lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

අලුත් අවුරුදු චාරිත්‍ර විධි සහ ඒවායෙහි අරුත දැන ගනිමු

කුණු මුත්තා පිදීම

නිවස හා මුළුතැන්ගෙය හොඳින් පිරිසිදු කර එකතුවන කුණුරොඩු කොළපතකට එකතුකොට ඊට උඩින් නිවුණු ලිප් අළු දමයි. අවුරුද්දට සාදන කැවිලි කීපයක්ද ඒ මත තබා ඒ සියල්ල ගෙවත්තේ කෙළවරක ගසක් යට තබයි. මෙලෙස කුණු නිවසින් පිටමන් කරන්නේ නිවසේ පිටුපස දොරෙනි. කුණු ඉවතට ගෙනයාමේදී “මුණිවත රැකීම” ද සිරිතකි. එය එක්තරා “කෙම්” ක්‍රමයකි. මෙම කාර්යයෙන් පසු ගෘහණිය අත් පා පිරිසිදු කරගෙන ඉදිරිපස දොරෙන් නිවසට ඇතුල්වේ.

තෙල් වළං ළිප තැබිම

අවුරුද්දේ තවත් වැදගත්ම සිරිතකි. අසල්වැසි නිවෙස්වල කාන්තාවන් එකතුවී තෝරාගත් ස්ථානයකදී නැකත් වේලාවට සුබ දිශාව බලා තෙල් වළඳ (තාච්චිය) ළිප තබයි. මුං කැවුම්, අතිරස, හැඳි කැවුම්, ආස්මි, කොණ්ඩා කැවුම්, නාරං කැවුම්, කොකිස් ආදී කැවිලි පෙවිලි සාදා ගැනීමේදී සිදුවන කතාබහ සහ ක්‍රියාවන් ඉතාමත් රසවත්ය. ගැමි ජීවිතයේ සාරවත් බවත් සහජීවනයත් විදහා දක්වන උතුම් සිරිතකි මේ.

මල් පැල සකස් කිරීම

අවුරුදු උදාවට පෙර “අවුරුදු කුමාරයා” පිළිගැනීම වෙනුවෙන් සිදු කරන සිරිතකි. ගොක් කොළයෙන් සකසා ගන්නා මල් පැල හිරු නැගෙන පැත්තට සිටින සේ ලී කණු තුනක හෝ හතරක රඳවයි. කොස් අතු රිකිල්ලක් මල් පැලෙහි දවටා මල් පහන් පූජා කර ඊට සුවඳ දුම් අල්ලයි. මෙම සම්ප්‍රදායික චාරිත්‍රය අදටත් නොකඩවාම සිදු කෙරේ.

නෑදෑ ගමන් යාම

පැරැන්නන් මෙය හැඳින්වූයේ “නෑ හිත්තෑව යාම” ලෙසිනි. දුර බැහැර සිටින නෑදෑයන්ට අලුත් සහලින් බතක් උයා මාළු පිනි සමග කැවිලි පෙවිලි ද තෑගි බෝගද ගෙන යාම මෙහිදී සිදුවේ. අතීතයේ තමා සන්තකයේ ඇති හරකුන්, ගොවි උපකරණ, භව බෝග අස්වැන්න, නව බිජ ආදිය පවා නෑදෑයින්ට තෑගි කිරීමට කරත්ත පුරවාගෙන නෑදෑ ගමන් ගිය බවද නොරහසකි. කලකට ඈත්ව සිටි පවුල්වල දරුවන්ට මෙය මහත් ප්‍රීතිජනක අවස්ථාවකි.

නව සඳ බැලීම

මෙය සඳට කෙරෙන ගෞරවයකි, බුහුමනකි. ඊට හේතුවන්නේ අපේ පැරැන්නන් සියලු ගොවිතැන් කටයුතු සිදුකළේ “චන්ද්‍ර මාස ක්‍රමය” මූලික කරගෙන වීමයි. නව සඳ දුටුවන් හූ කියමින් අත්පුඩි ගසමින් එම සිදුවීම සන්නිවේදනය කරති. මෙම අවස්ථාවේදී මී පැණි, සූකිරි වැනි පැණි රස යමක් රස බැලීමද පුරාණ චරිත්‍රයකි.

අවුරුදු බත

අවුරුදු බත පිසින්නේ මවයි. මේ සඳහා මවට සහය වන්නේ දියණිවරුන්ය. පියා සමග පුතුන්ගේ සහයද මේ සඳහා නොඅඩුව ලැබෙයි. අවුරුදු බතට එක් වන සිංහල අච්චාරුව සෑදීමටද පවු‍ලේ සැම එකතු වෙයි. කජු සහිත හත් මාලුවද අවුරුදු බතට එක් කරන්නේ මහඟු රසයකි. වටිනාකමකි. පියා මව සහ දූ පුතුන්ගේ සමගි සම්පන්න බව එකමුතුකම අවුරුදු බතින් නික්මෙන සුවඳේ රහසයි.

වැඩ ඇල්ලීම

අලුත් අවුරුද්දේ යෙදෙන නැකතට සිදු කෙරෙන තවත් වැදගත්ම චාරිත්‍රයකි. මල් පැල අසල සුරැකිව තැබූ උදැල්ල ගෙන බිම කොටා, කැත්තෙන් කිරි ගසක අත්තක් කපා වැඩ ඇරඹීම ඉතා සුබදායකය. සශ්‍රීකත්වය මෙමගින් සංකේතවත් වේ. තම තමන්ගේ රැකියා කටයුතු කරදරයකින් තොරව කරගෙන යාමට හැකිවේවායි මෙහිදී ප්‍රාර්ථනා කරයි. වැඩ ඇල්ලීම පියාගේ මූලිකත්වයෙන් මෙන්ම මවගේ මූලිකත්වයෙන්ද සිදුවේ.

ආහාර අනුභවය

වෙනදා පවු‍ලේ හැම ආහාර ගන්නේ විවිධ ස්ථානවලදී විවිධ කාල වේලාවන්වලදීය. “අවුරුදු කෑම මේසය” ඒ බාධා සියල්ල දුරු කරවමින් පවු‍ලේ සියලු දෙනාම එකම වේලාවක ආහාර අනුභවයට යොමු කරවයි. අවුරුදු කෑම මේසය ඉඳුල් වන්නේද නියමිත නැකතකට අනුවය.
මෙහිදී මුලින්ම කරන්නේ හිරු දෙවියන්ට කිරිබත් පිදීමයි. ඉන්පසු පවු‍ලේ ගෘහ මූලිකයා වන පියාටත් වැඩිමල් පුතුන්ට හා දියණියන්ටත් කෑම බෙදන අම්මා සමග එක්වන සියලු දෙන ආහාර අනුභව කරති. එහි අරමුණ නිරෝගී සම්පතයි.

හිස තෙල් ගෑම

ඉදිරි වසර පුරාම නිදුක් නිරෝගී සුව සම්පත අපේක්ෂා කිරීම නැකතට හිස තෙල් ගෑමෙන් අර්ථ ගැන්වේ. අදටත් වැඩි වශයෙන් මූලිකත්වය ලැබෙන්නේ ගමේ පන්ස‍ලේ නායක හාමුදුරුවන්ටයි. මෙහි මීළඟ මූලිකයා වන්නේ ගමේ සිංහල වෙද මහතායි. බොහෝ ඥානවන්ත, ඇසූපිරූ තැන් ඇති වැඩිහිටි පුද්ගලයින් අතින් හිසතෙල් ගෑමෙන් වසර පුරා නිරෝගී සම්පත ප්‍රාර්ථනා කෙරෙයි.එපමණක් නොව හෙළ ජනයා අවුරුදු සමයේ සිදු කරන බොහොමයක් ක්‍රීඩාවන් අපේ කාන්තාවන් මුල් කරගෙන සිදු කිරීම ගැනද කල්පනා කරනු වටී.
පංච කෙළිය, කජු කෙළිය, ඔංචිලි කෙළිය, ඔළිඳ කෙළිය, රබන් කෙළිය, කළගෙඩි සෙල්ලම, එළුවන් කෑම, පනා හැංගීම ආදී වූ ක්‍රීඩාවන්ගේ කැපී පෙනෙන්නේ කාන්තා චරිතයන්ය.
ඒ අතරම ආහාර සහ කැවිලි පෙවිලි අසල්වැසියන් අතර බෙදාදෙමින් සුහදතාවයන් අලුත්කර ගැනීම, නිවසට පැමිණෙන නෑදෑ හිතමිතුරන්ට සංග්‍රහශීලී වීම, මව්පිය නැමැදුමට සිය දූ දරුවන් යොමු කිරීම ආදී සමස්ත අවුරුදු චාරිත්‍ර අපූරුවට මෙහෙයවන්නේ අපගේ කාන්තාවයි. කොටින්ම අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේ පුරෝගාමිත්වය දරමින් “නැකත් කිරිබත” පිසින්නේද නැකතට ළිපගිනි මොලවන්නේද ඇයයි.
සිංහල අවුරුද්ද තුළ කාන්තාවටද ඉහළම තැනක් ලැබි ඇති බව මෙයින් පැහැදිලිවේ.

රඹුක්කන කීර්ති එස්. කුමාර

IMAGE

රට වෙනුවෙන් මම සූදානම් - විජේවීරගේ පුත් උවිඳු

IMAGE 2017 Apr 30 11:59
ලංකාවේ බොහෝ දේශපාලනඥයන්ගේ දූ දරුවන් ගැන රටේ තොරතුරු ප්‍රකටය. ඔවුන් ගමන් කරන්නේ සිය...
Views - 1644

තාත්තා මැරෙන බව දන්නවා නම් ඒ බෝම්බයට පනින්නේ මම

IMAGE 2017 Apr 30 11:46
හිටපු ජනපති ආර්.ප්‍රේමදාසගේ විසිහතරවැනි ගුණ සැමරුම හෙට (01)ට යෙදී තිබේ. ඒ නිමිතිකොට මේ සිය පියා...
Views - 1359

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 10968

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1602

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4876

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 3312

Please publish modules in offcanvas position.