Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඡායාරූපවලින් මගේ සරාගීකම තීරණය කරන්න එපා

අයිශාරා අතුකෝරළ කියන්නේ නිරූපණ ශිල්පිනියක් ලෙස තරුණ පරපුරේ ආකර්ෂණය දිනාගත් ජනප්‍රිය තාරකාවියක්. 
මේ නිසාම ඇයගේ ඡායාරූපවලට ඉහළ ප්‍රතිචාර ලැබිමත් ඇයට සාමාන්‍ය දෙයක්. නමුත් මේ දිනවල ප්‍රචාරණය වන අයිශ්ගේ ඡායාරූප පෙළක් නිසා ඇයට ලැබෙන ප්‍රතිචාර දෙගුණ තෙගුණ වෙලා කියලා අපට ආරංචි වුණා. පැණි මකුළුවෝ චිත්‍රපටය නමින් ප්‍රචාරණය වෙන ඒ ඡායාරූප ගැන දැන ගන්නත් එක්ක “රිද්ම” අපි අයිශ්ට කතා කළා. 
 
මේ දිනවල “පැණි මකුළුවෝ” නමින් ප්‍රචාරණය වන ඡායාරූපය නිසා ඔබේ ජනප්‍රියත්වය තවත් වැඩි වෙලා නේද? 
නිරූපණ ශිල්පිනියක් විදිහට මගේ ඡායාරූප ජනප්‍රිය වීම මට සාමාන්‍ය දෙයක්. නමුත් පැණි මකුළුවෝ චිත්‍රපටයෙන් මට ලැබෙන ජනප්‍රියත්වය මගේ කලා ජීවිතයට හුඟක් වැදගත්. මොකද පැණි මකුළුවෝ කියන්නේ මගේ පළමුවැනි චිත්‍රපටය නිසා.
 
රඟපෑ පළමු චිත්‍රපටයේම ප්‍රධාන නිළියගේ චරිතය ලැබිම ගැන මොකද හිතෙන්නේ?
‘පැණි මකුළුවෝ’ කියන්නේ මට ලැබුණු හොඳ අවස්ථාවක්. ඉසුරු වීරසිංහ මුදලි වගේ ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙක්, උදාර පල්ලියගුරුගේ වගේ දක්ෂ නිෂ්පාදකවරයෙක්, ඒ වගේම සනත් ගුණතිලක වගේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් සහ දිනෙත් ද සිල්වා වගේ දක්ෂ යෞවන රංගන ශිල්පියෙක් සමග පළමු චිත්‍රපටයේදීම වැඩ කරන්න ලැබිම ගැන ඇත්තටම සතුටුයි. 
 
පැණි මකුළුවෝ චිත්‍රපටයෙන් සිංහල සිනමාවට සරාගී නිළියක් හඳුන්වා දීලා කියලත් සමහරු කියනවා? 
සරාගී කියලා එහෙම කිසිම දෙයක් නැහැ. මේ දිනවල පැණි මකුළුවෝ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගන්නා මගේ ඡායාරූපය නිසා වෙන්න ඇති සමහරු එහෙම කියනවා ඇත්තේ. ඇත්තටම ඒ ඡායාරූප අඩ නිරුවත් ඒවාමත් ‍නෙවෙයි. යම් සිදුවීමක් සංකේතවත් කරන්න තමයි ඒ දර්ශනය යොදාගෙන තියෙන්නේ. ඒ නිසා මගේ සරාගීකම තීරණය කරන්න ඒ ඡායාරූපවලට පුළුවන්කමක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ. චිත්‍රපටය නරඹන අයට මේ කියන කාරණය තවත් හොඳින් තේරුම් යාවි. 
 
ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් විදිහට ප්‍රේක්ෂකයෝ අතරට ගිය ඔබ නිළියක් වුණාට පස්සේ නිරූපණ ක්ෂේත්‍රයෙන් ඈත්වෙලාද? 
නිරූපණ ක්ෂේත්‍රයෙන් මම මේ වන විට තරමක් ඈත්වෙලා තමයි. නමුත් නිළියක් හෝ නිරූපණ ශිල්පිනියක් විදිහට ‍ලේබල් වෙන්න මම කැමැති නැහැ. මට කරන්න පුළුවන් හොඳයි කියලා හිතන වැඩ මම භාරගන්නවා. 
 
පැණි මකුළුවෝහි රඟපෑවට පස්සේ ඔබට තවත් චිත්‍රපටවලට ආරාධනා ලැබුණාද? 
පැණි මකුළුවෝහි රංගනයත් සමග මට බොහෝ ආරාධනා ලැබුණා. විශේෂයෙන් ප්‍රදීප් ධර්මදාසගේ ‘අයිස්ක්‍රීම්’ චිත්‍රපටය සහ සනත් ගුණතිලකගේ ‘මංගල තෑග්ග ’ කියන චිත්‍රපටයට දායක වෙන්නත් අවස්ථාව උදාකර දුන්නේ පැණි මකුළුවෝ චිත්‍රපටයයි කීවොත් හරියටම හරි. 
 
පුංචි තිරයට එන්න බලා‍පොරොත්තුවක් නැද්ද? 
මම දැනට ටෙලිනාට්‍ය භාරගන්නේ නැහැ. ප්‍රවීණ අධ්‍යක්ෂවරයකුගෙන් හොඳ පිටපතක් තියෙන ටෙලිනාට්‍යයකට ආරාධනා ලැබුණොත් විතරක් ඒ ගැන සලකා බලනවා. 
 
සමන්මලී නැලිගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 2977

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 1809

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1391

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3538

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 5981

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 5244

Please publish modules in offcanvas position.