Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දිසාපතිවරුන් 95කට සෙවන දුන් දිසාපති මැදුර

ප්‍රෞඪ අතීතයකට උරුමකම් කියන කෑගල්ල නගරයේ 1824 දී ඉදිකර ඇති කෑගල්ල මහා දිසාපති මැදුර ඉතා සොඳුරු දසුනකි. 
ආණ්ඩුවේ උප ඒජන්තවරයාට නිල නිවසක් කෑගල්‍ලේ ඉදිකිරීමට ගත් තීරණයක් අනුව 1824 දී කෑගල්ල මහා දිසාපති මැඳුර ඉදි කොට තිබේ. පසු කලෙක මෙය මහ රැජින විසින් කෑගල්ලට පත් කර තිබු ඒජන්තවරුන්ගේ නිල නිවස්න බවට පත්විය. 
කොළඹ - නුවර මහා මාර්ගය ඉදිකළ සමයේදී එහි නියමුවා වූ කැප්ටන් ඩෝසන් ද සිය රාජකාරි අතරතුර මෙම නිල නිවාසයේ නතර වී ඇත. පසු කලෙක පත්ව ආ දිසාපතිවරුන් අනූපස් දෙනකුගේ (95) නිල නිවහන වන්්නේ්ද මෙම මැඳුරයි. 
එහි මුල්ම දිසාපතිවරයා ලෙස 1845 දී ඉංග්‍රීසි උප දිසාපතිවරයකු වූ විලියම් බරිටන් තම නිවහන ලෙස භාවිත කොට ඇති අතර එතැන් සිට 1937 දක්වා ඉංග්‍රීසි ජාතික උපදිසාපතිවරුන් මෙම මැඳුර භාවිත කර ඇත. මෙම මැඳුර තම නිවහන ලෙස භාවිත කළ මුල්ම සිංහල උප දිසාපතිවරයා ලෙස 1937 දී ආර්. අලුවිහාරේ මහතා කටයුතු කොට ඇත. 
මෙම නිල  මැඳුර භාවිත කළද උප දිසාපතිවරුන් අතර 1946 දී ප්‍රථම ද්‍රවිඩ ජාතික උපදිසාපතිවරයා වූයේ කේ. කේ. කනක සුන්දරම් මහතායි. එසේම කාන්තා උප දිසාපතිවරිය ලෙස රන් මැණිකේ ගුණතිලක මහත්මිය 1991 දී මෙම මැඳුර නිල නිවහන ලෙස භාවිත කළාය. 
එම මැඳුර බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට ආවේණික ලක්ෂණ සහිතව ඉදිකර ඇති අතර මැඳුරේ ඉදිරිපස උසින්  අඩි විස්සක් පමණ වන කුළුණු දෙළහක් ද හරස් අතට කුළුණු පහ බැගින්ද පිහිටුවා ඇත. විශාල සාලයක් හා නිදන කාමර බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයේ අනන්‍යතාවය සුරැකෙන පරිදි ඉදිකොට තිබේ. එසේම දර්ශනීය ලෑලි සිවිලිම වහළය අලංකාර කොට ඇත. තවද විදුලි පංකා නිර්මාණයන් ආරම්භ ආරම්භ කළ අවධියේ යැයි සැලකිය හැකි විදුලි පංකාවන්ද මෙහි දක්නට ලැබේ. ප්‍රධාන මන්දිරය හා මුළුතැන්ගෙය සම්බන්ධ වන ආකාරයට අඩි හයක් පමණ උස විශාල කුලුනුු සම්බන්ධ කොට ඇති අතර  එම මුළුතැන්ගෙයම ගඩබා කාමර  ආදියද සතුවෙයි. 
එකල ඒජන්තවරුන් ගමන් බිමන් යාමට යොදාගත් අශ්වයන් බැඳ තබන මුදුව හා පාවහන්වල මඩ පිසින්නට ඉදිකළ ආධාරකයද මැඳුර ඉදිරිපස තවමත් දකින්නට ලැබෙයි. මෙහි තවමත් බ්‍රිතාන්‍ය උප ඒජන්තවරුන් කිහිපදෙනකුගේ ඉපැරණි ඡායාරූප මැඳුරේ පෞරාණික පෙනුම වඩාත් ඉස්මතු කරවන අතර එහි වටිනාකම ඉතා ඉහළ වෙයි. වත්මනෙහි මෙම නිල මැඳුර භාවිත කරනු ලබන්නේ කෑගල්ල මහ දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතාය. 
කෑගල්ල නගරයට ආසන්නයේම පිහිටා ඇති මෙම නිල මැඳුර වසර දෙසීයකට ආසන්න කාලයක් ආයු වළඳා තවත් වසර දෙසීයක් නිසලව විරාජමාන වීමට ශක්තියක් තිබිම එහි පේ‍රෟඪ බව කියාපාන්නකි. 
 
නයනාංග සෙනෙවිරත්න,උදුගොඩ 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 273

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 885

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 986

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1115

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 1558

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 2518

Please publish modules in offcanvas position.