Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මට ලැජ්ජාව ගෑවිලාවත් නෑ

ස්වර්ණවාහිනියේ “කාසි වත්ත”, ස්වාධීන රූපවාහිනියේ ‘නිසල අරණ”, සිරස “සිහින සොයා”, සියත “ආදරවන්තයෝ” වගේම “ලව් යූ බොස්” ආදී ටෙලි නාට්‍ය කිහිපයකින්ම වෙනස් විදිහේ චරිත හරහා මේ දිනවල ධනංජි තාරුකා ප්‍රේක්ෂකයන් හමුවට එනවා. රංගනය නිසාම කාර්යබහුලවී සිටින ඇයට මේ දිනවල ලැබෙන ප්‍රතිචාර මොනවාද කියා දැනගන්නත් එක්ක ‘රිද්ම’ අපි මේ විදියට ඇයව කතාබහට එකතු කරගත්තා.
 
අපි ඔබට “පූසී” කියලා කියන්නද, නැත්නම ධනංජි කියලා කියන්නද?
මොන නම කිව්වත් ප්‍රශ්නයක් නැහැ. “බෝධි” ටෙලි නාට්‍යය ඉවර වෙලත් තාම හුඟක් අය මට ‘පූසි‘ කියන්නේ ඒ චරිතයට තවමත් හැමෝම ආදරේ කරන නිසා නේ. ‘බෝධි’ ටෙලි නාට්‍යයේ මම රඟපාපු ඔය කියන පූසිගේ චරිතෙට මමත් ගොඩක් ආසයි.
 
මේ දවස්වල මොන නාලිකාවේ ටෙලි නාට්‍ය බැලුවත් ධනංජී ඉන්නවා. ඉතින් ඒවාට සෑහෙන්න ප්‍රතිචාරත් ලැබෙනවා ඇති නේද?
ඔව්. ඉන්දියානු ටෙලි නාට්‍යවලට අපේ ප්‍රේක්ෂකයෝ කොයිතරම් ඇලුම් කළත්, අපේ නාට්‍ය බලන පිරිසකුත් ඉන්නවා කියලා මට ලැබෙන ප්‍රතිචාරවලින් පැහැදිලි වෙනවා..
 
ඔබ මේ වන විටත් නිර්මාණ බොහොමයකට සම්බන්ධ වෙන රංගන ශිල්පිනියක්. ඒත් ඔබේ නම ජනප්‍රිය නිළිය කියන නිර්දේශ නාමයන් අතරට තවමත් එක්වෙලා නැහැ නේද?
සම්මාන උළෙලවල්වල මගේ නම ජනප්‍රිය නිළියන්ගේ ලැයිස්තු අතර නැත්තේ ඇයි කියලා නම් මම දන්නේ නැහැ. ඒත් ජනතාව අතර ධනංජි ඉන්නවා කියන එක නම් මම දන්නවා. ජනප්‍රිය නිළියන් අතරට නිර්දේශ නොවුණා කියලා මම ජනප්‍රිය නැහැ කියලා කියන්න බැහැ නේ.
 
මොනවද ඉදිරියේදී එන්න තියෙන ඔබ රඟපෑ ටෙලි නාට්‍ය ?
නිර්මාණ ‍පෝලිමක්ම එන්න තියෙනවා. ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ “රන්බැඳි මිනිස්සු” හා සමන් කුමාරගේ “සුනේත්‍රා” කියන ටෙලි නාට්‍ය දෙක විකාශනය වෙන්න තියෙනවා. ඒ වගේම නිහාල් බණ්ඩාර අධ්‍යක්ෂණය කළ “සීමා නෑ ආකාසේ” චිත්‍රපටය වගේම බ්ලැක්මේල් කියන චිත්‍රපටයත් තිරගත වෙන්න තියෙනවා. ඒ වගේම වෙළෙඳ දැන්වීම් කිහිපයකත් වැඩ කළා. ඒවාත් ළඟදීම එළියට එයි.
 
ධනංජි දැන් ක්ෂේත්‍රයට ඇවිත් වසර අටකට ආසන්නයි. ඉතින් හැම රංගන ශිල්පිනියකට වගේම ඔබටත් කලාව ගැන විශාල බලා‍පොරොත්තුවක් ඇති නේද?
මේ අවුරුදු හත දිහා හැරිලා බැලුවාම, මාත් එක්කම ආපු පිරිසට වඩා මම අද යම් තැනක ඉන්නවා කියලා කියන්න පුළුවන්. දැන් මට තියෙන ලොකුම බලා‍පොරොත්තුව තමයි හොඳම නිළිය වීම. මට දැන් ක්ෂේත්‍රය ගැන බොහෝ අත්දැකීම් තියෙනවා. හැබැයි තව ඉගෙනගන්නත් බොහෝ දේවල් තියෙනවා. හොඳම නිළිය කියන සිහිනය කවදාහරි හැබෑ කරගන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා.
නිරූපණය, නිවේදනය, රංගනය ඒ වගේම නර්තනය අතරින් ධනංජි වැඩිපුරම ආශා කරන්නේ කුමන ක්ෂේත්‍රයටද?
ඔය කිව්ව දේවල්වලට විතරක් ‍නෙවෙයි මම ක්‍රීඩාවටත් දක්ෂ කෙනෙක්. මම එකකට විතරක් කියලා නැහැ. හැම දේටම දක්ෂ ඕල් රවුන්ඩර් කෙනෙක්.
 
මෙවර සුමති සම්මාන උළෙ‍ලේ හොඳම ළමා තාරකාව වූ සහේලි සඳිත්මා සමග ඔබේ නෑකමක් තියෙනවා නේද?
සහේලි මගේ අක්කගේ දුව. දුවව රඟපෑමට යොමු කළේ මමයි. පුංචි කා‍ලේ ඉඳලා මම දක්වපු කුසලතා සහේලි දැක්කා. ඒත් සහේලි අද මටත් වඩා ඉදිරියෙන් ඉන්නවා. සහේලි තව ගොඩක් දුර යන්න පුළුවන් දක්ෂ රංගන ශිල්පිනියක් කියන එක නම් කියන්නම ඕනේ.
 
පෞද්ගලික ජීවිතයේදී ඔබ මොනවගේ චරිතයක්ද?
මම බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්. ඒ වගේම ලැජ්ජාව ගෑවිලාවත් නැති කෙනෙක්. හැබැයි මම මගේ සීමාව දන්නවා. ඕනෑම කෙනෙක් එක්ක කතාබහ කරලා හිනාවෙලා ඉන්න මට පුළුවන්. මේ නිසාම තමයි මම දඟකාර කෙනෙක් කියලා සමහරු හඳුන්වන්නේ. 
ප්‍රේක්ෂකයෝ  මට කියන්නේ ධනංජි ඔයා ගාව කිසිම ආඩම්බරකමක් නැහැ කියලා. අන්න ඒ නිසයි මිනිස්සු මට මේ තරම් ආදරේ.
 
ධනංජිට ආදරේ කරන්න විශේෂ කෙනෙකුත් ඇති නේද?
මට ආදරේ කරන්න විශේෂ කෙනෙක් කලින් හිටියා. ඒත් දැන් නම් එහෙම කෙනෙක් නැහැ. ඔය කියන විශේෂ ආදරේ දැනෙන්න විරහව කියන දේ විඳලා තියෙන්නේම ඕනේ. අද දවස තුළ මට දෙන්න තියෙන්නේ ඒ වගේ උත්තරයක්.
 
සමන්මලී නැලිගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3125

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2969

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6019

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 3594

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2185

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3001

Please publish modules in offcanvas position.

Web Analytics