Coss Ear2
lakbima.lk
COSS Ear 1

සිරුර සිසිල් කරන ව්‍යංජන වර්ග

මේ මුළු රටම වාගේ විවිධාකාර ලෙඩ රෝගවලින් පෙළෙන කාල වකවානුවකි. උණ, සෙම්ප්‍රතික්ෂාව, කැස්ස වැනි රෝග බහුලව ඇති මෙවන් උණුසුම් සමයකට ගැළපෙන ආහාර වර්ග කීපයකි මේ. එසේම ආහාර පිළියෙල කිරීමේදී ගම්මිරිස්, ඉඟුරු, සුදුලූනු වැනි දේ යහමින් යොදා ගැනීම මේ කාලයට උචිතය. 
 
කැකිරි ඇඹුල
 
අවශ්‍ය ද්‍රව්‍ය
කැකිරි කිලෝග්‍රෑම් 1
කබ‍ලේ බැදගත් තුනපහ තේ හැඳි 3
කබ‍ලේ බැදගත් මිරිස් කුඩු තේ හැඳි 3
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
උළුහාල් තේ හැඳි 1/2
එන්සාල් කරල් 2ක්
කරාබුනැටි 3-4ක්
සිහින්ව කපාගත් රතුලූනු ග්‍රෑම් 100
ගොරකා ඉති 2-3ක්
සුදුලූනු බික් 3-4ක්
රම්පේ කැබැල්ලක්
කරපිංචා කිනිත්තක්
දියකිරි අඬු කෝප්ප 6
මිටිකිරි අඬු කෝප්ප 3 
රසට අනුව ලුණු
 
සාදන ආකාරය 
කැකිරිවල තිත්ත හැර, ඇට ඉවත් කර සෝදා තරමක ලොකු කැබැලිවලට කපා ගන්න. දැන් ‍පොත්ත තිබෙන 
පෘෂ්ඨය වෙන් නොවන සේ දිගට සහ හරහට ඉරි ගසා ගන්න. දැන් තරමක ලොකු ඇතිලියක් ගෙන එයට කැකිරි සහ මිටිකිරි හැර අනෙකුත් සියලුම කළමනා දමා හොඳින් මිශ්‍රකර ළිප තබා මදගින්දරේ පැයක් පමණ පිසෙන්නට හරින්න. හොඳින් තැම්බි ඉස්ම ගතිය අඩුවීගෙන එන විට මිටිකිරි දමා තෙල් පෑදෙන තුරු නැවත මදගින්දරේ ළිපේ තියෙන්නට හරින්න. 
 
වට්ටක්කා කළු‍පොල් මාලුව 
 
අවශ්‍ය ද්‍රව්‍ය
වට්ටක්කා කිලෝග්‍රෑම් 1
අබ ඇට තේ හැඳි 2
ගම්මිරිස් කුඩු තේ හැඳි 2
තුනපහ කුඩු තේ හැඳි 2
රසට අනුව ලුණු
කුඩා ඉඟුරු කැබැල්ලක්
සුදුලූනු බික් 2-3ක්
රතුලූනු ගෙඩි 2-3ක්
අමුමිරිස් කරල් 2 යි
කරපිංචා ඉත්තක්
සිහින්ව ගා ගත් ‍පොල් මේස හැඳි 3 
දියකිරි අඬු කෝප්ප 4
මිටිකිරි අඬු කෝප්ප 2
සහල් මේස හැඳි 1
 
සාදන ආකාරය 
සෝදාගත් සහල් සහ ‍පොල් කබ‍ලේ රන්වන් පාටට බැදෙන්නට හරින්න. දැන් එයට සුදුලූනු, ඉඟුරු, අබ, ගම්මිරිස්, තුනපහ කුඩු එකතු කොට කුඩා ගුලියක් සේ අඹරා ගන්න. එය පසෙකින් තබන්න. වට්ටක්කා ඇට ඉවත් කර තරමක කැබැලිවලට කපා ගන්න. දැන් රතුලූනු, අමුමිරිස් කපා දමන්න. ලුණු සහ දියකිරි ද කරපිංචා ද එකතු කොට ළිප තබන්න. වට්ටක්කා තැම්බි ඉස්ම ගතිය සිඳීගෙන එන විට මිටිකිරිවලට අඹරාගත් ගුලිය දමා නටවා දියකර ගන්න. 
 
දියලබු නියඹලාව 
 
අවශ්‍ය ද්‍රව්‍ය
දියලබු කිලෝග්‍රෑම් 1
සිහින්ව ගාගත් ‍පොල් ග්‍රෑම් 100
සුදුලූනු බික් 4 යි
කුඩා ඉඟුරු කැබැල්ලක්
අබ ඇට තේ හැඳි 1
රතුලූනු ගෙඩි 10ක් පමණ 
තුනපහ කුඩු තේ හැඳි 3
කහ කුඩු තේ හැඳි 1/2
පදමට ලුණු
දියකිරි අඬු කෝප්ප 4
මිටිකිරි අඬු කෝප්ප 1
රම්පේ කැබැල්ලක්
කරපිංචා කිනිත්තක් 
අමුමිරිස් කරල් 3 යි
IMAGE

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 27

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2967

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 6217

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5199

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3113

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 3067

Please publish modules in offcanvas position.