Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මේ මුළු රටම වාගේ විවිධාකාර ලෙඩ රෝගවලින් පෙළෙන කාල වකවානුවකි. උණ, සෙම්ප්‍රතික්ෂාව, කැස්ස වැනි රෝග බහුලව ඇති මෙවන් උණුසුම් සමයකට ගැළපෙන ආහාර වර්ග කීපයකි මේ. එසේම ආහාර පිළියෙල කිරීමේදී ගම්මිරිස්, ඉඟුරු, සුදුලූනු වැනි දේ යහමින් යොදා ගැනීම මේ කාලයට උචිතය. 
 
කැකිරි ඇඹුල
 
අවශ්‍ය ද්‍රව්‍ය
කැකිරි කිලෝග්‍රෑම් 1
කබ‍ලේ බැදගත් තුනපහ තේ හැඳි 3
කබ‍ලේ බැදගත් මිරිස් කුඩු තේ හැඳි 3
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
උළුහාල් තේ හැඳි 1/2
එන්සාල් කරල් 2ක්
කරාබුනැටි 3-4ක්
සිහින්ව කපාගත් රතුලූනු ග්‍රෑම් 100
ගොරකා ඉති 2-3ක්
සුදුලූනු බික් 3-4ක්
රම්පේ කැබැල්ලක්
කරපිංචා කිනිත්තක්
දියකිරි අඬු කෝප්ප 6
මිටිකිරි අඬු කෝප්ප 3 
රසට අනුව ලුණු
 
සාදන ආකාරය 
කැකිරිවල තිත්ත හැර, ඇට ඉවත් කර සෝදා තරමක ලොකු කැබැලිවලට කපා ගන්න. දැන් ‍පොත්ත තිබෙන 
පෘෂ්ඨය වෙන් නොවන සේ දිගට සහ හරහට ඉරි ගසා ගන්න. දැන් තරමක ලොකු ඇතිලියක් ගෙන එයට කැකිරි සහ මිටිකිරි හැර අනෙකුත් සියලුම කළමනා දමා හොඳින් මිශ්‍රකර ළිප තබා මදගින්දරේ පැයක් පමණ පිසෙන්නට හරින්න. හොඳින් තැම්බි ඉස්ම ගතිය අඩුවීගෙන එන විට මිටිකිරි දමා තෙල් පෑදෙන තුරු නැවත මදගින්දරේ ළිපේ තියෙන්නට හරින්න. 
 
වට්ටක්කා කළු‍පොල් මාලුව 
 
අවශ්‍ය ද්‍රව්‍ය
වට්ටක්කා කිලෝග්‍රෑම් 1
අබ ඇට තේ හැඳි 2
ගම්මිරිස් කුඩු තේ හැඳි 2
තුනපහ කුඩු තේ හැඳි 2
රසට අනුව ලුණු
කුඩා ඉඟුරු කැබැල්ලක්
සුදුලූනු බික් 2-3ක්
රතුලූනු ගෙඩි 2-3ක්
අමුමිරිස් කරල් 2 යි
කරපිංචා ඉත්තක්
සිහින්ව ගා ගත් ‍පොල් මේස හැඳි 3 
දියකිරි අඬු කෝප්ප 4
මිටිකිරි අඬු කෝප්ප 2
සහල් මේස හැඳි 1
 
සාදන ආකාරය 
සෝදාගත් සහල් සහ ‍පොල් කබ‍ලේ රන්වන් පාටට බැදෙන්නට හරින්න. දැන් එයට සුදුලූනු, ඉඟුරු, අබ, ගම්මිරිස්, තුනපහ කුඩු එකතු කොට කුඩා ගුලියක් සේ අඹරා ගන්න. එය පසෙකින් තබන්න. වට්ටක්කා ඇට ඉවත් කර තරමක කැබැලිවලට කපා ගන්න. දැන් රතුලූනු, අමුමිරිස් කපා දමන්න. ලුණු සහ දියකිරි ද කරපිංචා ද එකතු කොට ළිප තබන්න. වට්ටක්කා තැම්බි ඉස්ම ගතිය සිඳීගෙන එන විට මිටිකිරිවලට අඹරාගත් ගුලිය දමා නටවා දියකර ගන්න. 
 
දියලබු නියඹලාව 
 
අවශ්‍ය ද්‍රව්‍ය
දියලබු කිලෝග්‍රෑම් 1
සිහින්ව ගාගත් ‍පොල් ග්‍රෑම් 100
සුදුලූනු බික් 4 යි
කුඩා ඉඟුරු කැබැල්ලක්
අබ ඇට තේ හැඳි 1
රතුලූනු ගෙඩි 10ක් පමණ 
තුනපහ කුඩු තේ හැඳි 3
කහ කුඩු තේ හැඳි 1/2
පදමට ලුණු
දියකිරි අඬු කෝප්ප 4
මිටිකිරි අඬු කෝප්ප 1
රම්පේ කැබැල්ලක්
කරපිංචා කිනිත්තක් 
අමුමිරිස් කරල් 3 යි

අවශ්‍ය ද්‍රව්‍ය
 
මුරුංගා ග්‍රෑම් 500
කොස්ඇට ග්‍රෑම් 200
මිරිස් කුඩු තේ හැඳි 2
කහ කුඩු තේ හැඳි 1/2
අබ ඇට තේ හැඳි 1/2
අඹරාගත් ඉඟුරු ග්‍රෑම් 5
අඹරාගත් සුදුලූනු ග්‍රෑම් 5
සිහින්ව කපාගත් රතුලූනු ග්‍රෑම් 50 
තුනපහ කුඩු තේ හැඳි 1
මිටිකිරි අඬු කෝප්ප 4
දියකිරි අඬු කෝප්ප 4
කරපිංචා ඉත්තක් 
රසට අනුව ලුණු
තෙල් ස්වල්පයක් 
 
සාදන ආකාරය 
මුරුංගා ‍පොතු ඉවත් කර හොඳින් සුද්දකර අඟල් 2 පමණ කැබලිවලට කපා ගන්න. කොස් ඇට ටික තලා කුඩා කැබලිවලට සකසා, ‍පොතු හැර සෝදා ගන්න. දැන් මැටි ඇතිලියක් ගෙන එයට තෙල් ස්වල්පයක් දමා රත්වන විට තලාගත් ඉඟුරු, සුදුලූනු, කරපිංචා, අබ ඇට, කපාගත් රතුලූනු දමන්න. එයට කපාගත් මුරුංගා, කොස්ඇට කැබැලි, මිටිකිරි හැර අනෙක් සියලුම පහේ වර්ග සමග දියකිරි දමා හොඳින් තැම්බෙන්නට හරින්න. කොස්ඇට තැම්බි ඉස්ම හිඳීගෙන එද්දී මිටිකිරි දමා නටවා ගන්න. 

Page 7 of 7

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2459

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2402

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3911

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4447

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5278

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3130

Please publish modules in offcanvas position.

X

Right Click

No right click