Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ෂෙහානි පෙරේරා කලා ලෝකයට පායා එන අලුත් තරුවක් “ෆේස් ටු ෆේස්” කියන තිරගත වීමට නියමිත චිත්‍රපටයෙන් සිනමාවට එකතු වන ෂෙහානි “ප්‍රවේගය” චිත්‍රපටය හරහා රටම හඳුනාගත් උදාරි පෙරේරාගේ බාලම නැගණියයි.

ඔබව හඳුන්වා දෙන්න කැමති මොන විදියටද?
සිනමාවට අලුතින්ම එකතු වෙන උදාරි පෙරේරාගේ පුංචිම නංගි විදිහට.

ඒ හින්දද ෂෙහානි අක්කව අනුකරණය කරන්නෙ?
මගේ ලොකු අක්කා උදාරි පුංචි කා‍ලේ ඉඳලා හරි පිළිවෙළට ජීවත් වුණු කෙනෙක්. ඉතින් මමත් අක්කා වගේ පිළිවෙළට ජීවත් වෙන්න හරිම කැමතියි. විශේෂයෙන් කියන්න ඕනේ මමත් උදාරි පෙරේරාගේ රසිකාවියක් කියන එක.

ඒ කියන්නේ උදාරි ඇරුණම ෂෙහානිට තවත් අක්කා කෙනෙක් ඉන්නවද?
ඔව්. මගේ දවෛනි අක්කා පූර්ණිමා පෙරේරා. එයත් උදාරි අක්කා වගේම ගුවන් සේවිකාවක්. හැබැයි එයා නම් දැනට රඟපාන්නේ නැහැ.

අක්කලා දෙන්නම ගුවන් සේවිකාවන්. එතකොට නංගී කැමති කවුරු වෙන්නද?
මමත් කැමති ගුවන් සේවිකාවක් වෙන්න. මමත් දැන් ඊට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා ගනිමින් සිටිනවා.

ලස්සන කෙල්ලොම තුන්දෙනෙක් හදපු අම්මයි තාත්තයි මොකද කරන්නේ?
මගේ තාත්තා ඡායාරූප ශිල්පියෙක්. අම්මා ආයුර්වේද වෛද්‍යවරියක්. අපි තුන්දෙනාගේ ලොකුම ශක්තිය තමයි අපේ දෙමව්පියෝ.

ෂෙහානිව නිළියක් කරපු “ෆේස් ටු ෆේස්” සඳහා අවස්ථාව ලැබුණේ කොහොමද?
උමාරියා සිංහවංශ සහ චිත්‍රලාල් කරපු “මලකුත් තිබුණා” කියන ගීතයේ රූප රචනයට මම රංගනයෙන් දායක වුණා. ඒ විෂුවල් එක හරහා මගේ දක්ෂතා දැකපු ෆේස් ටු ෆේස් අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද තමයි චිත්‍රපටයට මාව තෝරා ගත්තේ.

ෂෙහානිට උදාරිගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
උදාරි අක්කා තමයි මට නිර්මාණ තෝරලා බේරලා දෙන්නේ. මට එන හැම ආරාධනාවක් ගැනම අක්කා හොඳට හොයලා බලනවා. ඒ අතරින් මට ගැළපෙන දේ තෝරලා දෙනවා. එයා තමයි මගේ දවෛනි අම්මා.

කලාවත් එක්ක ෂෙහානි මීට පෙර පැවැත්වූ සබඳතා මොන වගේද?
මම පුංචි කා‍ලේ නම් වෙළෙඳ දැන්වීම් ගණනාවකම හිටියා. ඒ වගේම ගීතවල රූප රචනා කිහිපයකටත් සම්බන්ධ වුණා. මගේ ඉගෙනීමේ කටයුතු එක්ක මම රංගනයෙන් ටික කාලයක් විවේක අරගෙනයි හිටියේ. “ෆේස්ට් වූ ෆේස්” තමයි ඒ අවස්ථාව නැවත මට ලබාදුන්නේ.

උදාරි අක්කා නම් කියන්නේ ෂෙහානි පුංචි කාලෙ ඉඳලම සාරි පටලෝගෙන රඟපෑවා කියලයි.
මම විතරක් නමෛයි උදාරි අක්කත් පුර්ණමා අක්කාත් පාසල් යන කා‍ලේදී සමහර වේලාවට හවසට සාරි පටලෝ ගෙන, ‍පොඩි මේකෆ් එකක් දාගෙන නටනවා, රඟපානවා. තාත්තා අප තුන්දෙනාගෙම ෆොටෝස් ගන්නවා. මතක් වෙනකොටත් ආයෙ ඒ කාලෙට යන්න හිතෙනවා. උදාරි අක්කාගේ වෙඩින් එකේ කරපු සප්රයිස් ඩාන්ස් එකට අක්කාගේ අයියත් පුදුම වුණා. මොකද අපි ඒක ඒ තරම් ලස්සනට කළා.

ෂෙහානි නිළියක් විදියට ජනප්‍රිය වුණොත් දිගින් දිගටම රඟපෑම සඳහා ආරාධනා ලැබේවි. එතකොට ගුවන් සේවිකාවක් වීමේ සිහිනයට මොකද වෙන්නේ?
මම ආසයි දිගටම රඟපාන්න. ඒ වගේම කලාවේ දිගු ගමනක් යන්න. නමුත් මම කලාව මගේ ජීවන වෘත්තිය බවට පත් කරගන්නේ නැහැ. ගුවන් සේවිකාවක් වෙලා ඉඩ ලැබෙන විදියටයි මම කලාව තුළ ජීවත් වෙන්න හිතාගෙන ඉන්නේ.

සමන්මලී නැලිගම

ඡායාරූප - තුෂාර සංජීව

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3871

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3619

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6700

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4123

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2562

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3365

Please publish modules in offcanvas position.

Web Analytics