Coss Ear2
lakbima.lk
COSS Ear 1

මීනා රට හැර යයි

“සිරස ටි.වී” ඔස්සේ විකාශය වන “මේ ආදරයයි” ටෙලි නාට්‍යයේ ඒ තේමා ගීතය අද වන විට ඉමහත් ජනප්‍රියත්වයක්
අත්පත් කරගෙන තිබෙනවා. ආදරය ගැන ඒ ගීතය ගැයූ ඒ ආදරණීය හඩේ හිමිකාරිය මීනා ප්‍රසාදිනී පසුගියදා තමන්ගේ ආදරයත් ජයගත්තා. වසර 8ක පෙම් කතාවක් ජයගෙන පසුගිය සැප්තැම්බර් 28 වැනිදා යුග දිවියට පිවිසුනු මීනා පහුගිය ඔක්තෝබර් 17 වැනිදා ලංකාව අතහැරලා තමන්ගේ ආදරණීය සැමියා සමග ඕස්ට්‍රේලියාව බලා පිටත් වුණා. 
 
මෙච්චර කාලයක් මීනා තමන්ගේ ආදරවන්තයා ගැන මාධ්‍යයට වසන් කළා. දැන්වත් කියන්නකෝ ඔහු ගැන තොරතුරු ටිකක්? 
ඔහු ඉරේෂ් පෙරේරා. එයාගේ ගම වෙන්නප්පුව. දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචි වෙලා පෞද්ගලික ආයතනයක රැකියාව කරනවා. 
 
ඉරේෂ් මීනා හමුවීම දිගු කතාවක් කියලයි අපිට නම් අහන්න ලැබුණේ? 
මම මීගමුවේ. ඉරේෂ් වෙන්ප්පුවේ. උසස් පෙළ නිමාවෙලා වැඩිපුර ඉගෙන ගන්න පෞද්ගලික පන්තියකට ගියාමයි එයාව මට මුණ ගැසුණේ. මුලදී අපි ඇසුරු කළේ යාළුවෝ විදියටයි. සැප්තැම්බර් 28 වැනිදා දවසක තමයි මුලින්ම ඉරේෂ් එයාගේ ආදරය මා වෙත ප්‍රකාශ කළේ. ඒ හින්දා තමයි සැප්තැම්බර් 28 වැනිදා දවසක  විවාහය සිදු කළේත්. පවුල් දෙකේම අය කතෝලික. ඒ හින්දා විවාහය සිදුවුණේ කතෝලික චාරිත්‍රවලට අනුවයි. 
 
මීනා ගායනයට පිවිසිලා රටේ ජනප්‍රිය චරිතයක් වුණේ ඉරේෂ් හමු වූ පසු නේද? 
ඔව්. අපි දෙන්නා මුණ ගැසුණේ 2008දී. මම සුපර් ස්ටාර් තරගයට ආවේ 2009දී. 
 
රියැලිටි තරග හරහා කරළිියට ආ බොහෝ අය අද සොයා ගන්නත් නැහැ. ඒත් ඔබගේ කටහඬ තවමත් අපට අසන්නට ලැබෙනවා. මීනාට මොනවාද ඒ ගැන කියන්න තියෙන්නේ? 
මට ඒ ගැන ගොඩක් සතුටුයි. මම බින්දුවටත් එහා සෘණාත්මක තැනකින් ඇරඹිලා මේ ගමන ආවේ. ඒ එන අතරතුර හොඳ නිර්මාණ කිහිපයක් මට ලැබුණා. මම පසුබිම් ගීත ගැයූ එකයි “කලර්”, “කොස්තාපල් පුඥ්ඥසෝම” “උලත් එකයි පිලත් එකයි“ චිත්‍රපට  තිරගත වුණා. තව චිත්‍රපට 7ක් විතර තිරගත වෙන්නත් තිබෙනවා. මේ දවස්වල මම ගී ගැයු “ධර්ම යුද්ධය” තිරගත වෙනවා. “ශ්‍රී වික්‍රම රජ” චිත්‍රපටයේ මම දමිළ ගීතයක් ගැයුවා. ඒ වගේම සෝමරත්න දිසානායක  මහතාගේ  “සරිගම” චිත්‍රපටය මේ වන විට දමිළ බසින් තිරගත කරන්නත් කටයුතු සූදානම් කර තිබෙනවා. සිංහල චිත්‍රපටයට උරේෂා රවිහාරි ගැයූ ගීත දමිළ බසින් ගායනා කරන්නේ මමයි. 
 
කෙටි කලකින් මේ තරම් අවස්ථා ලැබිලා ඒ හැමදේම අතැරලා විදෙස් ගතවෙන්න ඔබ සූදානම් වනවා. මේ ලිපිය පත්තරේ පළවන විට ඔබ ලංකාවේ නැහැ. 
ඔව්. මම 17 වැනිදා මගේ සැමියා සමග ඔස්ට්‍රේලියාවට යනවා. පවු‍ලේ අය යාළු මිත්‍රයෝ මේ හැමදෙනාම දාලා රට යන තීරණය ගත්තේ බොහොම අමාරුවෙන් අපි දෙන්නගේ අනාගතය ගැන හිතලයි ඒ තීරණයට ආවේ. ඒත් මම සංගීතයට ආසයි. ඉඩක් ලැබෙන හැම වෙලාවකම ලංකාවට ඇවිල්ලා ගීතයක් හෝ ගායනා කරන්නයි  මම හිතාගෙන ඉන්නේ. 
 
ඔබ ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන්නේ නවතින්නමද? 
සමහර විට නවතින්නත් පුළුවන්. ආයෙමත් ලංකාවට එන්නත් පුළුවන්. ඒක ඉතින්  ගිහිල්ලා තමයි තීරණය කරන්නේ. 
 
චන්ද්‍රලතා තන්ත්‍රිගේ
 
ඡායාරූප - ධනුෂ්ක සේනාධීර

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2013

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1103

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5120

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2947

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5032

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6259

Please publish modules in offcanvas position.