lakbima.lk
සිසුන්ගේ යහපතට යෙදවූ බස් රථයට විරුද්ධව වර්ජනයක්
2013 ජුනි 19 04:05 p.m
පාසල් සිසුසැරිය බස් රථයක් මොනරාගල බුද්දම මාර්ගයේ අලුතින් යෙදවීම සම්බන්ධව විරෝධය පළකරමින් එම මාර්ගයේ ගමන්ගත් බුද්දම පෞද්ගලික බස් රථ සියල්ල අද (19) දින මගී ප්‍රවාහන කටයුතු වලින් වැළකී වර්ජනයක් ආරම්භ කළහ. මොනරාගල බුද්දම මාර්ගයේ පෞද්ගලික බස්රිය දිනකට ගමන්වාර 28 ක් ධාවනය කෙරේ මෙම බස්රථ වර්ජනය නිසා අද දිනයේ පැවති සියඹලාණ්ඩුව සතිපොළට, 6 කණුව බුද්දම කොස්ගස්පිටිය, 9 කණුව ආදි ප්‍රදේශවලින් පැමිණි විශාලඅංශාධිපතිට පිහියෙන් ඇන දොස්තර නිදිපෙති බොයි
නාවල විවෘත විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ අංශාධිපති යශෝදරා කදිරගාමර් තම්බි මහත්මියට අද (18) විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී පිහියෙන් ඇන තුවාල කළ නීති ශිෂ්‍යයා වෛද්‍යවරයෙකු බව පොලිස් පරික්ෂණවලින් අනාවරණය වී තිබේ. ශිවඥාණ සුන්දරම් සුරන්ජිත් නැමැති ඔහු යාපනයේ අයෙක් බවත්, නාවල විවෘත විශ්ව විද්‍යාලයට අතුලත්ව නීති උපාධිය හදාරමින් සිට ඇති බවත් මහ කොළඹ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා සඳහන් කළේය.
නුවර එළිය පවුල් 392ක් මහ වැස්සෙන් අවතැන්
2013 ජුනි 19 03:50 p.m
නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ නුවරඑළිය දිස්ත්‍රිකයේ නිවාස දෙසිය හැට පහකට පමණ අර්ධහානි සිදුව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහාකාර අධ්යක්ෂ මුදිත මංජුල මහතා පවසයි. පසුගිය 10 වන දින සිට 16 වන දින දක්වා පැවැති වැසි සහිත කාලගුණික තත්ත්වය මත මෙම හානි සිදුව ඇති බවත් මෙම හේතුවෙන් එක අයෙකු මියගොස් පවුල් තුන්සිය අනූදෙකකට අයත් සාමාජිකයින් එක්දහස් හයසිය තිස් එකක් අවතැන්ව ඇති බවද ඔහු පවසයි.
සුදත් සෙල්ලහේවා - හැටන්
නෙරපූ මන්ත්‍රීන්ගේ නම් ඡන්ද කොමසුරුට යවයි:අලුත් අය පත්කරන බවත් කියයි
2013 ජුනි 19 02:55 p.m
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක, දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන් හා පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් අට දෙනා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපු බව පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත අද (19) දැනුම් දී ඇත. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා මෙම දැනුම්දීම කර ඇත්තේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීන්දුව අනුවය.
රෝගී දරුවන්ට අලුත් ඇඳක්
2013 ජුනි 19 01: 45 p.m
රෝගී දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා නව ඇදක් නිර්මාණය කිරීමට රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ තීරණය කර ඇත. දැනට රෝහලේ පවතින ඇදවල් දරුවන්ගේ සෞඛ්‍යයට බාධා පැමිණෙන බැවින් හා රෝගී දරුවන් අසල සිටින මව්වරුන්ගේ ශබ්ර සෞඛ්‍යයට හිතකර අන්දමින් මෙම නව ඇද නිර්මාණය කරන බව ඔහු පැවසුවේය.
විවෘත විශ්ව විද්‍යාලයේ නීති පීඨාධිපතිනියට පිහියෙන් ඇනලා
නාවල විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පිඨාධිපතිනියට අද (19) දහවල් එහි සිසුවකු විසින් පිහියකින් ඇන තුවාල සිදුකර තිබේ. මෙම සිසුවා පීඨාධිපතිනියගේ නිල කාමරයට පැමිණ ඇති බවත්, එහි දී සිදුවූ කිසියම් සිදුවීමකින් පසු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් ආරංචි මාර්ග පවසයි. පීඨාධිපතිනියගේ ගෙළට පිහි පහරවලින් තුවාල සිදුවී ඇතැයි වාර්තා වේ. නිල මැදිරියේ ඇය සිටි ස්ථානයේ කෙස් රොදවල් සහ රුධිරය විසිරී තිබෙනු දකින්නට ලැබෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
මාරවිල අනතුරින් මරණයක්
2013 ජුනි 19 01:05 p.m
හලාවත - මීගමුව මාර්ගයේ මාරවිල,ලංසිගම ප්‍රදේශයේදී ඊයේ (18) යතුරු පැදි දෙකක් මුහුණුට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කළ එක් යතුරු පැදිකරුවෙකු මිය ගොස් ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ නාත්තන්ඩිය - පහල වලහාපිටිය පදිංචිව සිටි ජේ.ඒ.දිනුෂ ප්‍රියන්ත නම් අයෙකි. මීගමුව දෙස සිට හලාවත දෙසටත්,හලාවත දෙස සිට මීගමුව දෙසටත් අනතුරට සම්බන්ධ යතුරු පැදි දෙක ගමන් කරමින් තිබී ඇත.
එක්නැලිගොඩ ප්‍රංශයේදී දැක්ක යයි කියන මන්ත්‍රි අරුන්දිකට නොතීසි
පුත්තලම් දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දු මහතාට අද (19) හෝමාගම මහේස්ත්‍රාත් වයි.අර්.බී.නෙලුම්දෙනිය මහත්මිය විසින් සිතාසි නිකුත් කළාය. ඒ,ප්‍රදීප් එක්නැළිගොඩ ජනමාධ්‍යවේදියා පිළිබඳ නඩුවේ සාක්කි දීම සඳහාය. පසුගියදා අරුන්දික මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ තමන් ප්‍රංශයට ගිය අවස්ථාවකදී මංජුල වෙඩිවර්ධන නැමැති හිටපු ජනමාධ්‍යවේදියකු විසින් එක්තරා අවස්ථාවකදී ප්‍රදීප් එක්නැලිගොඩ නැමැති අයෙක් තමන්ට හඳුන්වා දුන් බවයි.
විජිත හිමි උපවාසය සමග දේශපාලනයත් අත්හරී
ඉල්ලීම් හයක් මුල්කර ගෙන පසුගිය (17) දා උදේ මහියංගන නගරයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කළ මහියංගන ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වටරැක විජිත හිමියෝ සිය උපවාසය අතහැර ඇති අතර මේ වන විට උන්වහන්සේ රෝහල්ගත කොට තිබේ. කෙසේ වෙතත් උන්වහන්සේගේ ඉල්ලීම් සම්බන්ධව කිසිදු ප්‍රථිචාරයක් කිසිවෙකුගෙන් ලැබී නැති බව වාර්තා වන අතර විජිත හිමියෝ ප්‍රකාශ කළේ තමන් සියලු දේශපාලන කටයුතුවලින් ඉවත්වන බවත්, ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී ධූරය අත්හරින බවත්ය.
වැඩ බලන විදුහල්පතිට එරෙහිව ශ්‍රී ක්‍රිෂ්ණා විදුහලේ විරෝධතාවක්
කහවත්ත ශ්‍රි ක්‍රිෂ්ණා දෙමළ විදුහලේ සිසුන් 1500ක් පමණ හා ගුරුවර ගුරුවරියන් බොහෝ දෙනෙක් පංති කාමරවලින් පිටතට පැමිණ විරෝධතාවක ආරම්භ කර තිබේ. ඒ, මෙම විදුහලේ වැඩ බලන විදුහල්පතිවරයා වශයෙන් පාසලේ ගුරුවරයකු පත්කර එවීම සම්බන්ධයෙනි. මෙම විදුහලේ විදුහල්පතිවරයාට එරෙහිව ඊයේ (18) දහවල් රත්නපුර නව නගරයේ පිහිටි පළාත් සභාව ඉදිරිපිට දී ගුරුවරුන් විසින් උද්ඝෝෂණයක් පවත්වා ඇත. ඒ , විදුහල්පතිවරයා වංචා හා දූෂණ කිහිපයකට සම්බන්ධ බවට චෝදනා කරමින්ය.
හෙරොයින් කිලෝවක් සමග තිදෙනෙක් අල්ලති
අද (19) අළුයම මහරගමදී ත්‍රිරෝද රථයක් පරීක්ෂා කළ විශේෂ කාර්ය බලකායට අයත් බුද්ධි සහ විශේෂ මෙහෙයුම් ඒකකය හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 09ක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් බර මැනීම සඳහා පාවිච්චි කරන කුඩා තාරාදියක් , ඔවුන් සතුව තිබූ රුපියල් 65000ක මුදලක් ද තිබී අත්ඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය විසින් වැඩිම හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් අවස්ථාවක් ලෙස මෙම වැටලීම සැලකේ.
පළාත් සටනට වයඹත් ලෑස්තියි
වයඹ පළාත් සභාව ඕනෑම අවස්ථාවක විසුරුවා හරින ලෙස ඉල්ලා ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මහතා ආණ්ඩුකාරවරයාට දැනුම් දී තිබේ.මේ අනුව ඉතාම නුදුරේදී එම පළාත් සභාව විසිරුවා හරිනු ඇති බව පැවසේ. මේ අතර මධ්‍යම පළාත් සභාව විසුරුවන්නට අදාල නිර්දේශ ප්‍රධාන අමාත්‍යවරයා විසින් ආණ්ඩුකාරවරයාට දැනටමත් භාරදී තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා
13 ට සංශෝධන එපා ඉන්දියාව අවධාරණය කරයි
දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට හෝ ඒ සඳහා නැවත සංශෝධන ගෙන ඒමට උත්සාහ කිරීම වරදක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා අවධාරණය කර සිටී. ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලන පක්ෂ 13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට උත්සාහ දරමින් සිටින බව ඉන්දීය ඩී.එම්.කේ. පක්ෂයේ නායක එම්. කරුණානිධි වෙත ලිපියක් යොමු කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා සඳහන් කර ඇත.
උපවාස කරන වටරැක හිමිට අසනීපයි
2013 ජුනි 18 04:25 p.m

විදුලි බිලට එරෙහි පෙත්සම ඉවතට
2013 ජුනි 18 04:20 p.m
රජය විසින් ඉදිරිපත් කරනු ලැබූ නව සංශෝධන ගාස්තු යටතේ ඉහත දමන ලද විදුලි ගාස්තු වලට එරෙහිව මානව හිමිකම් හා සංවර්ධනය සඳහා වූ නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද (18) නිශ්ප්‍රභා කළේය. අගවිනිසුරු මොහාන් පීරිස් ප්‍රියසාද් ඩෙප් හා රෝහීණී මාරසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබාදුණි.
“සිගරට් කාටුන්වල රූපමය අවවාද ඇතුල් කිරීම”පිළිබඳ තීන්දුව කල් තබයි
2013 ජුනි 18 04:15 p.m
සිගරට් කාටුන්වල රූපමය අවවාද ඇතුළත් කිරීමට එරෙහිව ලංකා දුම්කොළ සමාගම විසින් ශේෂ්ඨාධිකරණයේ පවරා තිබූ නඩුවේ තීන්දුව ඊයේ ලබාදීමට තිබුණ මුත් එය ජුලි 25 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඊවා වනසුන්දර, සත්‍යා හේට්ටිගේ, ඒ.එම්.මර්සුෆ් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැණුනි. සිගරැට් කාටුන්වල දුම්බීම ශරීරයට අහිතකර බව හැඟවෙන අවවාදාත්මක රූප රාමු හා වාක්‍ය සිගරැට් පැකට් වලින් ඉවත් කරන ලෙස ඉල්ලා දුම්කොළ සමාගම මින් පෙර අභියාචනාධිකරණයේ පවරා තිබූ නඩුව ඉවත දමන ලදී.
වැඩබිම්වල මදුරු තවාන දමන අයට වැඩ වරදී
2013 ජුනි 18 04:10 p.m
නාගරික සංවර්ධන අධිකාරියට අයත් වැඩබිම් ඇතුළු ගොඩනැගිලි ඉදිකරන ස්ථානවල මදුරුවන් බෝවිය හැකි පරිසරයන් නිර්මාණය වී ඇත්නම් එවැනි වැඩබිම්වල කොන්ත්‍රාත්කරුවන්ට ලබා දෙන බලපත්‍රය අවලංගු කරන ලෙස කොළඹ නගර සභාව නාගරික සංවර්ධන අධිකාරියට නිර්දේශ කිරීමට තීරණය කර ඇත. මේ වන විට කොළඹ නගරයේ ඉදි කරමින් පවතින ගොඩනැගිලි වල මදුරුවන් බෝවීමේ පරිසරයන් නිර්මාණය වී ඇති බව කරන ලද පරීක්ෂණ වලදී හෙලිව ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා සඳහන් කළේය.
එහෙම ආණ්ඩුවක ඉන්න එකගැන අපිට තවදුරටත් හිතන්න වෙනවා
- ඇමති විමල් කියයි
“තානාපති කාර්යාල වලට සින්න වෙච්ච දේශපාලන කල්ලි පරාජය කරලා ජාතියේ බලපෑම ඉහලට තබලා සැත්තැම්බරයේ ඡන්දය පවත්වනවා නම්, ඉඩම් පොලිස් බලය, පාර්ලිමේන්තුවේ අතපය බඳින පළාත් සභා බලය, ඒ විතරක් නෙවෙයි පළාත් සභා දෙක තුන ඒකාබද්ධ කරන බලය, බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන බලය වහාම සංශෝධනය කරන්න ඕණේ. එහෙම සංශෝධනය නොකර නම් පළාත් සභා ඡන්දය තියන්නේ, එහෙම ආණ්ඩුවක කොච්චර දුරක් අපිට යන්න පුළුවන්ද කියන එක තීරණය කරන්න වෙනවා.
ප්‍රාදේශීය සභා මන්ත්‍රිගේ චණ්ඩි පුතා විදුහල්පතිට ගහන්න පැනලා නිවන්තකචේතිය විදුහල නොසන්සුන්
2013 ජුනි 18 12:50 p.m

More Articles...
Page 1 of 49
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>
නමුනුකුල, තැන්නේකුඹුර කණිෂ්ඨ විදුහලේ සිසුන් පිරිසක් රැගෙන චාරිකාවකට සහභාගි වී ආපසු එමින් තිබූ පුද්ගලික බස් රථයක් සීතාඑළිය, පොල්ගහකන්ද මාරක වංගුවේදී ආරක්ෂිත වැටත් කඩාගෙන අඩි සියයක් පමණ පහළ පිහිටි සීතාඑළි ඇලට පෙරැලී තිබේ. මෙම මාරක අනතුර සිදු වී ඇත්තේ අද (19) සවස 3.45ට පමණය.



මන්ත්‍රීවරයා විසින් දණ ගැස්වූ ගුරුවරියගේ පාසලේ විදුහල්පතිවරයා තමන් වූවා නම් 











චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තයට එරෙහිව ඕවල් පිටියේදී විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට සමත්විය. නවසීලන්තයට පරාජය වූ ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව ලකුණු 293 ක ඉලක්කයක් හඹා යමින් ජය ගෙන ‘ඒ’ කොටසින් අවසන් පූර්ව වටයට පිවිසීමේ සටන තවත් උණුසුම් කිරීම කැපී පෙනුණි.
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු අලුත් කර ගැනීමට සමත්විය.




BlackBerry
මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ටෙලිකොම් රේන්බෝ පේජස් විසින් නව සංචාරක නාමාවලියක් පසුගියදා එළිදක්වනු ලැබිය. මෙම සංචාරක නාමාවලිය බෙදා හැරීම සංකේතවත් කරමින් එහි පිටපතක් පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේ සංවිධානය
මාතලේ රජයේ පිළිගත්
අප රටේ ඇතැම් ප්‍රධාන 


නෙතුකි දුව අපි ඉස්සරහ වාඩිවෙලා හිනාවෙනවා. දැන් ඇගේ වයස අවුරුදු 2යි. මේ වයසේ ඉන්න දරුවෝ හුඟක් හුරතල්. නෙතුකි දුව තුළිනුත් ඒ බව හොඳින් පෙනෙනවා.



ඇයි ඔබ ඉකුත් සතියේ හදිසියේම චීනයට ගියේ?