Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

භූමි හරේන්ද්‍රන්ගේ අරුම පුදුම කතාවයි මේ

පසුගියදා පැවැත්වුණු 2017 සාක් සිනමා උළෙ‍ලේ් හොඳම නළුවා වෙනුවෙන් පිරිනැමුණු සම්මානය තිදෙනකු අතරේ බෙදී ගියා. එම සම්මානය හිමි වූයේ විසාකේස චන්ද්‍රසේකරගේ අධ්‍යක්ෂණයක් වූ සයපෙති කුසුම චිත්‍රපටයේ රඟපෑ දසුන් පතිරණ ජෙහාන් අප්පුහාමි සහ භූමි හරේන්ද්‍රන්ටයි. දසුන්ට සහ ජෙහාන්ට සම්මානය හිමිවීම ගැන කිසිවකු ප්‍රශ්න නොකළත් භූමිට එම සම්මානය ලබාදීම බොහෝ දෙනාගේ අවධානය ඒ දෙසට යොමු කරවන්නක් වුණා. ඊට හේතුව වූයේ භූමි ලිංගික විපර්යාසයකට ලක් වූ කාන්තාවක බවට පත් වූ අයකු නිසයි. එබැවින් හොඳම නළුවා යන සම්මානය ඇයට ලබාදීම ගැන සම්මාන උළෙ‍ලේ ජුරියත්, තමන්ගේ ස්ත්‍රී පුරුෂ භාවයට නොගැළපෙන සම්මානයක් පිළිගැනීම ගැන භූමිත් විවේචනයට ලක් කෙරෙන ආකාරයේ අදහස් සමාජ ජාල ඔස්සේ පැතිරෙන්නට පටන් ගත්තා. එම සම්මානය පිළිගනිමින් එය මුළු සංක්‍රාන්ති ලිංගික සමාජයම ලැබු ජයග්‍රහණයක් බව පැවැසූ භූමි සම්මාන උළෙලෙන් පසුව ඇති වී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය ගැන කතා බහ කරන්නට සංවාදයට එක්වූයේ මේ විදියටයි.
 
මෙවර සාක් සිනමා උළෙ‍ලේදී ඔබ සම්මානයට පාත්‍ර වන්නේ හොඳම නළුවා කියන කාණ්ඩය යටතේ. නමුත් ඔබ පිරිමියෙක් නොවෙයි. ඒ නිසා ඔබට ලැබුණේ හරි සම්මානයක් කියලා  කියන්න පුළුවන්ද? 
සාක් සිනමා උළෙ‍ලේදී ජූරිය ගත් එම තීරණයෙ කිසිදු වරදක් මම දකින්නේ නැහැ. මම ඒ සම්මානය පිළිගැනීමට සුදුසුයි. 
 
නමුත් අද වෙද්දී සමාජ ජාල ඔස්සේත් විශාල කතා බහක් ගොඩනැගිලා තියෙනවා, ඔබ ඒ සම්මානය පිළිගැනීම සහ ඔබට සම්මානය ලබාදීම ගැන. ඔබ ඒ ගැන දැනුවත්ද? 
ඔව්. මගේම ප්‍රජාවේ අය පවා චෝදනා නගලා තියෙනවා මම දැක්කා. මම සම්මානයට ලෝබ වෙලා ඔවුන්ව පාවා දුන්නා කියලා. 
 
ඇත්තටම ඔබ සම්මානයට ලෝබ වෙලාද ඒ සම්මානය ප්‍රතික්ෂේප නොකළේ? 
කොහෙත්ම නෑ. මුලින්ම කියන්න ඕනෑ මගේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මොකක්ද කියන කාරණය තීරණය කළ යුත්තේ මා විසින්ම බව. මට සම්මානය ලැබුණේ මම රඟපෑ චරිතයට මිස මගේ ස්ත්‍රීපුරුෂ සමාජ භාවයටවත් භූමි හරේන්ද්‍රන් කියන පුද්ගලයාටවත් නොවෙයි. අනෙක් කාරණය තමයි ඔය කියන චරිතය රඟපාද්දී මම මගේ සංක්‍රාන්ති ජීවිතයට එළැඹිලා තිබුණේ නෑ. 
 
ඒ කියන්නේ ඔබ ඒ වෙනකොට ගත කළේ අද ගත කරන විදිහේ ජීවිතයක් නොවෙයිද? 
නෑ. ඒ වෙද්දී මම පිරිමියෙක්. ඒ කා‍ලේ මම මගේ ලිංගික විපර්යාසයට අදාළ හෝමෝන ප්‍රතිකාර ගනිමිනුයි හිටියේ. 
 
පිරිමියෙක් විදිහට ඔබ ගත කරපු ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තේ කොයි කාලයේදීද? 
2010 වසරේදී විතර තමයි ඒ වෙනස පටන් ගත්තේ. 
 
 “සයපෙති කුසුම” චිත්‍රපටයේ ඔබ රඟපෑ චරිතය ඔබට දැනෙන්නේ මොන විදියටද? 
මම එහි රඟපාන්නේ දසුන්ගේ යාළුවා විදිහට. ඒක බොහොම වැදගත් චරිතයක් විදිහටයි මම දකින්නේ. මොකද හුඟක් වෙලාවට සංක්‍රාන්ති ලිංගික අයට ලැබෙන්නේ ඔවුන් හෑල්ලුවට ලක් වෙන විදිහේ විකට චරිත හෝ ණාත්මක විදිහේ චරිත. නමුත් මේ චරිතය එවැනි එකක් නොවූ නිසයි මම කිසිම පැකිලීමක් නැතුව ඊට ලැබුණු ආරාධනාව බාරගත්තේ. 
 
සම්මාන උළෙලෙන් පස්සේ ඔබට ජූරියේ තීරණය ගැන වැඩිදුර අදහස් දැනගැනීමට ලැබුණාද? 
ඔව්. ජූරියේ සාමාජිකාවක් මුණගැහිලා කිව්වා. මට සම්මානය ලබාදීම ගැන දිගින් දිගටම සාකච්ඡා කරලයි සම්මාන උළෙල පැවැතිදා උදේ ඒ අවසන් තීරණය ගත්තේ කියලා. 
සාමූහික සමාජ ක්‍රමයක් තුළ කරන ලද නිර්භීත රංගනය වෙනුවෙන් සම්මානය පිරිනමනවා කියලයි හොඳම නළුවා සම්මානයට අදාළ හේතු පාඨයෙන් කියැවුණේ. 
 
සයපෙති කුසුමේ රඟපාන්න කලින් ඔබට රඟපෑම ගැන අත්දැකීම් තිබුණාද? 
වාර්තා චිත්‍රපටවලත්, වේදිකා නාට්‍ය කිහිපයකටත් හැරුණාම ඊට කලින් මම වෘතාන්ත චිත්‍රපටයක රඟපාලා තිබුණේ නැහැ. මාව හෑල්ලුවට ලක්වෙන විදිහේ චරිතවලට නම් කලින් ආරාධනා ලැබිලා තිබුණා. සයපෙති කුසුමෙන් පස්සේත් එවැනි ආරාධනා කිහිපයක් ලැබුණා. නමුත් මම ඒ සියලු ආරාධනා ප්‍රතික්‍ෂේප කළා. 
 
එහෙමනම් මොන වගේ චරිතයක් ලැබුණොත්ද ඔබ ආයෙමත් රඟපාන්නේ? 
මගේ ශරීර ස්වභාවයත් එකක් අද වෙද්දී මට පිරිමි චරිත රඟපාන්න බැහැ. නමුත් කාන්තාවක් විදිහට හෝ සංක්‍රාන්ති ලිංගිකයෙකු විදිහට හෝ සමාජයට වැඩ දායක වෙන විදිහේ වැදගත් චරිතයකට ආරාධනා ලැබුණොත් මම එය බාරගන්නවා. 
 
කිෂාන් කනංකෙ 
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2460

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2402

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3911

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4447

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5278

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3130

Please publish modules in offcanvas position.

X

Right Click

No right click