Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඉතාලි ජාතික නිළි ජුලියා සමග ජාත්‍යන්තරයට යන ආදරණීය ඔංචිල්ලාව

ශ්‍රී ලාංකේය වේදිකාවේ එදා මෙදා තුර බිහි වූ නාට්‍ය  කරුවන් හා ඔවුන්ගෙන් සිදු වූ මෙහෙවර පිළිබඳ බොහෝ  කතිකා ගොඩනැගුණි. කෙසේ වෙතත් අප මේ කතා කරන නාට්‍යකරුවාට  නිසි ඇගයීිම ලැබි ඇතිදැයි සැක සහිතය. දශක තුනකට ආසන්න කාලයක් පුරා නාට්‍ය කලාව තුළ විවිධ  අත්හදා බැලීම් කරමින් නව  ඉසව් කරා යන්නටත් අපේ කලාව ජාත්‍යන්තරය හා  එක් කරන්නටත් ඇප කැප වී කටයුතු  කරන ඔහු හුදකලා අරගලයක  යෙදෙන්නෙකැයි කීවද වැරදි නැත. එම්. සෆීර් නම් ඔහු මේ දවස්වල තවත් සුවිශේෂ කටයුත්තකට දායක වී සිටියි. ඒ නවමු කටයුත්ත ගැන  මෙන්ම ඔහුගේ නාට්‍ය ජීවිතය  ගැනත් කතා කරන්නට අප එම්. සෆීර් කතාබහට එකතු කර ගත්තෙමු. 
 
නාට්‍ය කලාව තුළ බොහෝ අලුත් අත්හදාබැලීම් කළ  ඔබ නවතම කටයුත්තකට සූදානම් වෙනවා?
 මේ දිනවල මම මගේ දෙවැනි ජාත්‍යන්තර නාට්‍යයට සම්බන්ධවෙලා ඉන්නවා. ඒ තමයි ‘Swing of Love’  (ආදරණීය ඔංචිල්ලාව). එම නාට්‍යයේ ප්‍රධාන භූමිකාව රඟපාන්නේ ඉතාලි  ජාතික නාට්‍ය ශිල්පිනී ජුලියා ඉලිප්‍පො. මංජුල වෙඩිවර්ධන සිංහලෙන් රචනා කළ මෙම නාට්‍යය දිලීපන ඊරියවල විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කළා. මෙහි මංගල දර්ශනය නොවැම්බර් 01 වැනිදා ඉන්දියාවේ ‘පූනි අයියා’ හි වේදිකා ගතවනවා. දෙවැනි දර්ශනය කොරියාවේ ඩීයෝ ජාත්‍යන්තර රංගශාලාවේදී වේදිකා ගත වනවා. ඉන්පසු රටවල් 50ක මෙය වේදිකා ගතවීමට නියමිතයි.
 
දශක තුනකට ආසන්න නාට්‍ය ජීවිතය තුළ ඔබ අලුත් අත්හදා බැලීම් බොහෝමයක් කළා?
මම ක්‍ෂේත්‍රයට  පැමිණි මුල් කාලයේදීමයි ‘පශ්චාත්තාපය’ නාට්‍යය කළේ. එය එකම නළුවෙකු පමණක් රඟපෑ නාට්‍යයක්. ‘Black Box’ තියටර්  නාට්‍ය කලාව ලංකාවට හඳුන්වා දුන්නේ මම. ඒ වගේම වසර 6ක් පුරා මම ‘කොළඹ ජාත්‍යන්තර  නාට්‍ය උළෙල’ පවත්වාගෙන යනවා. මා දවිත්ව භාෂා නාට්‍යද කර තියනවා.
 
එම්. සෆීර් ජාත්‍යන්තරය තුළ තමන්ට ඉඩක් හදාගත් නාට්‍යකරුවෙක් නේද?
මම දැනට ඉන්දියාවේ ‘ පූනේ ප්ලෙමිං’හි කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනවා. මා දන්නා   තරමින් විදේශ රටකින් ජාත්‍යන්තර නාට්‍යයක් හදන්න ආරාධනා ලැබූ එකම නාට්‍යකරුවා  මමයි. කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙලට මේ වනවිට ජාත්‍යන්තර නාට්‍යකරුවන් 200ක් 250ක් විතර එකතුවෙලා තියෙනවා. වාර්ෂිකව ඊට ඇයැදුම්පත් 70 ක් ගන්න ලැබෙනවා. අද වනවිට මට පුළුවන් වෙලා තියෙනවා ලෝකයේ  ඕනෑම රටකට ගිහින් එහි නාට්‍ය කටයුත්තකට  දායක වෙන්න. ඒ හැමෝම එම්. සෆීර්ව දන්නවා.
 
ඒ පිළිගැනීම අපේ රට තුළ ඔබට ලැබි තියෙනවාද?
විදෙස් විශ්වවිද්‍යාලවල උගන්වන්නට සුදුසු මා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට සුදුසු නැතුව ඇති. මා පෞද්ගලිකව  කිසිදු ඇගයීමක් බලා‍පොරොත්තු වන්නේ නැහැ. ඒත් නාට්‍ය කලාව වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් කරන දේට අනුග්‍රහයන් ලැබෙනවා නම් ඒ ඇති. ‘කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල අරඹන විට ප්‍රේක්ෂකාගාරයේ සිටියේ 25 ක් විතර. ඒ 2012 දී. ඒත් අද වනවිට ප්‍රේක්ෂකාගාරයේ අතුරු සිදුරු නැතුව පිරී ගිහින්. මේ වනවිට ලූෂන් බුලත්සිංහල, පරාක්‍රම නිරිඇල්ල, කේ.බි. හේරත්, ධර්මසිරි බණ්ඩාරනායක  වැනි අය මේ කටයුත්තට එකතු වී සිටිනවා.  ඒත් එකතු නොවූ අයත් ඉන්නවා. ඇතැම් අය  පවසනවා මෙහි  ගුණාත්මක බව අඩුයි කියා. එහෙම වෙන්නේ කවර රටක කුමන ජාත්‍යන්තර නාට්‍ය උළෙලකට සාපේක්ෂවද කියලා මං අහද්දි ඒ අය නිහඬයි. ඊට හේතුව ඔවුන් කිසි කෙනෙක්  කිසිම දාක ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් බලලා නැතිවීම. අපේ රටේ කිසිම දෙයකට හොඳක් අහන්න නොලැබෙන බව මම දන්නවා. හොඳක් නොකියුවාට කුහක විවේචන  එල්ල කරන්න පෙළ ගැසුණු අය ඉන්නවා.
 
වේදිකාවේ ගැටලු ගැන හඬනැගීම්  අපට නුහුරු නැහැ. ජාත්‍යන්තරය හා ගනුදෙනු කරන ඔබට ඒ ගැටලු  වඩා හොඳින් පෙනෙනවා ඇති?
රටේ නගර දහයක රංග ශාලා 10ක් හදන්න කියලා අප ඉල්ලන්නේ  කාලෙක ඉඳන්. ඒත් ඒ දේ වෙන්නෙ නැහැ.  සිදු වුණත් රංගශාලා ඉදි කරන්නේ දේශපාලනඥයෝ. නාට්‍යකරුවන්ගෙන් අදහස් විමසන්නේ නැහැ. දේශපාලනඥයෝ හදන්නේ රංගශාලා ‍නෙවෙයි උත්සව ශාලා. ඒ අය නාට්‍ය ගැන  දන්නේ නැති නිසයි එහෙම වෙන්නේ. ඒ උත්සව ශාලා නාට්‍ය කලාවට වැදගත් නැහැ.  Black Box තියටර් මා හඳුන්වා දෙන විට එය පිළිගන්න බොහෝ අය මැලි වුණා. ඒත් ලෝකයේ ඊට බොහෝ පිළිගැනීමක් තියෙනවා. අපේ නව පරපුර වෙනුවෙන් Black Box නාට්‍ය සඳහාත් ඉඩක් සැකසිය යුතුයි. වේදිකා නාට්‍යකරුවන්ට වෘත්තීය මට්ටමකට එන්නට අපි ජාත්‍යන්තරය හා එකතු විය යුතුයි. හැබැයි ඉතින් ඔය  හැම දේටම කලින් නාට්‍යකරුවන් එකමුතුවිය යුතුයි.
 
ආරියවංශ කුලතිලක
fShare
0
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1488

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1764

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3024

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1612

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1937

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3508

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click