Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     
කඩවසම් රුවක් සුමධුර හඬක් රංගන කුසලතාවක් සේම මනා වූ නර්තන කුසලතාවක් උපතින්  උරුම කරගත්  ඔහු අද වනවිට සිය ප්‍රථම රංගනය තුළින්   මෙරට සිටින ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවන් අතරට එක්ව සිටියි. රවීන් කණිෂ්ක නම් වූ ඔහු දෙරණ නාලිකාව තුළින් විකාශය වූ ‘දෙරණ ස්ටාර්  සිටි දෙවැනි අදියරේ අවසන් මහ තරගයේ කිරුළ දිනූ ගීතා කුමාරසිංහ ප්‍රමුඛ’ ‘කණ්ඩායම නියෝජනය කරමින් තරගයට එක්විය. එම තරගාවලියේ ප්‍රථම  අදියරේ ජයග්‍රාහී කණ්ඩායම වූ දුලීකා මාරපන ප්‍රමුඛ ‘සුපර් ගැංග්සටන්’ කණ්ඩායමේද සාමාජිකත්වය දැරූ රවීන් අදියර දෙකේම කිරුළ දිනූ කණ්ඩායම් දෙකෙහිම සාමාජිකත්වය දැරූ එකම තරගකරුවා වීමද විශේෂය.
 
දෙවැනි වතාවටත් දෙරණ ස්ටාර් සිටි ජයග්‍රහණය හිමිකර ගත්තේ ඔබ සාමාජිකත්වය දැරූ කණ්ඩායම. රෝයල් ෆයිටර් ඒ ගැන මොකද හිතන්නේ?
ගොඩක් සතුටුයි. ඒ වගේම අපි මේ තරගය වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කළා. ඒ කැපවීම්වල ප්‍රතිඵලය තමයි මේ හිමි වුණේ.
 
ඔබේ කණ්ඩායම් නායිකා ගීතා කුමාරසිංහ සමග කටයුතු කිරීම කෙබඳු අත්දැකීමක්ද..?
ප්‍රවීණ කලාකාරියක් සමග කටයුතු කිරීමට ලැබිම ගැන සතුටුයි.
 
මෙවර තරගය ගැන රවීන්ට මොකද හිතෙන්නේ..?
ගිය වතාවේ තරම් තෘප්තියක් නම් නැහැ.
 
ඇයි ඒ..?
ගිය වතාවේ අපිට අපේ දක්ෂතා ගොඩක් එළියට දාන්න පුළුවන් වුණා. ඒත් මේ අවස්ථාවේ  එහෙම වුණේ නෑ. මීට වඩා දේ අපට කරන්න තිබුණා.
 
ගියවර කණ්ඩායම් නායිකාව වූයේ දුලීකා මාරපන
අපි රූපවාහිනියේ දකින දුලීකා අක්කාම තමයි සැබෑ ජීවිතයේත් ඉන්නේ. නිතරම හිනාවෙලා විහිළු කරලා ඉන්නේ. එදා තරගය සමග අපි අතර ඇති වූ මිත්‍රත්වය තවමත් තියෙනවා.
 
මෙවර තරග වදින විට සිදු වූ අමතක නොවන අත්දැකීම් මොනවාද..?
එකවතාවක අපි කාලි නර්තනයක් ඉදිරිපත්  කළා. නර්තන පුහුණුව අතර මම වැටිලා කකුල ආබාධයට ලක් වුණා. ඒත් මම නොන්ඩි ගසමින් හරි නැටුවා. තවමත් අඩිය කියනකොට ඒ කකුල රිදෙනවා.
 
ගියවර තරගය අතරතුර රවීන් හඬා වැටුණු අවස්ථාව ගැන තවමත් ප්‍රේක්ෂකයෝ කතා කරනවා.
එදා අපිට තිබුණේ පිය ගුණ ගී ගයන්න මම ගායනා කළේ ‘හිමාලෙට වඩා උසයි. සෙනෙස පපු කඳේ..’ කියන ගීතය. තාත්තා 
ප්‍රේක්ෂකාගාරයේ ඉඳගෙන ඉන්නවා. මම තාත්තට වැඳලා ගීය ගැයුවා. ඒ වෙලාවේ පුංචි කා‍ලේ ඉඳන් තාත්තා සම්බන්ධ හැම මතකයක්ම මට මැවිල පෙනුණා. ඒ මොහොතේ මට ඇඬුණා. තීක්ෂණ අයිය තමයි ගීතයේ ඉතුරු ටික කිව්වේ.
‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍ය තුළින් නොහිතපු ජනප්‍රියත්වයක් හිමි වුණාම දැන් තව ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙනව ඇති
ආරාධනා ලැබෙනවා. ඒත් තවම ‘දෙවැනි ඉනිම’ ඉවර නැහැනේ. එකපිට දෙකතුනක් වැඩ බදාගෙන කාර්යබහුල වෙන්න මම කැමති නැහැ. මම තවම ඉන්නේ මගේ ගමේ. කලා කටයුතු හින්ද විතරයි කොළඹ එන්නේ. මම කැමැති කුලියාපිටියේ මගේ ගමට වෙලා නිදහසේ ඉන්න.
 
රවීන් දැන් නටන්නයි රඟන්නයි වැඩි කාලයක් දක්වන බව පෙනෙනවා. මෙහෙම ගියොත් ඉදිරියේදී රවීන් කණිෂ්ක කියන ගායකයා යටපත් වෙයිද..?
කවදාවත් එහෙම වෙන්නේ නැහැ. මොන දේවල් කළත් මම වැඩි කැමැත්තක් දක්වන්නේ ගායනයට. ඉදිරියේදී ‘දෙවැනි ඉනිම’  ටෙලි නාට්‍යයේත් මගේ ගීතයක් දැකගන්න ලැබෙයි. ඒ වගේම මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්ම අලුත්ම ගීතයක්  රූප රචනාවක්  සමගින් රසිකයන්ට තිළිණ කරන්න අදහස් කරගෙන ඉන්නවා.
 
දැන් ගම් පළාතේ රවීන් ගොඩක් ජනප්‍රිය ඇති..
මගේ ගම තුළ මම ඉන්නේ එදා හිටපු විදියටමයි. ගමේදී මම සාමාන්‍ය කෙනෙක්. කවදත් මම ගොඩක් සමාජශීලී චරිතයක් ‍නෙවෙයි. ගෙදරට වෙලා සින්දුවක් අහගෙන චිත්‍රපටයක් බලලා නිදහසේ ඉන්න කැමැතියි. එදයි අදයි කියලා වෙනසක් නැහැ. මම සුපුරුදු විදියට ඉන්නවා.
 
ජනප්‍රියත්වය වැඩිවීමත් එක්ක දැන් රසික ප්‍රතිචාර වැඩිවෙලා ඇති
ඔව්. මට ආදරය කරන රසික පිරිස තමයි මාව මෙතැන තියල තියෙන්නේ... ඒ අයට මම ස්තුතිවන්ත වනවා.
 
ගෑනු ළමයින්ගේ ප්‍රේමණීය ප්‍රතිචාරත් ඒ අතර ඇති.
එහෙම අයත් ඉන්නවා. එත් ඉතින් මට ඒ හැමෝටම පෙම් කරන්න බෑනේ. මාව ටීවී එකෙන් දැකලා මට පෙම් කරන අයට කියන්න තියෙන්නේ ඒක තාවකාලික හැඟීමක් විතරයි කියන එක. රසිකාවියන්ටත් රසිකයන්ට දෙන ලෙන්ගතුකම විතරයි දෙන්න වෙන්නේ. කවදාහරි ජීවිත කාලෙම ළඟ ඉන්න කෙනාට විතරයි මගේ ප්‍රේමය පුද කරන්න වෙන්නේ.
 
එයා  කවුද කියල දැන ගන්න රවීන්ගේ  රසික පිරිස කැමැති ඇති.
එහෙම කෙනෙක් ලැබුණදාට මාධ්‍යයට කියන්නම්.
 
මොනවද රවීන්ගේ ජීවිතේ ඉදිරි බලා‍පොරොත්තු...?
මගේම ව්‍යාපාරයක් පටන් ගන්න අදහසකුත් තියෙනවා. ගොඩක් කර්යබහුල වෙන්නත් මම කැමැති නැහැ. විවේකීව නිහඬව ඉන්න තමයි කැමැති. 
 
සටහන ආරියවංශ කුලතිලක
 
ඡායාරූප - මංජුල පෙරේරා{jcomments on}
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 160

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 191

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 297

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 440

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7060

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4632

Please publish modules in offcanvas position.

X

Right Click

No right click