Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ආදායම තේ වත්තෙන් ලැබෙන නිසා විනෝදෙට රඟපාන අංජලී

අංජලී පූර්ණිකා ලියනගේ කියන්නේ මේ දවස්වල ජනප්‍රිය චරිතයක්. ඊට හේතුව තමයි ඇය රංගනයෙන් දායකවන දෙවැනි ඉනිම සහ පැහැසරා කියන ටෙලිනාට්‍ය දෙකම මේ දවස්වල පුංචි තිරය ඔස්සේ විකාශය වීම. කොයිතරම් ජනප්‍රිය වුණත් අජංලී නම් කියන්නේ තමන් රංගනයට එකතු වන්නේ විනෝදාංශයක් විදියට විතරක් බවයි. අංජලී එහෙම කියන්නේ කුමන හේතුවක් නිසාද යන්නත් ඔබට මේ කතාබහේදී දැන කියාගන්න පුළුවන්.
 
අනූෂා කියන්නද, ශීලා කියන්නද එහෙම නැත්නම් අංජලී කියලාම ඔබට කතා කරන්නද?
කැමති නමක් කියන්න. හැබැයි මේ දවස්වල මට බොහෝ දෙනා අංජලී කියනවා අඩුයි. මොකද සමහරු දෙවැනි ඉනිම නිසා මට අනුෂා තියනවා. ඒ වගේම තවත් සමහරු පැහැසරා නිසා මට ශීලා කියනවා.
 
දවෛනි ඉනිමටයි, පැහැසරාටයි මේ දිනවල ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතන්නේ ?
එකවර ටෙලි නාට්‍ය දෙකකටම ඉහළම ප්‍රතිචාර ලැබෙනකොට දැනෙන්නේ පුදුමාකාර ආත්ම තෘප්තියක්. ක්ෂේත්‍රයේ බොහෝ අයත් ඒ චරිත දෙකින්ම මාව අගය කරනවා.
 
අංජලී මෙඩි සිනා ටෙලි නාට්‍යයේ පිළිගැනීමේ නිලධාරිනියගේ චරිතයෙන් ඉවත් වුණේ වෙන නිර්මාණයකට ආරාධනා ලැබුණ නිසාද?
කොහෙත්ම නැහැ. මොකද මම වැඩක් භාරගත්තොත් අතරමගදී තව වැඩක් තිබුණා කියලා ඒක අතරමග දාලා යන කෙනෙක් නමෛයි. කොහොම නමුත් මම මෙඩි සිනාහි චරිතය බොහොම ආසාවෙන්ම රඟපෑවේ. නමුත් සමහර අවස්ථාවලදී මට එතන වැඩ කරන්න බැහැ කියලා හිතුණ නිසා ඉතින් ඒ චරිතෙට සමු දුන්නා. අනික් කාරණය තමයි මම හාස්‍ය රංගන ශිල්පිනියක් ලෙස එක පැත්තකට පමණක් කොටු වෙන්නත් කැමති නැහැ.
 
අංජලීට රංගන ශිල්පිනියක් වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
මම රංගන ශිල්පිනියක් වුණේ අහම්බෙන්. සුජීව ප්‍රසන්න ආරච්චිගේ බොඳ මීදුම් කියන ජනප්‍රිය නවකතාවේ මුල් කවරය නිරූපණය කළේ මමයි. ඉතිං මම නොසිතූ විදිහට මට ඒ හරහා බොහෝ ප්‍රතිචාර ලැබුණා. පස්සේ ඒ ප්‍රතිචාරත් එක්කම මට රංගන ශිල්පිනියක් වෙන්නත් අවස්ථාව ලැබුණා. සමහර විට මම එදා ඒ විදියට මුල් කවරයට පෙනී හිටියේ නැත්නම් මම අදටත් ව්‍යාපාරිකාවක් විතරක් වෙන්න ඉඩ තිබුණා. 
 
අජංලී ලියනගේ කියන්නේ සිනමාවටත් ප්‍රවේශ වුණ රංගන ශිල්පිනියක් කිව්වොත්..
ඔව්. මම දැනට චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා. ‘ඇඩ්රස්නෑ’  සහ ‘ආදරණීය කතාවක්’ මම රංගනයෙන් දායක වුණු චිත්‍රපටවලින් තිරගත වුණ ඒවායි. ඒ වගේම ‘හීරෝ නීරෝ’ ‘ගෝත්‍රා’ කියන චිත්‍රපටවලිනුත් ඉදිරියේදී මාව දැකගන්න ලැබේවි.
 
අංජලී කියන්නේ වෘත්තීයමය රංගන ශිල්පිනියක්ද?
මම රංගනය සඳහා දායක වෙන්නේ විනෝදාංශයක් විදියට පමණයි. මගේ වෘත්තීය තමයි තේ වගාව. මම තේ වගාවට සම්බන්ධ වෙලා ව්‍යාපාරික කටයුතුවල නියෙළෙනවා.
 
අංජලී බොහෝ විට නිරූපණය කරන්නේ මුහුකුරා ගිය චරිත කිව්වොත් නිවැරදියි නේද?
ඇත්තෙන්ම ඔව්. මට ලැබෙන්නේම මගේ වයසට වඩා මුහුකුරා ගිය චරිත තමයි. මුල් කාලයේ නම් ‘හිම කඳුළු” කියන ටෙලි නාට්‍ය එහෙම පෙම්වතියගේ චරිතය සඳහා මට අවස්ථාව ලැබුණා. නමුත් දැන් මට ලැබෙන්නේම වැඩිහිටි චරිත. ඇත්තටම මම ගොඩක් කැමතියි යමක් කරන්න තිබෙන ඒ වගේ චරිත රඟපාන්න. එහිදී මම පෙම්වතිය වෙන්නත් සූදානම්, ඒ වගේම අම්මා වෙන්නත් සූදානම්.
 
ඔබ එකවර දායක වන්නේ නිර්මාණ කිහිපයකට පමණයි. ඒ ඔබගේ විශේෂ තෝරා ගැනීමක් නිසා කිව්වොත් හරිද?
ඔව්, ඒක මගෙන් බොහෝ දෙනා අහන ප්‍රශ්නයක්. මට එක දිගට ආරාධනා ලැබෙනවා. නමුත් මම මට යමක් කරන්න පුළුවන් චරිත විතරයි තෝරා ගන්නේ. මම නිර්මාණ කිහිපයක හිටියත්, ඒ හැම නිර්මාණයක්ම ප්‍රේෂකයන් අතරට යනවා. ඒ නිසා මම හිතනවා මම භාරගත්ත හැම චරිතයකටම සාධාරණයක් ඉටු කරනවා කියලා.
 
අංජලීගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කළොත් ?
මම විවාහකයි. මට පුංචි දුවෙක් ඉන්නවා. මගේ පුංචි පවුලත් එක්ක හරිම සතුටින් සහ සැහැල්ලුවෙන් කාලය ගත කරනවා.
 
සමන්මලී නැලිගම{jcomments on}
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1475

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1752

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3016

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1603

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1931

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3501

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click