lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

තෙවසරක ඇරඹුම

දහ නව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළාටත් වඩා දහ අට වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම මේ රටේ හැට දෙලක්ෂ පනස් දහසකගේ ජයග්‍රහණයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති තිරසර යුගයක තෙවසර ඇරඹුම උළෙලට සහභාගිවෙමිනි.
2015 ජනවාරි 08 පෙරළියට පෙරාතුව වසර ගණනාවක් පුරාම දහ අටේ ප්‍රතිවිපාක භුක්ති විඳින්නට සිදුවූයේ “හැට දෙලක්ෂ පනස් දහසට” පමණක්ම නොවේ. පැවැති පාලනයෙන් සමස්ත ලාංකීය ජනතාවටම විවිධ වූ තාඩන පීඩන හිංසනවලට මුහුණ දෙන්නට සිදුවිය.
පටු ජාතිවාදී ආගම්වාදී ආකල්පවලින් මිදී මිතුරු බැඳුම්වලින් ශක්තිමත් වූ ලාංකීය ජනතාවක් ලෙස නැගී සිටින්නට හැකි පසුබිමක් මේ රටේ නිර්මාණය වන්නට පටන් ගත්තේ, ජනවාරි 08 පෙරළියෙන් පසුවය. අල්ලස, දූෂණය, වංචාව, භීෂණය පිටු දැකීමේ අරමුණ මත මිසක විරුද්ධ මතධාරී දේශපාලනඥයන්ගෙන් පළිගැනීමේ ක්‍රමය මුළුමනින්ම අහෝසිකොට සම්මුති දේශපාලනයකට අවතීර්ණවීමට හැකිවීම නව ආණ්ඩුවේ පැහැදිලි ජයග්‍රහණයකි. මෙහිදී රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි ක්‍රියාකාරීන්ට පමණක් නොව සෙසු මුස්ලිම් හා ද්‍රවිඩ දේශපාලන පක්ෂවල උදවියටද, ජ.වි.පෙ වැනි සමාජවාදය අරමුණු කොට ගත් පක්ෂයකට ද එකට එක්වී කටයුතු කරන්නට පසුබිම ගොඩ නැගුණේද ජනතාව අපේක්ෂා කළ ප්‍රජාතන්ත්‍රීය දේශපාලන රාමුව කඩිනමින් නිර්මාණය වූ බැවිනි.
රට ණය උගුලක සිරකළ අයම, එයින් මුදවාගන්නට ගෙනෙන හැම සැලසුමක්ම කඩාකප්පල් කරන්නට සැරසෙති. හම්බන්තොට අර්බුදය ද එම උත්සාහයේම නිරූපණයකි. ජනාධිපතිවරයාම සඳහන් කොට ඇති පරිදි දහ අට අහෝසි කිරීම හැට දෙලක්ෂයකගේ ජයග්‍රහණය නම් එයම ඊට ටිකක් අඩු පිරිසකගේ පරාජයකි. ඒ පරාජිත පිරිසට නායකත්වය දුන් වැඩි පිරිසක් දැන් යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරුය. එහෙත් ඔවුනට ඡන්දය දුන් පිරිස තමන්ගේ නියෝජිතයන් සමග තවමත් සිටිනවාද යන්න ගැටලුවකි. මේ තත්ත්වය තුළ ආණ්ඩුවද ජනතා අපේක්ෂා ඉටුකිරීම සම්බන්ධව දැනට වඩා කාර්යක්ෂම විය යුතු බව පැහැදිලිය.
යහපාලනයට දෙවසරක් සපිරී ඇති මේ මොහොතේත් මුල් පෙළේ මැති ඇමැතිවරු අතර මතභේද ගොඩ නැගෙමින් පවතී. “අපේ වැඩේ අපි කරන්නම් බැරි නම් එළියට යන්නැ”යි කියන තරමටම ඇතැමුන්ට යහපාලනය අරහං වී ඇත. ගෙදර ප්‍රශ්න ගෙදරම විසඳාගත යුතුයැයි කතාවක් ඇත. එහෙත් ජනමාධ්‍ය අවදියෙන් සිටින නිසාත්, සුදු වෑන් සංස්කෘතිය වෙනස් වී තිබෙන නිසාත්, ගෙදර ප්‍රශ්නත් දැන් රටට යයි. හැංගි හොරා ගිවිසුම් ගහන්නට වැඩ කරන්නට දැන් ලැබෙන ඉඩ අඩුය. මේ නම් හොඳ තත්ත්වයකි.
මේ රටේ ජනතාව, පැවැති ආණ්ඩුව වෙනස් කරන්නට, තීරණය කළේ මූලික අපේක්ෂා කීපයක් ඇතිවය. එකක් නම් ආඥාදායක රාජාණ්ඩු පාලනයෙන් මිදී නිදහසේ බියක් සැකක් නැතිව ජීවත්වන්නටය. නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනභාවය සුරක්ෂිත කිරීම තවත් අපේක්ෂාවකි. නිසිකලට නිසි පරිදි ඡන්ද පවත්වා රට තුළ ප්‍රජා තන්ත්‍රීය වාතාවරණය තහවුරු කිරීම ද තවත් බලා‍පොරොත්තුවකි. ඡන්ද පැවැත්වීම බරපතළ අවුලක් වුණත් සෙසු අපේක්ෂා යන්තමින් හෝ ඉටුවීම සතුටකි.
ෙදෙනික ජීවන ගැටලුවලින් මිදී, හැකි විදියට කා බි ඇඳ පැළඳ සතුටින් ජීවත්වන්නට සුදුසු වාතාවරණයක් රට තුළ ඉක්මණින්ම ගොඩනැගීම අවශ්‍යය. ඖෂධ වර්ග කීපයක මිල හා පාරිභෝගික ද්‍රව්‍ය කීපයක මිල සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇතත්, අත්‍යවශ්‍ය වූ බත සපයා ගැනීම බරපතළ ගැටලුවක් වී පවතී. මැති ඇමැතිවරුනට මිසක රටේ සාමාන්‍ය ජනතාවට සහන සැලසීම ගැන ආණ්ඩුව දැක්වූ උනන්දුව මදි බව පැහැදිලිය.
ආණ්ඩුව පක්ෂ දෙකක ශක්තිය උරගා බලන උරගලක් නොවිය යුතුය. එය රටේ ‍පොදු ජනතාවගේ මුරගල විය යුතුය. මතෛක් ඉටු නොකොට කල් දමමින් සිටින ජනතා අපේක්ෂා ඉටු කරන්නට පියවර නොගතහොත් මුරගල වුවද පෙරළා දමන්නට ඔවුන් අරගල කරනු ඇත. පවතින ගැටලු පිළිබඳ පාලකයන් ඇස් පියාගෙන සිටියත් ජනතාව තවමත් අවදියෙන් සිටිති.
“තිරසර යුගයක තෙවසරක ඇරඹුම” ගතවූ දෙවසරෙහි දිගුවක් නොවී, ජනතා අපේක්ෂා මල්පල ගන්වන ඇරඹුමක් වීම අවශ්‍යමය. අපේ මෙන්ම සමස්ත ජනතාවගේ පැතුමද එය බවට සැකයක් නැත.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

විවාහය සතුටක් තනිකඩ ජීවිතය දුකක් ඒත් මම විවාහ වෙන්නේ නෑ

IMAGE 2017 Apr 23 18:12
“සතුටයි දුකයි“ අතර ගෙවී යන ජීවිතයේ අහුමුළු ස්පර්ශ කරන ‘සතුටයි දුකයි‘ කියන අපේ...
Views - 674

කුණු කන්දට විරුද්ධ වුණාම මට ගැහුවා, නඩු දැම්මා

IMAGE 2017 Apr 23 14:22
මීතොටමුල්‍ලේ කුණු කන්දේ මේ ඛිෙදවාචකය සිදු වන බවට කල් තියාම දැනගෙන හුන් පුද්ගලයෙක් හුන්නේය....
Views - 555

ශරීරයේ සීනි අඩුකරන 'මස්බැද්ද' ගැන රහසක්

IMAGE 2017 Apr 20 12:15
මගෙන් ප්‍රතිකාර ගන්නා රෝගියකුට දියවැඩියාව පාලනය කර ගැනීම පිණිස වන ඖෂධ සහ වෛද්‍ය උපදෙස් නියම...
Views - 29193

සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් නිදහස් වූ අපේ සූපවේදියා

IMAGE 2017 Apr 19 13:29
අපි අටදෙනාට පණ පිටින් ලංකාවට ඒමට අවස්ථාවක් ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. මට අද විශාල...
Views - 2492

මතුරට තරුණියට වතුපිටිවලින් හමුවූ ‘විස්මිත නෑයෝ’

IMAGE 2017 Apr 19 12:04
දිනය පසුගිය අප්‍රේල් දහසය වන ඉරිදාය. ස්ථානය වතුපිටිවල ප්‍රදේශයේ  නිවසකි. වේලාව පස්වරු දෙක...
Views - 6770

වැඩිපුර අවුරුදු කෑ සිවිල් ආරක්ෂක සෙබළා මරුට

IMAGE 2017 Apr 19 10:06
වැඩිමහල් සහෝදරයාගේ නිවසේ පැවැති අවුරුදු සාදයකට සහභාගි වී ප්‍රමාණය ඉක්මවා රාත්‍රී ආහාරය...
Views - 3296

Please publish modules in offcanvas position.