lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

ජනප්‍රිය රංගන ශිල්පි රොෂාන් පිලපිටිය ගේ උපන්දිනය පසුගිය දාට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් සාදයක් පැවැත්වීමට රොෂාන්ගේ සමීපතමයින් කටයුතු කර තිබූ අතර උපන්දින සාදයේ සොඳුරු අවස්ථා සුනාලී ෂානිකා කුමාරි රත්නායක මුහුණු පොතට එක් කර තිබුණේ රොෂාන්ට සුභ පතමින්.
ඡායාරූප සුනාලී ෂානිකා කුමාරි රත්නායක ගේ මුහුණු පොතින්.









 

නව පරපුරේ නිළියක් වන දිනක්ෂි ප්‍රියාසාද් ගේ උපන්දිනය පසුගිය දා පැවැත්විණි. රංඟන ක්‍ෂේත්‍රයේ නියුතු ඇයගේ මිතුරු මිතුරියන් ඇතුළු පිරිසක් ඇයව පුදුමයට පත් කිරීම සඳහා ඒ වෙනුවෙන් සාදයක් සංවිධානය කර තිබුණි.












2017 ස්ලිම් නීල්සන් විශිෂ්ටතා සම්මාන උළෙ‍ලේදී Film of the Year (වසරේ සිනමාපටය) ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අධ්‍යක්ෂණයක් සහ සුමති චිත්‍රපට සමාගම වෙනුවෙන් ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මියගේ නිෂ්පාදනයක් වූ “පත්තිනි” සිනමාපටය සම්මානයට පාත්‍ර විය. 11 වැනි වරටත් සංවිධානය කර තිබූ 2017 ස්ලිම් නීල්සන් සම්මාන උළෙල බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හෝටලයේදී පසුගියදා (10) අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
සිංහල සිනමාවේ ආදායම් වාර්තා බිඳ හෙළමින් පසුගිය වසරේදී අති සාර්ථක ලෙස තිරගත වූ “පත්තිනි” සිනමාපටය රුපියල් කෝටි 20කට අධික ආදායමක් උපයා ගැනීමට සමත්වූයේ විජයග්‍රාහී දින 100ද පසු කරමිනි. “පත්තිනි” සිනමාපටය ලැබූ එම සාර්ථකත්වය වැඩිම ජනතා මනාපය අනුව වසරේ ජනප්‍රියම සිනමාපටය ලෙස ස්ලිම් නීල්සන් විශිෂ්ටතා සම්මාන උළෙ‍ලේදී අභිෂේක ලැබිමට හේතු විය. පත්තිනි දේවියගේ මනුෂ්‍ය ආත්මය ලෙස සැලකෙන “කණ්ණගී” ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ “පත්තිනි” චිත්‍රපටය සඳහා ජගත් සුමතිපාල සහ තිලංග සුමතිපාල යන මහත්වරු සම නිෂ්පාදනයෙන් දායක වූහ.
“පත්තිනි” චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කළ ජනප්‍රිය නිළි පූජා උමාශංකර්ද මෙවර ස්ලිම් නීල්සන් විශිෂ්ටතා සම්මාන උළෙ‍ලේදී තරුණ ප්‍රජාවගේ හඳබැඳගත් ජනප්‍රියම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වීම විශේෂත්වයකි.

මීට දශක හතරකට පමණ පෙර 70 දශකයේ අග භාගයේ සිදුවූ ආන්දෝලනාත්මක “මැතිව් පීරිස්” ඝාතන සිද්ධිය ඇසුරෙන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් විසින්  නිර්මාණය කරන ලද According to mathew සිනමා පටය තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය. මේ වනවිට බොලිවුඩයේ අතිශය ජනප්‍රිය නිළියක බවට පත්ව සිටින, ශ්‍රී ලාංකේය රූ රැජිණ ජැක්ලීන් ෆර්නැන්ඩස් රඟන ප්‍රථම ලාංකේය සිනමාපටය එය වීම විශේෂත්වයකි.

According to mathew ප්‍රේක්ෂකයන් හමුවට ගෙනඒමට තිබෙන සූදානම මොනවගේද?
ඇත්තම කීවොත් මේ චිත්‍රපටයේ සියලු වැඩකටයුතු නිමවුණේ මීට දින කිහිපයකට පෙරයි. චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වෙන්නේ අප්‍රේල් 7 වැනිදායි. ඉංග්‍රීසි චිත්‍රපටයක් වූවත් ලංකාවේ ප්‍රදර්ශනය සඳහා සිංහල හඬ කැවූ පිටපතක්ද මුදාහැරෙනවා.  ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේ රටවල් රැසක  මෙම චිත්‍රපටය සමගාමීව ප්‍රදර්ශනය කරනවා.

ඔබ මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය එනම් මැතිව් පීරිස්ගේ අනියම් බිරිඳ වූ ඩැලරින් ඉන්ග්‍රම්ගේ භූමිකාව සඳහා තෝරා ගන්නේ ජැක්ලින් ෆර්නැන්ඩස්වයි. ඇය සමග වැඩ කිරීම මොන විදිහේ අත්දැකීමක් වුණාද?
ජැක්ලින් බොහොම උනන්දුවෙන් තමන්ගේ චරිතය රඟපෑවා. ඒ වගේම ඇයගෙන් මේ චිත්‍රපටයට විශාල සහයෝගයක් ලැබුණා. මේ වනවිට බොලිවුඩයේ මුල් පෙළේ නිළියන් අතර සිටියත් මීට පෙර තමන්ගේ රටේ චිත්‍රපටයක රඟපා නැති නිසා මේ චිත්‍රපටය ඇයටත් විශේෂයි. මෙහි මැතිව් පීරිස්ගේ චරිතය රඟපාන්නේ ඇල්ස්ටන් කොක්. ඔහු ඕස්ට්‍රේලියාවේ ගායකයෙකු ලෙසත් ප්‍රකටයි. බිම්සරා ප්‍රේමරත්න සහ කියන් ඕගේ‍රඩ් අනෙකුත් ප්‍රධාන චරිතවලට පණ දෙනවා.

මෙය සත්‍ය කතාවක්. ඊට සම්බන්ධ සමහර ප්‍රධාන චරිත තවමත් ජීවතුන් අතර. ඒ නිසා ඔබට මේ ගැන විරෝධතා එල්ල වුණේ නැද්ද?
බොහොම විරෝධතා එල්ල වුණා. නමුත් මම ඒ හැම දෙයකටම සූදානම්. මොකද මම බොරු කතාවක් ගොතලා නැහැ. මේක ලංකාවේ විතරක් නොවෙයි ලෝකේ පුරාම ප්‍රසිද්ධ වුණු මිනීමැරුමක්. මම මේ විස්තර සියල්ලක්ම ගත්තේ නඩු වාර්තාවලින්.

චිත්‍රපටයට පදනම් වන ප්‍රධාන භූමිකාව වූ මැතිව් පීරිස් සැබෑ ජීවිතයේදී මුණ ගැසී තිබෙනවාද?
බොහෝ වාරයක් මුණ ගැහිලා තියෙනවා. මම තරුණ කා‍ලේ ඇමෙරිකාවේ ජීවත් වෙන කොටත් වරක් ඔහු මුණ ගැහිලා තියෙනවා. ඒ මීට අවුරුදු විසිපහකට විතර කලින් දවසකයි. මම ජාත්‍යන්තර සිනමා නිර්මාණයක වැඩ කරමින් සිටියා වැලිකඩ බන්ධනාගාරය ඇතුළේ. එක පාරටම කෙනෙක් ඇවිල්ලා  මගේ උරහිසට අත තියල කතා කළා. මාව හඳුනන්න පුළුවන්ද කියලා ඇහුවම මම බොහොම උණුසුම්ව ඔහුව පිළිගත්තා. ඒ තමයි මැතිව් පීරිස්. ඔහුම තමයි මට මුලින්ම යෝජනා කළේ මේ කතාව චිත්‍රපටයකට නගමු කියලා. මම කීප වතාවක්ම ඔහුව මුණ ගැහිලා කතා කළා. නමුත් පසුව ඔහුට ඕනෑ විදියට චිත්‍රපට කරන්න ඔහු උත්සහ කරන බව තේරුම් ගිය නිසා මම ඔහුගෙන් තරමක් ඈත් වුණා.

අවසානයේ ඔහුට මොකද වුණේ?
ඔහු ජීවතුන් අතර නැහැ. 1995දී ඔහුට විශේෂ සමාවක් ලැබුණා. 1998 මැයි 12 දින ඔහු මිය ගියා.

එතකොට ඩැලරීන් ඉන්ග්‍රම් දැන් කොහේද?
ඇය 1986දී කරනු ලැබූ අභියාචනාවකින් අනතුරුව සිරගෙදරින් නිදහස් වුණා. කොළඹට නුදුරු ප්‍රදේශයක ඇය තවමත් ජීවත් වෙනවා.

නිර්මලා කුමාරි සේනාරත්න

ගීතමය රියැලිටි තරගයකින් ලංකේය සංගීත ක්ෂේත්‍රයට පිවිසි දුලාජ් ධනුෂ්ක අද වන විට සංගීත ක්ෂේත්‍රයේ නව මානයක් සොයා පියමනිමින් සිටී. සිංගප්පූරුවෙදී සංගීත ඉංජිනේරු විද්‍යාව හැදෑරූ දුලාජ් මේවන විට සංගීත අධ්‍යක්ෂණයට පිවිස ඇත. ජනප්‍රිය ගායිකාවන් වන ශෂිකා නිසංසලා මෙන්ම නිරෝෂා විරාජිනිගේද නව පරපුරේ යොවුන් ගායක තීක්ෂණ අනුරාධගේද ගීත දුලාජ් විසින් අධ්‍යක්ෂනය කර ඇති අතර ඊට අමතරව ටෙලිනාට්‍ය දෙකකද සංගීත අධ්‍යක්ෂණයෙන් ඔහු දායකවී ඇත.

පසුගිය ජනවාරියේ සිය රසික රසිකාවියන්ට නිල් නුවන් නම් ශ්‍රව්‍ය දෘශ්‍ය ගීතය තිලිණ කල දුලාජ් මැයි මාසයේ තවත් ගීතයක් ජනගත කිරීමට බාලා පොරොත්තු වේ. එමෙන්ම ලබන වසරේ නිල් නුවන් නම් ශ්‍රව්‍ය දෘශ්‍ය ගීතයේ සිටින තරුණිය සමග සිය තනිකඩ ජීවිතයට සමුදීමට බාලා පොරොත්තුවන බවද අප සමග පැවසීය.


හැදිච්ච දුවෙක් දීග දෙන අම්මෙක්ගෙ, තාත්තෙක්ගෙ හිතේ දුව ගැන වගේම තම පරපුර ගැනත් ඇත්තේ ගෞරවයක්. අද කා‍ලේ හැටියට අම්මෙක්ට, තාත්තෙක්ට ඒ ගෞරවය හිතේ හැටියට විඳගන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. තිසුරි යුවනිකාගේ අම්මා, ඒ කියන්නේ අපි කවුරුත් දන්න සුසන්තා චන්ද්‍රමාලි වගේම ඇගේ සැමියා කුමරු කියන්නේ ඒ වගේ වාසනාවන්ත දෙමාපියන් යුවලක්. කල වයස හරි ගිය, ඇහැක් වගේ හදා ගත්ත තමන්ගේ දෝණිව කරකාර බන්දන්න මේ දෙමව්පියොත් ලහි ලහියේ ලක ලෑස්ති වෙනවා. තමන්ගේ කූඩුවෙන් ඉගිලිලා අලුත් කූඩුවක් තනන්න යන තමන්ගේ දෝණි ගැන ඒ දෝණිගේ අම්මා අපිත් එක්ක කතා කළේ උතුරා යන මව් සෙනෙහසින් සහ ආඩම්බරයෙන්.

මේ දවස්වල බොහොම සතුටින් ඉන්නවා ඇත්තේ?
හැමදාමත් මම සතුටින් හිටියේ. දුකින් ඉන්න කාරණයක් තිබුණේ නෑ.

දුවට ගැළපෙන මනමාලයෙක් හමුවීම සතුටට කාරණයක් නමෛයිද?
ඔව්. ඒක නම් සතුටට කාරණයක් තමයි. තමන්ගේ දරුවට සුදුසු සහකරුවෙක් හොයලා දීම දෙමව්පියන්ගේ වගකීමක්. ඉතින් දුවට සුදුසුම සහකරුවෙක් හමුවීම ගැන මම වගේම සැමියා කුමරුත් සතුටින් ඉන්නේ.

අම්මාගේ ඇඟිල්‍ලේ එල්ලිලා ක්ෂේත්‍රයට ආපු පුංචි කෙල්ල අද හෙට දීග යනවා. කාලය ගිය ඉක්මන?
ඒක ඇත්ත. මීට අවුරුදු 25 කට කලින් දුවෙක් ලැබිම ගැන කුමරුත් මමත් හුඟක් සතුටු වුණා. ඒ දුව ලොකු මහත් වුණා. ඇත්තටම අපි ඇය නිසා අනවශ්‍ය කරදර වින්දේ නෑ. අපි අපිට පුළුවන් තරමින් ඇයට සැප සම්පත් දුන්නා. ඇය ගැන අවධානයෙන් හිටියා. ඒත් පස්සෙන් ගියේ නෑ. අපේ දුව ඇත්තටම අපිට වදයක් නොදී හොඳට හැදුණා.

ගල හොඳ නම් අඹරන කහ මක් වේද - මව හොඳ නම් දුව පතිවත නොරකීද කියනවානේ. දුව යන්න ඇත්තෙත් අම්මාගේ අඩි පාරේ?
මම ඒ ගැන ආඩම්බර වෙනවා. දුවෙක් වුණත්, පුතෙක් වුණත් ආදර්ශයට ගන්නේ තමන්ගේ දෙමව්පියෝ. හැදෙන වැඩෙන පරිසරය. දුවට හොඳින් හැදෙන්න, ආදර්ශයක් ගන්න පුළුවන් විදියට පසුබිම අපි හදලයි තිබුණේ.

හුඟක් රංගන ශිල්පීන්, ශිල්පිනියන් තමන්ගේ දරුවන්, විශේෂයෙන් දියණියන් මේ ක්ෂේත්‍රයට එවන්න බිය වෙද්දී ඔබ තිසුරිට මේ රංගන ක්ෂේත්‍රයට පාර කිව්වේ පුංචි කාලෙදිමයි?
ක්ෂේත්‍රයේ ඉන්න ගමන්ම තමන්ගේ ක්ෂේත්‍රය ගැන එහෙම කියන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ. අපේ ක්ෂේත්‍රයේ විතරක් නමෛයි හැම ක්ෂේත්‍රයකම අඩුපාඩුකම් තියෙනවා. ක්ෂේත්‍රයේ ගෞරවයට හානි වෙන විදියට හැසිරෙන අය ඉන්නවා. කීප දෙනෙක් එහෙම වුණා කියලා හැමෝම එහෙම වෙන්නේ නෑ. මට නම් මේ රැකියාව බොහොම ගෞරවාන්විත, ආර්ථික වශයෙනුත් බොහොම යහපත් රැකියාවක්. මගේ දුවට දායාදයක් විදියට දෙන්න පුළුවන් රැකියාවක්. ඒ නිසයි මම බය නැතුව ඇයව මේ ක්ෂේත්‍රයට එක්ක ආවේ.

දුවෙක් අම්මෙක්ගෙ ජීවිතයට සැනසීමක්, සතුටක් වගේම බරක්. බොහොම විවෘත සමාජෙක කාගෙන්වත් කතාවක් හදා නොගෙන දුවෙක් හදනවා කියන්නේ ‍ලේසි වැඩක් නමෛයි.   ඒත් ඔබ එහෙම කළා?
මගේ දරුවා මට ඒ සැනසීම දුන්නා. හුඟාක් අය ඔහොම කියද්දී මට බයයි ඇස්වහ වැදෙයි කියලා. ඊයේ, අද වගේම හෙටත් මට ඒ සැනසීම දැනෙයි කියලා හිතෙනවා.

බොළඳ පෙම්වතියක් නොවී චරිතාංග නිළියක් විදියට දුව අම්මාව පහු කරලා හුඟාක් දුර ගිහින්. ආඩම්බර ඇති ඒ ගැන?
ඇත්තටම. මම මේ ක්ෂේත්‍රයට ආවේ වලස්මුල්ල වගේ දුර පළාතකින්. අවුරුදු තිහකට කලින්. නන්නාඳුනන නගරයක,  නන්නාඳුනන රැකියාවකට ඇවිත්, අඩු පහසුකම් මැද තමයි මම මේ පැත්තට ආවේ. ඒත් මගේ දුවට එන්න මම පාර එළි කරලා තිබුණේ. කොච්චර පාර පෙන්නුවත් රඟපාන්න බැරි නම් මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න බෑ. වාසනාවකට මගේ දෝණිට ඒ හැකියාව උපරිමයෙන් තිබුණා. ඒ නිසා එයාට මාව පහු කරන එක ඒ තරම් දෙයක් වුණේ නෑ.

තිසුරිට ගැළපෙන සහකරුවා තිසුරිම හොයා ගත්තද? නැත්නම් දෙමව්පියෝ මැදිහත් වෙලා හොයලා දුන්නද?
යෝජනාව ඇවිත් තිබුණේ ඒ පුතාගෙන් දුවට තමයි. ඒත් එයා කවදාවත් තනි තීරණයක් ගන්න කෙනෙක් නමෛයි. දෝණි ඒ බව මට කිව්වා. ඒ පුතා වගේම පුතාගේ පවු‍ලේ අයත් කාලයක් ඉඳන්ම අපි ළඟින් ආශ්‍රය කරනවා. මොකද එයාගේ තාත්තා අපේ කුමරුගේ හොඳ යාළුවෙක්. මොනවා වුණත් ඒ යාළුකමට කැලලක් වෙන්න දෙන්නත් බෑනේ. ඒ නිසා මම කිව්වා දෝණිට පුතාට ඒ අදහස ගැන එයාගේ තාත්තටම කියන්න කියලා. අන්තිමට තාත්තලා, තාත්තලා කතා කරලා තමයි යෝජනාව ස්ථිර වුණේ.

තිසුරි යෝජනාවට කැමති වුණාද?
අපේ කැමැත්ත තමයි එයාගෙත් කැමැත්ත. එයාගෙත් හිතේ අකමැත්තත් තිබුණේ නැති නිසානේ අපිට ඒ ගැන කිව්වේ.

ඒ කියන්නේ ප්‍රේමය බාධාවක් නැතුවම තිසුරි ජය ගත්තා?
ඒ ප්‍රේමය ටිකක් වෙනස් විදියේ එකක්.  දෙන්නම පුංචි කා‍ලේ ඉඳන්ම දන්නවානේ. හොඳ යාළුවෝ වගේ තමයි ආශ්‍රය කළේ. අදටත් ප්‍රේමවන්තයෝ වුණාට ඉන්නේ යාළුවෝ වගේ.

තිසුරිගේ ප්‍රේමවන්තයා තිසුරිගේ තාත්තා කරන රැකියාවම කරන කෙනෙක්ලු. ඇත්තද ඒ කතාව?
ඔව් ඔව්.

තාම බෑනා ගැන නම ගම විස්තරයක් කියන්න කැමති නෑ වගේ?
හදිස්සියක් නෑනේ. හෙමින් කියමු නේද?

අද හෙට දුව දීග දෙන්නේ නැද්ද?
ලබන අවුරුද්දේ තමයි ඒ කටයුතු එකලාසියක් කරන්නේ.

හොඳ බෑනෙකුත් ලැබුණා නම්, දුවත් කැමති නම්, වයසත් හරි නම් මොකටද තවත් පහු කරන්නේ?
හැමදේම වගේ මම සුබ නැකත් බලනවා. සුබම නැකත් තියෙන්නේ දෙන්නටම ලබන අවුරුද්දේ.

ඔබ හඳහන් විශ්වාස කරනවද?
ඔව්. අනිවාර්යයෙන්ම. විවාහයේදී නම් ඒක අනිවාර්යයි.

දැන් දෙන්නගේ හඳහන් ගැළපෙනවද?
අ‍පොයි ඔව්. හොඳටම ගැළපෙනවා.

හැමදේම හොඳ වෙලා තියෙද්දි වැරදිලාවත් හඳහන් නොගැළපුණා නම්?
එහෙනම් ඒ මංගල්‍යය කෙරෙන්නේ නෑ. රාජ කුමාරයෙක් ආවත් හඳහන් ගැළපෙන්නේ නැත්නම් ඒ මංගල්‍යය වෙන්නේ නෑ. පහුගිය කාලෙත් දුවට හොඳ මංගල යෝජනා ආවා. කොයිතරම් හොඳ වුණත් හඳහන් ගැළපුණේ නෑ. ඒ නිසා ඒවා යෝජනාවකට එහා ගියේ නෑ.

ඉන්නෙත් එක දුවයි. ඒ දුව දෙන්න හිත හදාගන්නේ කොහොමද?
මොනවා කරන්නද? ඒක ලෝක ස්වභාවය. දරුවන්ව හැමදාම අපි ළඟ තියාගන්න බෑනෙ. අමාරුවෙන් හරි හිත හදා ගන්නවා.

බෑනව බින්න බස්ස ගත්තා නම් හරිනේ. එතකොට දෙන්නම ගෙදර. අම්මගෙයි, දුවගෙයි දෙන්නගෙම හිතට සතුටුයිනෙ එතකොට?
මේ දේවල් දෝණිට ඇරෙන්න වෙන දෙන්න කෙනෙක් නෑනේ. ඒ නිසා අපි පුතාලාගෙ දෙමව්පියන්ටත් කිව්වා ඕනෑම නම් ටික දවසකට දෝණිව එහෙ තියා ගන්න ඊට පස්සේ ආයෙමත් දරුවෝ දෙන්නට අපේ ගෙදර ඉන්න දෙන්න කියලා.

මනමාලයාගේ පැත්තෙන් ඒ කොන්දේසියට කැමතිද?
කොන්දේසියක් නමෛයි ඒක ඉල්ලීමක් විතරයි. එයාලාගේ අකමැත්තක් නෑ. දරුවෝ දෙන්නා අපි එක්ක ඉඳියි.

විවාහයෙන් පස්සේ තිසුරි රංගනයෙන් ඈත් වෙන එකක් නෑනේ?
එහෙම තීරණයක් නෑ. විවාහයෙන් පස්සේ ඒ දෙන්නගේ ජිවිතේ ගැන එයාලා කතා බහ කරලා තීරණය කර ගනීවි. අපි මැදිහත් වෙන්නේ නෑ.

හිමේෂා සවන්ති රාජපක්ෂ

Page 1 of 3

IMAGE

රජිනිකාන්ත් යාපන සහ වවුනියා සංචාරයක

IMAGE 2017 Mar 23 16:40
උතුරේ ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද 150 කින් යුත් නව නිවාස ව්‍යාපෘති දෙකක් විවෘත කිරීම පිණිස දකුණු...
Views - 629

කූඹියෙක් කෑවත් මැරෙන්න පුළුවන්?

IMAGE 2017 Mar 22 16:01
කුහුඹුවකු කෑම හඳුන්වන්නේ ඉතා සුළු සිදුවීමක් ලෙසයි. නමුත් කුහුඹුවකු කෑ පසු වුව සම කැසීමට අමතරව...
Views - 2563

මහත්තයාගේ කාටවත් නොදෙන බෑග් එක

IMAGE 2017 Mar 22 09:04
පසුගිය දිනයක සැන්දෑ ඇඳිරියත් සමග අනුරාධපුරයෙන් කුරුණෑගල බලා ගමන් ඇරඹූ බස් රථයකි. අනුරාධපුර...
Views - 4249

'කිරියෙන් පැණියෙන්' සුභ පැතුමේ 'පැණි' යනු ලිංගිකත්වයයි

IMAGE 2017 Mar 21 11:40
“කිරියෙන් පැණියෙන් ඉතිරේවා”, “බත බුලතින් සරුවේවා” යන්න සෑම සිංහල අලුත් අවුරුද්දකදීම...
Views - 7241

වැඩිපුර ‘සෙල්ෆි’ ගැනීමත් මානසික ලෙඩක්ද?

IMAGE 2017 Mar 20 12:02
සෙල්ෆි (selfie)  යන ලෝ පතල නමින් හැඳින්වෙන ස්වයං ඡායාරූප (self  portrait) ගැනීම අද ලොව පුරා ශීඝ්‍රයෙන්...
Views - 2087

ආගමික ඡායාරූප වල සටහන් වන අද්භූත ආලෝක ලප දේවතා එළිද?

IMAGE 2017 Mar 20 09:56
ආගමික සිද්ධස්ථාන සහ ආගමික උත්සව පැවැත්වෙන ස්ථාන වල රාත්‍රී කාලයේ දී ගනු ලබන ඇතැම් ඡායාරූප වල...
Views - 2769

Please publish modules in offcanvas position.