Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සිනමාවේ අග රැජින මාලිනී ෆොන්සේකා කලා ලොවට පරම්පරා දෙකක් දායාද කළා. මාලනීගේ නැගණියන් හැත්තෑව, අසූව දශකවල සිනමාවට අවතීර්ණ වූ අතර දෙවැනි පරපුරේ දියණියන් අද පුංචි තිරයේත් රිදී තිරයේත් දක්නට ලැබෙනවා. ඒ අතර සිටින එකම පිරිමි චරිතය වන්නේ මේ කතාබහට එක්වන අශාන් ෆොන්සේකායි. 
 
අශාන් කලාවට අත්‍පොත් තියපු හැටි ගැන මුලින් කතා කළොත්? 
මම ලොකු නැන්දි (මාලිනි ෆොන්සේකා) අධ්‍යක්ෂණය කළ “දියවර” ටෙලි නාට්‍යයට එකතු වුණේ 6 වසරේ ඉගෙන ගන්නා කාලෙදි. ජෙරොම් සිල්වාගේ “ආයෙමත් එන්නෑ” වේදිකා නාට්‍යයට එකතු වුණෙත් ඔය කා‍ලේ. ඒ නාට්‍යය 2002 අවුරුද්දේ රාජ්‍ය ළමා නාට්‍ය උළෙ‍ලේදී සම්මාන 12ක් දිනා ගත්තා. 
 
ඔබ පසු කලෙක නිවේදකයෙකු ලෙසත් කටයුතු කළා නේද? 
ඔව්. මමයි නටාෂා පෙරේරයි “සතුටු උයන” ළමා වැඩසටහන නිවේදනය කළා. 
 
තරුණ වයසට ආවට පස්සේ අශාන් රංගනයෙන් ඈත් වුණේ ඇයි? 
මම රංගනයෙන් ඈත් වුණේ නැහැ. මෝස්තර නිරූපණයට යොමු වුණා. “නිරූපණ ශිල්පියෙක්” විදියට ඉදිරියට යද්දී ශරීරය ඒ වෙනුවෙන් අවශ්‍ය විදියට හැඩ ගසා ගන්න වෙනවා. නිරූපණ ශිල්පය වෙනමම කලාවක්නේ. ඒ හින්දා තමයි රංගනයට තිබුණු කැපවීම අඩු වුණේ. ඒත් මම රංගනයෙන් දුරස් වෙලා නැහැ. 
 
තරුණ නළුවෙකු විදියට ඔබ දායක වූ නිර්මාණ ගැන කතා කළොත්? 
ක්‍රිස් ඇන්තනිගේ “බාඳුරා” චිත්‍රපටයට දායක වුණා. ඒක පැය හැටහයකදී නිමා කරලා කෙටිම කාලයක් තුළ නිර්මාණය කළ චිත්‍රපටය විදියට ගිනස් වාර්තාවට එක් කරන්න හදපු චිත්‍රපටයක්. ඊට අමතරව ගීත රූප රචනා 6ක් කළා. චූටි (බිලි ප්‍රනාන්දු) මගේ මිහිරාවියේ (ලහිරු සංකල්ප) දෙනෙතින් ගලනා (බුද්ධික පෙරේරා) කණු 3 (සංජීව සම්පත්ගේ ක්‍රිකට් ගීතය) තමයි ඒ. ඔබම පමණයි (ශෂිකලා ජයසේකර) කවිකාර (ඕෂනී ප්‍රනාන්දු) ගීත රූප රචනා දෙක ඉදිරියේ දැක ගන්නට ලැබේවි. 
 
නිරූපණ ශිල්පියෙකු විදියට අශාන් ජාත්‍යන්තර සම්මානයටත් පාත්‍ර වී තියෙනවා නේද? 
2016 දී රුසියාවේ පැවැත්වූ “Mister planet 2016” තරගයේදී “Best National Costume”ශූරතාව දිනා ගත්තේ මමයි.
 
ශ්‍රී ලංකාව වගේ රටක නිරූපණ ශිල්පියෙකු විදියට මතෛක් ආ ගමන ගැන සෑහීමකට පත්වෙනවාද? 
නිරූපණ ශිල්පය තුළ මගේ ගුරුතුමිය වාසනා දන්තනාරායන. ඉන් පසුව රොසෑන් ඩයස්, අර්ජුන, නිලූ යටතේ එය වැඩිදුර ප්‍රගුණ කළා. දැනට මම නිදහස් නිරූපණ ශිල්පියෙක් විදියට කටයුතු කරනවා. 
 
ලෝකයේ දියුණු රටවල් වගේ නොවෙයි. අපේ රටේ නිරූපණයට තිබෙන අවස්ථාව අඩුයි. ගෙවීම්වල වුණත් විශාල වෙනසක් තිබෙනවා. ඒ නිසාද ඔබ පූර්ණ කාලීනව නිරූපණ වෘත්තියේ නොයෙදෙන්නේ? 
ඔව්. මම දැනට රැකියාව කරන්නේ “අමරාන් තේ” ආයතනයේ Graphic designer කෙනෙක් විදියට. විවේකය යොදන්නේ නිරූපණ ශිල්පයටයි. 
 
විවේක කාලයේදීත් නිරූපණ ශිල්පයට මුල්තැන දීලා කටයුතු කරන එක ගැන ඔබේ නැන්දණිය මාලනී ෆොන්සේකා මොකද කියන්නේ? 
ලොකු නැන්දි නම් කැමති මම නළුවෙක් විදියට ඉදිරියට යනවාට. ඒත් මම තෝරා ගත්තු ක්ෂේ්ත්‍රය ගැන ලොකු නැන්දිගේ අකමැත්තක් නැහැ.
 
සිනමාවේ අග රැජින ලොකු නැන්දා වීම ගැන අශාන්ට මොකද හිතෙන්නේ? 
 මම පුංචිම කාලෙදිත් මට මතකයි අපේ පවු‍ලේ අය ලොකු නැන්දි ගැන කතා වෙනවා. ඇය සිනමාවේ ඉහළම තැන ඉන්නවා කියන ආඩම්බරය පුංචිම කාලෙදිත් මගේ හිතේ තිබුණා. මම ලොකු නැන්දිගේ කළු සුදු චිත්‍රපට බලලා තියෙනවා. “නිධානය””බඹරු ඇවිත්” “එයා දැන් ලොකු ළමයෙක්” “ආකාස කුසුම්” වැනි චිත්‍රපටවලට මම ගොඩක් ආසයි. හැත්තෑව දශකයේ ලොකු නැන්දි රඟපාපු චිත්‍රපට බලද්දී මට හිතෙනවා. ලංකාවේ බිහි වූ ලස්සනම නිළිය ලොකු නැන්දි කියලා. 
 
ආදරය විවාහය වගේ දේවල් ගැන කතා කරන්න කැමතිද? 
(හිනැහී) ආදරවන්තියක් ඉන්නවා. ඇය කලාවට සම්බන්ධ නැහැ. ඉදිරියේදී අපේ විවාහය සිදුවේවි. 
 
ආරියවංශ කුලතිලක{jcomments on}
fShare
0
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1488

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1764

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3024

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1612

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1937

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3508

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click