Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     
මුලින්ම අපි කැමැතියි රොෂාන්ගේ මනාලිය ගැන විස්තර දැන ගන්න? 
ඇය රිද්මා දිසානායක. අපි දෙන්නා කාලෙක ඉඳන් හඳුනනවා. හිත මිතුරෝ විදියට ඇසුරු කරලා පස්සේ තමයි ආදරයක් ඇති වුණේ. ඇයත් නුවර මමත් නුවර. අපේ අදහස් හොඳින් ගැළපෙනවා. දෙන්නට දෙන්නා ගැන හොඳ වැටහීමක් තියෙනවා ඒ හින්දා අපි තීරණය කළා විවාහ වෙන්න. 
 
රිද්මා කලාවට උනන්දුද? 
ඇයට හොඳ රසඥතාවක් තියෙනවා. ඒත් කලාවට සම්බන්ධ වෙන්න නම් අදහසක් නැහැ. 
 
ඒත් රිද්මා නිළියක් වගේ ලස්සනයි?
ලස්සන කියන්නේ නිළියක් වෙන්න එක සුදුසුකමක් විතරයි. රඟපෑම කියන්නේ බොහොම ගැඹුරු විෂයක්. ඒ හින්දා එයා ඒකට සුදුසු නැහැ කියලයි මම හිතන්නේ. 
ඔබ දෙදෙනාගේ මංගල ඡායාරූප පෙළක් දුටුවාට මංගල උත්සවයක් දකින්න ලැබුණේ නැහැ? 
මංගල උත්සවයක් පස්සේ ගන්නවා. මේ ඡායාරූප පෙළ සඳහා මාවත් උනන්දු කළේ රිද්මා. නිලක්ෂි පෙරේරා හා කුසුම් පෙරේරා (නිශ්) ඇඳුම් නිර්මාණයෙන්, දර්ශන ගොහාගොඩ (රේ-මෑන්) ඡායාරූපවලින් සිසිර හේමකුමාර (මල් බොකේ) මිරුෂක චතුරංග (ෆොටෝ) මේ සඳහා දුන් අනුග්‍රහකත්වය අමතක කරන්නම බැහැ.
 
අලුත් ජීවිතේ ගැන රිද්ම පාඨකයන්ට මොනවාද කියන්න තියෙන්නේ? 
අපි කොළඹ වගේම නුවරත් ඉන්න බලා‍පොරොත්තු වෙනවා. මගේ කලා කටයුතු සුපුරුදු විදියට කෙරෙනවා.  කරදරයක් නැතුව සරල විදියට අපේ ජීවිත ගෙවිලා යයි. 
රොෂාන්ගේ විවාහයත් සමග අන්තර්ජාලය තුළ ආන්දෝලනාත්මක කතා රැසක් පැතිර ගියා. ඔබගේ හිටපු පෙම්වතියක් කියන තැනැත්තියක් තමයි ඊට මුල් වෙලා තිබුණේ. ඇය ඔබට චෝදනා රැසක් එල්ල කර තිබුණා? 
ඔය ගැන කතා කරන්නවත් මම කැමැති නැහැ. කාට හරි මට චෝදනා කරන්න තියෙනවා නම් මම විවාහ වන තුරු සිටියේ ඇයි ඔය චෝදනා කරන්න. ඒ වගේම මගෙන් කාට හෝ ප්‍රශ්නයක් වුණා නම් කරන්න තියෙන්නේ නීතිය ඉදිරියට යන එකනේ. මම ඒ දේවල්වලට මුහුණ දෙන්න සූදානම්. 
 
ආරියවංශ කුලතිලක 
 
ඡායා - දර්ශන ගොහාගොඩ 
ඇඳුම් - නිලක්ෂි පෙරේරා
කුසුම් පෙරේරා (නිෂ්)
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2265

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2307

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3828

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4359

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5197

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3059

Please publish modules in offcanvas position.

X

Right Click

No right click