය අවාසනාවක් විදියට දකිනවා කියන්නේ ජීවිතයේ ලැබූ පරාජයන් මේනකා තුළ බලවත් දුකක් සහ කලකිරීමක් ඇති කරවා තියෙන නිසා වෙන්න ඇති නේද? 
නැහැ. මම ෙදෙවය තදින්ම විශ්වාස කරන කෙනෙක්. මට වඩා අඩු දක්ෂතා තියෙන මට වඩා අඩු සුදුසුකම් ඇති අයට මට නොලැබුණ බොහෝ දේ ලැබෙන අවස්ථා මම දකිනවා. ඒ වෙලාවට දුකක් හිතුණත් එහෙම වෙන්නේ මගේ අවාසනාවට කියලා ඒ වෙලාවට මම හිත හදාගන්නවා. ඒ වගේම තමයි, පුංචි දේවල් මහ විශාල විදියට ප්‍රචාරය වෙලා නොකළ වැරදිවලට චෝදනා එල්ල වෙලා මට මඩ වදිනවා. පහුගිය කාලයේ වුණු හැමදේම ඒ වගේ දේවල්. එහෙම වෙන්නේ මගේ අවාසනාවට කියලා හිතලා ඒ වෙලාවටත් මම හිත හදාගන්නවා.
 
මෑත කාලයේ ඔබ ගැන විවිධ විදිහේ කතා පැතිරුණා. ඒවාට ඔබ තවමත් හිතින් දුක් වෙනවාද?
ඔව්, දැන්නම් මට ඒ වගේ දේවල්වලට මුහුණ දෙන්නත් බැරි තරම්. කොටින්ම කියනවා නම් පත්තරේකට ආටිකල් එකක් දෙන්නත් දැන් මම බයයි. මම කියපු එක වාක්‍යයක් අරගෙන ඒක ලොකු පුවතක් කරලා, එහෙම නැත්නම් ආටිකල් එකේ හෙඩිමේ අදහස්වලට වැරදි අර්ථකථන දීලා මඩ ගහන්න ඇතැම් අන්තර්ජාල වබේ අඩවි බලාගෙන ඉන්නවා. 
 
මේනකා හින්දා අනිත් අය සතුටු වූ අවස්ථා සහ දුක්වූ අවස්ථා නැද්ද?
ඇයි නැත්තේ ? එහෙම ඕනෑ තරම් අවස්ථා ඇති. ඒ ගැන හරියටම මම දන්නේ නැහැ. හැබැයි මට සමීපතම කෙනා මගේ අම්මා. මගේ සතුටෙදී වැඩිපුරම සතුටුවනවා වගේම මට දුකක් දැනුණොත් වැඩියෙන්ම දුක් වෙන්නෙත් මගේ අම්මා බව දන්නවා.
 
ඔබ මවත් සමග සහභාගි වූ එක්තරා රූපවාහිනී සාකච්ඡාවකදී දුව ගැන ආඩම්බරයි. ඒත් මේ වගේ දරුවෙක් මට ඉපදුනේ ඇයි කියලා සමහර වෙලාවට හිතෙනවා කියලා ඔබේ මව පැවැසුවා. ඔබ නිසා අම්මා හුඟක් දුක් විඳල තියෙන නිසාද ඇය එහෙම කතාවක් කිව්වේ ?
මම අම්මට හිතුවක්කාර වූ අවස්ථා හුඟක් තියෙනවා. හැබැයි මම මෙහෙම කිව්වාම ඒ කතාවත් සමහරු වැරදියට වටහා ගනීවි. අම්මට මම වැඩියෙන්ම හිතුවක්කාර වෙලා තියෙන්නේ අම්මා එපා කියූ අය ආශ්‍රය කිරීමෙන් ගැටලු  ඇතිකරගෙනයි. සමහර අය සමහර වැරදි දේවල් කරද්දී මම එතැන හිටියොත් මම මොනවත් කරලා නැතුවත් ඒ චෝදනාව මටත් එල්ල වෙනවා. ඔය වගේ හුඟක් අවස්ථාවලට මම මුහුණ දීලා තියෙනවා. 
 
දරුවෝ නරක යාළුවෝ ඇසුරු කරද්දී දෙමාපියෝ දුක්වනවා. දරුවන්ගේ ප්‍රේම සම්බන්ධතාත් දෙමාපියන්ට දුක් ඇතිකරනවා. මේනකාගේ අම්මටත් එවැනි අත්දැකීම් ඇති ? 
මම ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්නේ දෙමාපියෝ කැමති වන කෙනෙක් සමග විතරයි. 
 
කතාබහ ආරම්භයේදීම මේනකා කිව්වා ආදරය කරන කෙනා එක්ක ගත කරන කාලයත් වැඩියෙන්ම සතුටු වෙන්න හේතුවක් බව. ඒ කියන්නේ දැන් ඔබට පෙම්වතෙක් ඉන්නවද?
ඔව්, එයා ගැන විස්තර පසුව කියන්නම්.
 
ජීවිතේ කී වතාවක් කී දෙනෙකුට ආදරේ කරලා තියෙනවාද?
ආකර්ෂණය සහ කැමැත්ත කියන්නේ වෙනම දෙයක්. හැබැයි ආදරය ඊට වඩා ගැඹුරු දෙයක්. එහෙම බැලුවොත් ජීවිතේ දෙවතාවක් මම ආදරේ කරලා තියෙනවා. 
 
ආදරය නිසා විඳපු ලොකුම දුක මොකක්ද? 
ලොකු රැවටීමකට ලක්වීම තමයි.
 
ආරියවංශ කුලතිලක

Page 3 of 9

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 3826

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2935

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4404

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5038

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5823

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3508

Please publish modules in offcanvas position.

X

Right Click

No right click