Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     
මාධවීගේ අත කවුරු ගනීවිද කියලා සතියේ දිනවල රාත්‍රී 7.30ට ස්වර්ණවාහිනියේ විකාශය වන ‘සඳපිනි වැස්ස’ නරඹන ඔබ කවුරුත් ඇඟිලි ගනිමින් ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන අහන්නත් එක්ක අපි මේ කතාබහට එකතු කර ගන්නේ 
මාධවීගේ චරිතයට පණ ‍පොවන ශෙහානි කහඳවලයි. 
 
ශෙහානි මේ දවස්වල පෙම්වතුන් දෙදෙනෙකුගේම ආදර දැලට පැටලිලා කියන්නේ ඇත්තද? 
මට පෙම්වතුන් දෙදෙනෙකුගේ ආදරයට මැදිවෙන්න වුණේ “සඳපිනි වැස්ස” ටෙලි නාට්‍යයේ මං රඟපාන මාධවීගේ චරිතේ හින්දයි. 
 
හැබැයි ඉතින් ඒ වගේ චරිතයක් රඟපාන කොට නොයෙක් විදියේ විවේචන එල්ල වෙන්නට ඉඩකඩ තියෙනවා නේද?
මාධවී හින්දා දැනට නම් නරක විවේචන එල්ල වෙන්නේ නැහැ. මොන විදියේ විවේචන එල්ල වුණත් ඒවා එල්ල වෙන්නේ රඟපාන චරිතෙටනේ. ඉතින් මගේ චරිතෙට ලැබෙන හැම ප්‍රතිචාරයක්ම මම සමබරව භාරගන්නවා. හැබැයි මේ වනවිට මාධවීට ලැබිලා තියෙන්නේ නම් හොඳ ප්‍රතිචාර. 
 
මාධවීයි, ශෙහානියි අතර තියෙන්නේ මොන වගේ සමානකම්ද?
මාධවී කියන්නේ හිත ගොඩක් අහිංසක, හොඳට කල්පනා කරලා බලලා තීරණ ගන්න පුළුවන් යුවතියක්. ශෙහානිත් ඒවගේම කෙනෙක්. ඒත් මාධවී වගේ ශෙහානි නම් පෙම්වතුන් දෙන්නෙකුගේ ආදරයට මැදි වෙලා නැහැ. 
 
සුජාතා ටෙලි නාට්‍යයෙන් ඔබ අත්පත් කරගත් ජනප්‍රියතාව දැන් ශෙහානිට ඇත්තටම තියෙනවාද?
සුජාතා ටෙලි නාට්‍යයෙන් බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ආදරේ දිනාගත්තා. ප්‍රේක්ෂකයෝ හැමෝම ආදරේ කරන්නේ රඟපාන චරිතෙට. කාලයක් යනකොට ඒ චරිතේ මිනිස්සුන්ට අමතක වෙන්න පුළුවන්.  ඒත් රංගන ශිල්පිනියක් විදිහට අදටත් බොහෝ දෙනාගේ ආදරය මට ලැබෙනවා කියන එක නම් කියන්නම ඕනේ. ‘සඳපිනි වැස්ස’ මාධවී හින්දම මං ආයෙත් ජනප්‍රියයි කියලා මට දැනෙනවා.
 
අලුත් අවුරුද්දේ ශෙහානිගේ අලුත් බලා‍පොරොත්තු මොනවද කියලා ඇහුවොත්?
බලා‍පොරොත්තු නම් ගොඩක් තියෙනවා. ඉස්සරහටත් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගන්න එක තමා මගේ ලොකුම බලා‍පොරොත්තුව.
 
එතකොට ශෙහානිගේ ආදරේ දිනා ගත් විශේෂ කවුරුත් නැද්ද?
ඒවාට තව කල් තියෙනවනේ. අපි ඉස්සරහට බලමු නේද? මාව හොඳින් බලාගන්න කෙනෙක් තමයි මම බලා‍පොරොත්තු වෙන්නේ. 
 
සමන්මලී නැලිගම
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2254

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2300

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3825

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4356

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5194

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3055

Please publish modules in offcanvas position.

X

Right Click

No right click